ස්විට්සර්ලන්තයේ නමස්කාර මධ්‍යස්ථානයක් නඩත්තු කරමින්
අත්හදා බලන්න යෝජනා
‘මුරටැඹ’
හැඳින්වීම: බයිබලයේ එළිදරව් පොතේ අසරුවන් හතරදෙනෙක් ගැන අනාවැකියක් තියෙනවා. ඒ ගැන සමහරු ඉන්නේ බයෙන්. තවත් අය ඒ ගැන දැනගන්න ලොකු ආසාවකින් ඉන්නවා.
බයිබල් පදය: එළි 1:3
ඉදිරිපත් කිරීම: ඒ අසරුවෝ හතරදෙනා ගැන තියෙන අනාවැකිය අපිට ශුභාරංචියක් වෙන්නේ කොහොමද කියලා මේ සඟරාවේ තියෙනවා.
බයිබලයෙන් උගන්වන්න
ප්‍රශ්නය: ඔයා හිතනවද අනාගතය ගැන දැනගන්න අපිට පුළුවන් කියලා?
බයිබල් පදය: යෙසා 46:10
බයිබලයේ කියන්නේ: දෙවියන් බයිබලය මාර්ගයෙන් අනාගතය ගැන අපිට දැනුම් දෙනවා.
‘ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!’
හැඳින්වීම: අද අපි හැමෝටම මේ වීඩියෝ එක පෙන්නුවා. [‘ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!’ සඟරාව හඳුන්වලා දෙන වීඩියෝ එක පෙන්වන්න.]
ඉදිරිපත් කිරීම: මේ වීඩියෝ එකේ පෙන්නපු සඟරාව ඔයා කියවන්න කැමති නම් මට පුළුවන් සඟරාවක් ඔයාට දෙන්න. නැත්නම් අපේ වෙබ් සයිට් එකෙන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ පෙන්නන්නත් පුළුවන්.
ඔයාගේ යෝජනාව ලියන්න
ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.