හැඳින්වීම
ඔයා හිතන්නේ මොකක්ද?
බයිබලයේ එළිදරව් පොතේ අසරුවන් හතරදෙනෙක් ගැන අනාවැකියක් තියෙනවා. ඒ ගැන සමහරු ඉන්නේ බයෙන්. තවත් අය ඒ ගැන දැනගන්න ලොකු ආසාවකින් ඉන්නවා. ඒ වගේ අනාවැකි ගැන බයිබලයේ කියන දේ බලන්න.
‘මේ අනාවැකියේ සඳහන් දේවල් ශබ්ද නඟා කියවන, ඊට සවන් දෙන අයට ලැබෙන්නේ ඉමහත් සන්තෝෂයකි.’—එළිදරව් 1:3.
ඒ අසරුවෝ හතරදෙනා ගැන තියෙන අනාවැකිය අපිට ශුභාරංචියක් වෙන්නේ කොහොමද කියලා මේ සඟරාවේ තියෙනවා.