ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 3 3 පි.
  • අසරුවන් හතරදෙනාගේ අනාවැකිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අසරුවන් හතරදෙනාගේ අනාවැකිය
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • අසරුවන් හතරදෙනා කවුද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • හැඳින්වීම
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • පිම්මේ යන අශ්වයන් සතරදෙනා!
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • අසරුවන් හතරදෙනාගේ ගමන
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 3 3 පි.
අසරුවන් හතරදෙනාගේ ගමන

මුල් පිටුවෙන් | අපේ ජීවිතවලට බලපාන අසරුවන් හතරදෙනෙක්

අසරුවන් හතරදෙනාගේ අනාවැකිය

අසුරු සැනින් කඩා වදින අශ්වයන් හතරදෙනෙක් වේගයෙන් ඔයා ඉස්සරහට එනවා. උන්ගේ කුරවල හඬ අකුණු ගහද්දී එන ගිගිරුම් හඬ වගේ. මුලින්ම එන්නේ සුදු පාට අශ්වයෙක්. ඌ පිට එන අසරුවාගේ හිසේ ඔටුන්නක් තියෙනවා. ඒ අලුත කිරුළු පැළඳි රජයි. ඊළඟට එන්නේ ගිනි පැහැති අශ්වයෙක්. ඌ පිට එන අසරුවාට පොළොවෙන් සාමය තුරන් කරන්න බලය තියෙනවා. තුන්වෙනි අශ්වයා කලු පාටයි. අතේ තරාදියක් තියාගෙන ඉන්න ඒ අසරුවා එද්දීම කෑම හිඟයක් ඇති වෙනවා කියන පණිවිඩය ඇහෙනවා. හතරවෙනි අශ්වයා සුදුමැලි පාටයි. මාරාන්තික වසංගතවලිනුත් බියකරු දේවලිනුත් මිනිසුන්ට පහර දෙන්න ඒ අශ්වයා පිට නැඟී එන්නේ මරණයයි. ඔහු පිටුපසින් එන පොදු මිනී වළ අකාලයේ මිය යන මිනිසුන් දහස් ගණනකගේ ජීවිත ගිලගන්නවා.—එළිදරව් 6:1-8.

“ඒ අශ්වයන් හතරදෙනා ගැන දර්ශනය කියවද්දී මගේ හිතේ බයක් දැනුණා. ලෝක විනාශය ළං වෙලා කියලයි මට හිතුණේ. ඒත් මං ඒකට ලෑස්ති නැති නිසා මං බේරෙන එකක් නැහැ කියලා හිතුණා.”—ක්‍රිස්ටල්.

“ඒ අශ්වයන් හතරදෙනාගේ විස්තරේ මගේ හිතේ ඇති කළේ ලොකු කුතුහලයක්. ඒකේ තේරුම දැනගත්තාම මට හිතුණා ඒක අපි ඉස්සරහම වෙනවා නේද කියලා.”—එඩ්.

ඒ දර්ශනය කියවද්දී ඔයාට හැඟුණේ ක්‍රිස්ටල්ට හැඟුණු විදිහටද නැත්නම් එඩ්ට හැඟුණු විදිහටද? බයිබලයේ අන්තිම පොතේ තියෙන අනාවැකි අතරින් ඒ විචිත්‍රවත් අනාවැකිය ගැන හුඟක් අය අහලා තියෙනවා. ඒ අනාවැකියේ තේරුම දැනගත්තොත් ඔයාටත් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා කියලා ඔයා දන්නවාද? බයිබලයේ එළිදරව් පොතේ තියෙන අනාවැකි අධ්‍යයනය කරලා ජීවිතේට අදාළ කරගත්තොත් ඔයාගේ ජීවිතෙත් සතුටින් පිරුණු එකක් වෙයි කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—එළිදරව් 1:1-3.

අශ්වයන් හතරදෙනා ගැන අනාවැකිය බයිබලයේ තියෙන්නේ අපිව බය කරන්න නෙමෙයි. ඒකේ තේරුම ගැන දැනගත්ත මිලියන ගාණකට අනාගතය ගැන ලස්සන බලාපොරොත්තුවක් තියාගන්නත් එයාලගේ විශ්වාසය තව ශක්තිමත් කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඒක ඔයාටත් අද්දකින්න පුළුවන්. ඊළඟ ලිපියෙන් ඒ ගැන දැනගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න