ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 6/15 22 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අසරුවන් හතරදෙනා කවුද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • පිම්මේ යන අශ්වයන් සතරදෙනා!
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • අසරුවන් හතරදෙනාගේ අනාවැකිය
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • යුද්ධ හා දුක් වේදනාවලට වග කිව යුත්තේ කවුද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 6/15 22 පි.

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

පාස්කු බැටළුවාව මැරිය යුතු වුණේ නීසාන් 14වෙනිදා කොයි වෙලාවෙද?

සමහර බයිබල් පරිවර්තනවල සඳහන් වෙන්නේ එය සිදු කළ යුත්තේ “සවස් වරු දෙක අතරතුරදී” කියලයි. ඒ කියන්නේ හිරු බැස ගියාට පසුව ඒත් අඳුර වැටෙන්න කලින් යම් ආලෝකයක් පැවතුණ කාලයේදීයි. (නික්. 12:6)—12/15, 18-19 පිටු.

හරි තීරණ ගන්න යෞවනයන්ට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවද?

(1) දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. (මතෙ. 6:19-34) (2) අන් අයට සේවය කරලා සතුටක් ලබන්න. (ක්‍රියා 20:35) (3) තරුණ වියේදී දෙවිට සේවය කරලා සතුටක් ලබන්න. (දේශ. 12:1)—1/15, 19-20 පිටු.

1914 සිට ගමන් අරඹා තියෙන අසරුවන් හතරදෙනා කවුද?

සුදු අශ්වයා පිට යන යේසුස් මුලින්ම කළේ සාතන්වත් ඔහුගේ භූතයන්වත් ස්වර්ගයෙන් පන්නා දමන එකයි. ගිනි පැහැති අශ්වයා පිට යන අසරුවාගෙන් යුද්ධ නියෝජනය කරනවා. කලු පැහැති අශ්වයා පිට යන අසරුවාගෙන් සාගතත් සුදුමැලි අශ්වයා පිට යන අසරුවාගෙන් මිලියන ගාණක් මරණයට පත් කරන මාරාන්තික වසංගතත් නියෝජනය කරනවා. (එළි. 6:2-8)—2/1, 6-7 පිටු.

“බැටළු පැටවාගේ විවාහය” සිද්ධ වෙන්නේ කවදද? (එළි. 19:7)

ඒක සිද්ධ වෙන්නේ දේවරාජ්‍යයේ රජු වන යේසුස් සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබුවට පස්සෙයි. ඒ කියන්නේ මහ බැබිලෝනියත් ඊටපස්සේ හර්–මගෙදොන් යුද්ධයේදී ඔහුගේ සියලුම සතුරන්වත් විනාශ කළාට පස්සෙයි.—2/15, 10වන පිටුව.

යේසුස්ගේ කාලයේ හිටපු යුදෙව්වන් ගැලවුම්කරුගේ පැමිණීම ගැන අපේක්ෂාවෙන් හිටියේ ඇයි? (ලූක් 3:15)

ගැලවුම්කරු ගැන දානියෙල් කියපු අනාවැකිය අද අපි තේරුම් අරන් ඉන්න විදිහටම මුල් සියවසේ හිටපු යුදෙව්වන් තේරුම් අරන් හිටියද කියලා හරියටම කියන්න බැහැ. (දානි. 9:24-27) ඒත් යේසුස්ගේ උපත ගැන දේවදූතයන් කියපු දේ අහපු එඬේරුන්ගෙන් ලැබුණු ආරංචිත් බිළිඳු යේසුස්ව දැකලා අනාගතවක්තෘවරියක් වුණු ආනා කියපු දේත් “යුදෙව්වරුන්ව පාලනය කරන රජෙක් දැන් ඉපදිලා ඉන්නවා” කියලා ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ කියපු දේත් යුදෙව්වන් දැනගෙන ඉන්න ඇති. (මතෙ. 2:1, 2) පස්සේ කාලෙක ගැලවුම්කරු ඉක්මනින්ම එනවා කියලා මිනිසුන්ට යොහන් බව්තීස්තත් කිව්වා.—2/15, 26-27 පිටු.

වචනේ වෙනස් නොකර වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද? (2 කොරි. 1:18)

නොවැළැක්විය හැකි හේතුවක් නිසා කියපු විදිහටම දේවල් කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ඒත් අපි යම් දෙයක් පොරොන්දු වුණොත් ඒක ඒ විදිහටම කරන්න උත්සාහ ගන්න ඕනේ.—3/15, 32වන පිටුව.

අසභ්‍ය පින්තූර බලන්න ඇති වෙන ආශාව පාලනය කරගන්න පුළුවන් කොහොමද?

ඒකට උදව් වෙන පියවර තුනක්. (1) කාමුක හැඟීම් ඇවිස්සෙන දෙයක් යන්තමින් හරි දැක්කොත් අහක බලාගන්න. (2) නරක සිතුවිල්ලක් හිතට ආපු ගමන්ම යාච්ඤා කරලා හොඳ සිතුවිලිවලින් හිත පුරවගන්න. (3) කාමුක දර්ශන තියෙන චිත්‍රපටි, වෙබ් අඩවි මඟහරින්න.—4/1, 10-12 පිටු.

පවුලේ අයව දාලා රට රස්සාවලට යන අය මූණ දෙන්නේ මොන වගේ භයානක ප්‍රතිඵලවලටද?

දෙමාපියෝ, දරුවෝ එකට ජීවත් වෙන්නේ නැති වුණාම ඒක දරුවන්ට මානසිකව බලපානවා. දරුවෝ දෙමාපියන්ගෙන් ඈත් වෙනවා. විවාහක යුවළ එකිනෙකාගෙන් දුරස් වෙලා ඉන්න නිසා ඒ අය අනාචාරයට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි.—4/15, 19-20 පිටු.

වධකණුවේ එල්ලලා හිටපු අපරාධකරුවන්ගේ කකුල් කැඩුවේ ඇයි?

රෝමවරු සමහර අපරාධකරුවන්ව කණුවක එල්ලලා මැරුවා. යේසුස්ගේ දෙපැත්තේ හිටපු අපරාධකරුවන් දෙන්නාගේ කකුල් කඩන්න කියලා යුදෙව්වන් ඉල්ලුවේ එහෙම කළාම හුස්ම ගන්න අමාරු වෙලා ඔවුන්ගේ මරණය ඉක්මන් වෙන නිසයි. එතකොට ඒ මළ සිරුරු රෑ පුරා කණුවේ එල්ලලා තියන්න වෙන්නේ නැහැ. (ද්වි. 21:22, 23)—5/1, 11වන පිටුව.

දේවසේවයේ යද්දී අපි මතක තියාගන්න ඕන කාරණා හතර මොනවද?

ඒ කාරණා හතර මේවායි. මම කතා කරන්නේ මොන වගේ කෙනෙක්ටද? කොහේ ඉඳන්ද? කතා කරන්න හොඳම වෙලාව මොකක්ද? සාකච්ඡාව පටන්ගන්නේ කොහොමද?—5/15, 12-15 පිටු.

දුම්පානය කොයි තරම් මාරාන්තිකද?

පහුගිය සියවස ඇතුළත දුම්පානය නිසා කෝටි දහයක සෙනඟක් මිය ගියා. මෑතක ඉඳන් හැම අවුරුද්දකම ලක්ෂ 60ක සෙනඟක් දුම්පානය නිසා මිය යනවා.—6/1, 3වන පිටුව.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න