ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 5/15 13 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • කුරුසය
    2017 පිබිදෙව්!
  • ඔබ දැන සිටියාද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබ දැන සිටියාද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිර්දෝෂ රජෙක් වධකණුවේ වේදනා විඳියි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 5/15 13 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ඊශ්‍රායෙල්වරුන් අපරාධකරුවන්ව මරණයට පත් කළේ කණුවක එල්ලලාද?

අතීතයේ හිටපු හුඟක් ජාතීන් සමහර අපරාධකරුවන්ව මරණයට පත් කළේ කණුවක එල්ලලයි. ඒ වගේ අපරාධකරුවන්ව රෝමවරුන් එල්ලුවේ කණුවක ගැටගහලා නැත්නම් ඇණ ගහලා. ඒ වරදකරුවා වේදනාවෙන්, තිබහෙන්, බඩගින්නෙන් සහ අධික රස්නය හෝ සීතල නිසා දවස් කිහිපයක් දුක් විඳලා අන්තිමේදී මිය ගියා. ඒ විදිහට කණුවක එල්ලලා කෙනෙකුව මරණයට පත් කිරීම, කෙනෙක්ව අවමානයට පත් කරන දඬුවමක් ලෙස රෝමවරු සැලකුවා. ඒ නිසා දරුණුතම අපරාධකරුවන්ට තමයි ඒ වගේ දඬුවමක් නියම වුණේ.

පුරාණයේ හිටපු ඊශ්‍රායෙල්වරුන් කළේ මොකක්ද? දෙවි දුන්න නීතියේ මෙහෙම සඳහන් වුණා. “කෙනෙක් මරණ දණ්ඩනය ලබන්න තරම් සුදුසු වරදක් කළොත් ඔහුව මරා ඔහුගේ සිරුර ලී කණුවක එල්ලා තැබිය යුතුයි. ඒ තැනැත්තා දෙවිගෙන් ශාප ලැබූ නිසා ඔහුගේ මළ සිරුර කණුවක එල්ලා තැබිය යුතුයි. නමුත් ඒ මළ සිරුර මුළු රාත්‍රිය පුරාම ඒ කණුවේ එල්ලා තබන්න එපා. ඔහුව ඒ දවස ඇතුළත තැන්පත් කරන්න.” (ද්වි. 21:22, 23) ඊශ්‍රායෙල්වරුන් මරණ දණ්ඩනය ලබන්න තරම් සුදුසු වරදක් කරපු කෙනෙක්ව කණුවක එල්ලුවේ ඔහුව මරණයට පත් කළාට පසුව කියලා ඒකෙන් පැහැදිලියි.

ලෙවී කතාව 20:2හි මේ වගේ දෙයක් කියනවා. “ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙකු හෝ ඊශ්‍රායෙල් දේශයෙහි ජීවත් වන විදේශිකයෙකු හෝ තම දරුවන්ව මෝලෙක්ට පූජා කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. දේශයේ වැසියන් ඔහුට ගල් ගසා ඔහුව මරා දැමිය යුතුයි.” ‘මන්තර ගුරුකම් කරන නැත්නම් ශාස්ත්‍ර කියන පුරුෂයෙක් හෝ ස්ත්‍රියක්’ ඔවුන් අතර හිටියා නම් ඔවුන්වත් මරණයට පත් කරන්න අවශ්‍ය වුණා. කොහොමද? “ඔවුන්ට ගල් ගසා මැරිය යුතුයි” කියා දෙවි පැවසුවා.—ලෙවී. 20:27.

ද්විතීය කතාව 22:23, 24හි කියන දේ බලමු. “යම් කෙනෙක් වෙනත් පුරුෂයෙකු සමඟ විවාහ වීමට ගිවිසගෙන සිටින තරුණියකව නුවරේදී දැක ඇය සමඟ අනාචාරයේ හැසිරුණොත් ඔවුන් දෙදෙනාවම එම නුවරේ දොරටුවෙන් පිටතට ගෙනැවිත් ගල් ගසා මරා දැමිය යුතුයි. ඒ තරුණිය වරදකාරියක් වන්නේ ඒ අවස්ථාවේදී ඇය කෑගසා නුවරේ සිටි අයට ඒ ගැන හෙළි නොකළ නිසයි. පුරුෂයා වරදකරුවෙක් වන්නේ ඔහු තමන්ගේ සහෝදරයෙකුගේ භාර්යාවට නින්දා කළ නිසයි. මෙසේ, ඔබ අතරේ සිදු වූ දුෂ්ටකම ඔබ ඉවත් කළ යුතුයි.” ඒකෙන් පැහැදිලි වෙන්නේ බරපතළ වැරදි කරපු අයව ඊශ්‍රායෙල්වරුන් මරණයට පත් කරපු ප්‍රධාන විදිහ වුණේ ගල් ගැසීම කියලයි.a

මරණ දණ්ඩනය ලබන්න තරම් සුදුසු වරදක් කරපු කෙනෙක්ව කණුවක එල්ලුවේ ඔහුව මරණයට පත් කළාට පසුවයි

“ඒ තැනැත්තා දෙවිගෙන් ශාප ලැබූ නිසා ඔහුගේ මළ සිරුර කණුවක එල්ලා තැබිය යුතුයි” කියලා ද්විතීය කතාව 21:23හි සඳහන් වෙනවා. “දෙවිගෙන් ශාප ලැබූ” දුෂ්ට කෙනෙක්ගේ මළ සිරුර කණුවක හරි ගසක හරි එල්ලලා තියෙනවා දකින හැමෝටම ඒක අනතුරු ඇඟවීමක් වුණා.

a මෝසෙස්ට දුන් නීතිය යටතේ අපරාධකරුවෙක්ව කණුවක එල්ලුවේ ඔහුව මරා දැමුවාට පසුවයි කියන දේ හුඟක් විශාරදයන් පිළිගන්නවා. ඒත් පළමු සියවස වන විට යුදෙව්වන් සමහර අපරාධකරුවන්ව පණපිටින් කණුවක එල්ලා මරා දැමූ බවට සාක්ෂි තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න