ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp20 අංක 2 6-7 පි.
  • දේවරාජ්‍යයේ රජු කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේවරාජ්‍යයේ රජු කවුද?
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සුදුසුම පාලකයා යේසුස් ක්‍රිස්තුස්
  • ලෝකෙටම එක පාලකයෙක් අවශ්‍යමද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ රාජ්‍යය අපිට ඕනෙ කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • දෙවියන්ගේ රාජ්‍යය ගැන සත්‍යය
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දේවරාජ්‍යය ගැන
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp20 අංක 2 6-7 පි.
යේසුස් දණගසා ගෙන මහලු කාන්තාවක්ව සුව කරනවා. හැම වයසකම ඉන්න අය යේසුස් වෙතට එනවා.

දේවරාජ්‍යයේ රජු කවුද?

දේවරාජ්‍යයේ රජ විදිහට පත් කරන කෙනාව හඳුනගන්න උදව් වෙන තොරතුරු දෙවියන් බයිබලයේ කලින්ම සඳහන් කරලා තිබුණා. ඒ පාලකයා ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි.

  • ඔහුව තෝරන්නේ දෙවියන් විසින්මයි. “මා තෝරාගත් තැනැත්තාව මම රජකමට පත් කළෙමි . . . මම සියලු ජාතීන්ව ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි. පොළොවේ කෙළවර දක්වා තිබෙන සෑම දෙයක්ම ඔබට ලබා දෙන්නෙමි.”—ගීතාවලිය 2:6, 8.

  • ඔහු පැවතෙන්නේ දාවිත් රජුගේ පෙළපතින්. “අපට ළදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙකු දෙන ලද්දේය. . . . ඔහු දාවිත්ගේ සිංහාසනය මත හිඳ . . . සදහටම තම බලය පිහිටුවනු ඇත. ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.”—යෙසායා 9:6, 7.

  • ඔහු ඉපදෙන්නේ බෙත්ලෙහෙමේ. “බෙත්ලෙහෙම් එෆ්‍රාතා! . . . පාලනය කිරීමට නියමිත තැනැත්තා පැමිණෙන්නේ ඔබගෙන්ය. . . . ඔහුගේ පාලනය පොළොවේ දසත පැතිරෙයි.”—මීකා 5:2, 4.

  • ඔහුව මිනිසුන් ප්‍රතික්ෂේප කරලා මරලා දානවා. “අපි ඔහු ගැන කිසිදු තැකීමක් නොකර ඔහුව හෙළාදුටුවෙමු. . . . ඔහුට හෙල්ලයෙන් තුවාල කරනු ලැබුවේ අපේ පාප නිසාය. අප කළ වැරදි නිසා ඔහු දරුණු ලෙස දුක් පීඩා වින්දේය.”—යෙසායා 53:3, 5.

  • ඔහුව මරණයෙන් නැවත නැඟිටුවලා ගෞරවයට පත් කරනවා. “ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත. ඔබට පක්ෂපාත තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත. . . . ඔබේ දකුණු පැත්තේ සිටීමෙන් මට සැමදාටම සතුට ලැබෙන්නේය.”—ගීතාවලිය 16:10, 11.

සුදුසුම පාලකයා යේසුස් ක්‍රිස්තුස්

ඒ හැම තොරතුරක්ම හොඳින්ම ගැළපෙන්නේ එකම එක පුද්ගලයෙක්ට විතරයි. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස්. ඒ වගේම දේවදූතයෙකුත් යේසුස්ගේ මව වුණු මරියාට මෙහෙම කියලා තියෙනවා. “දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ සිංහාසනය ලබා දෙයි. . . . ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැහැ.”—ලූක් 1:31-33.

මේ පොළොවේ ඉද්දී යේසුස් මිනිසුන්ව පාලනය කළේ නැහැ. හැබැයි ඉදිරියේදී දේවරාජ්‍යයේ රජු විදිහට ඔහු ස්වර්ගයේ ඉඳන් මේ පොළොව පාලනය කරන්න යනවා. පාලනය කරන්න සුදුසුම කෙනා යේසුස් කියලා කියන්නේ ඇයි? ඒක තේරුම්ගන්න මේ පොළොවේ ඉද්දී ඔහු කරපු දේවල් ගැන අපි බලමු.

  • යේසුස් මිනිසුන් ගැන අවංකවම සැලකිලිමත් වුණා. කෙනෙක්ගේ තත්වය, පසුබිම මොකක් වුණත් බාල මහලු, ස්ත්‍රී පුරුෂ හැමෝටම යේසුස් උදව් කළා. (මතෙව් 9:36; මාක් 10:16) දවසක් ලාදුරු රෝගියෙක් ඇවිත් “ඔබ කැමති නම් ඔබට පුළුවන් මාව පවිත්‍ර කරන්න” කියලා කිව්වාම යේසුස් අනුකම්පාවෙන් පෙලඹිලා එයාව සුව කළා.—මාක් 1:40-42.

  • දෙවියන්ව සතුටු කරන්න පුළුවන් කොහොමද කියලා යේසුස් ඉගැන්නුවා. ඔහු මෙහෙම කිව්වා. “දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.” ඒ වගේම අනිත් අය තමන්ට සලකනවාට කැමති විදිහටම අනිත් අයට සලකන්න කියලත් ඔහු කිව්වා. ඒ උපදෙස හඳුන්වන්නේ රන් අණ කියලයි. ඒ වගේම යේසුස් පැහැදිලි කළා අපි කරන දේවල් ගැන විතරක් නෙවෙයි අපේ සිතුවිලි ගැනත් දෙවියන් සැලකිලිමත් වෙනවා කියලා. ඒ නිසා දෙවියන්ව සතුටු කරන්න නම් අපි අපේ සිතුවිලි පාලනය කරගන්න ඕනේ. (මතෙව් 5:28; 6:24; 7:12) සැබෑ සතුට අද්දකින්න නම් දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා ඉගෙනගෙන ඒ දේවල් ජීවිතයට අදාළ කරගන්න ඕනෙ කියලා යේසුස් කාවැද්දුවා.—ලූක් 11:28.

  • ආදරේ කරන්න පුළුවන් කොහොමද කියලා යේසුස් ඉගැන්නුවා. යේසුස් කියපු කරපු දේවල් ඔහුට සවන් දීපු අයගේ හිත්වලට තදින්ම කාවැදුණා. “සමූහයා ඔහු උගන්වන ආකාරය ගැන මවිත වුණා.” මොකද ඔහු ඉගැන්නුවේ ‘දෙවි මත රඳා සිටිමිනුයි.’ (මතෙව් 7:28, 29) යේසුස් ‘සතුරන්ට ප්‍රේම කරන්න’ කියලා ඉගැන්නුවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ මරණයට වග කියන්න ඕන සමහර අය වෙනුවෙන් පවා යාච්ඤා කරමින් මෙහෙම පැවසුවා. “පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න. මන්ද ඔවුන් කරන දේ ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ.”—මතෙව් 5:44; ලූක් 23:34.

මිනිසුන්ව පාලනය කරන්න ඕන කරන හැම සුදුසුකමක්ම තියෙන්නේ යේසුස්ට. ඕනම වෙලාවක උදව් කරන්න සූදානමින් ඉන්න ඔහු හරිම කාරුණික කෙනෙක්. ඔහු පාලනය කරන්න පටන්ගන්නේ කවදාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න