ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 7/15 32 පි.
  • “පින්තූර හරිම ලස්සනයි!”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “පින්තූර හරිම ලස්සනයි!”
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • රැස්වීම්වලදී එකිනෙකාව දිරිගන්වන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පින්තූරවලින් ඉගෙනගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • රැස්වීම්වලට කලින්ම සූදානම් වෙන්න පුළුවන් කොහොමද?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • සභාවේදී යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 7/15 32 පි.

“පින්තූර හරිම ලස්සනයි!”

අපේ අලුත්ම මුරටැඹ පාඩම් කලාපයක් අතට ගත්ත ගමන්ම අපිත් එහෙම කියලා ඇති. ලොකු වෙහෙසක් දරලා ඒ වගේ ලස්සන පින්තූර සහ ඡායාරූප අපේ සඟරාවලට දාලා තියෙන්නේ හොඳ අරමුණක් ඇතුවයි. අපිව හිතන්න පොලඹවන ඒ ලස්සන පින්තූරවලිනුත් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. විශේෂයෙන්ම මුරටැඹ පාඩමට සූදානම් වෙද්දිත් සභාවේ ඒක සාකච්ඡා කරද්දිත් ඒවා අපිට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා.

උදාහරණයකට, හැම පාඩම් ලිපියකම මුලින්ම තියෙන පින්තූරය ගැන හිතන්න. ඇයි ඒක දාලා තියෙන්නේ? ඒක ලිපියේ මාතෘකාවටත් තේමා බයිබල් පදයටත් අදාළ වෙන්නේ කොහොමද? ලිපියේ තියෙන අනිත් පින්තූර, ඒ ලිපියට සහ ඔබේ ජීවිතයට අදාළ වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්න ගැන පාඩම සූදානම් වෙද්දී හිතලා බලන්න.

පින්තූරවලින් යම් අදහස් ඉදිරිපත් කරන්න, මුරටැඹ මෙහෙයවන සහෝදරයා සභාවේ අයට කාලය දෙනවා. ඒ පින්තූර ගැන සාකච්ඡා කරන්න ඕනෙ මොන ඡේදය එක්කද කියලා සමහර පින්තූරවලට යටින් සඳහන් කරලා තියෙනවා. ඒත් එහෙම නැති අවස්ථාවලදී ඒ පින්තූර ගැන සාකච්ඡා කරන්න ඕනෙ මොන ඡේදය එක්කද කියලා මුරටැඹ මෙහෙයවන්නාට තීරණය කරන්න පුළුවන්. ඒ විදිහට බයිබලයේ ඇති දේවල් සිතේ මවාගන්න උදව් කරන්න දාලා තියෙන ඒ ලස්සන පින්තූරවලින් හැමෝටම ප්‍රයෝජන ගන්න පුළුවන්.

එක සහෝදරයෙක් මෙහෙම කිව්වා. “ලස්සනට ලියපු ලිපියක් කියවලා ඉවර වෙලා ඒකෙ තියෙන පින්තූර දිහා බලද්දී ඒවා පේන්නේ හරියට රසවත් කේක් එකක් තවත් ලස්සන කරන්න දාපු අයිසිං වගේ. ඒකෙන් ඒ ලිපියේ ලස්සන තවත් වැඩි වෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න