ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 12/1 7 පි.
  • වටින වෙන කිසිම දෙයක් නැහැ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වටින වෙන කිසිම දෙයක් නැහැ
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවියන් ඔබේ කිට්ටු මිතුරෙක්ද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයා දෙවියන් ගැන දිගටම ඉගෙනගන්න එක වැදගත් ඇයි?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • දෙවියන්ට ළං වෙන්න ඔයාටත් පුළුවන්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • යෙහෝවා දෙවි ඔයාගේ කිට්ටුම යාළුවා කියලා දැනෙනවද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 12/1 7 පි.
බයිබලය කියවන කෙනෙක්

මුල් පිටුවෙන් | දෙවියන්ගේ මිතුරෙක් වෙන්න ඔබට පුළුවන්ද?

වටින වෙන කිසිම දෙයක් නැහැ

දෙවියන්ගේ කිට්ටු මිතුරෙක් වෙන්න ඔබ කරන්න ඕන මොනවාද? අපි මේ දේවල් සලකලා බැලුවා.

  1. දෙවියන්ගේ නම දැනගෙන ඒක පාවිච්චි කරන එක.

  2. යාච්ඤා කරන එකත් බයිබලය අධ්‍යයනය කරන එකත් මගින් නිතරම ඔහු එක්ක අදහස් හුවමාරු කරගන්න එක.

  3. හැම වෙලාවෙම යෙහෝවා දෙවියන්ව සතුටු කරන දේවල් කරන එක.

බයිබලය කියවන කෙනෙක්

දෙවියන්ගේ නම පාවිච්චි කිරීමෙන්, ඔහුට යාච්ඤා කිරීමෙන්, දේවවචනය අධ්‍යයනය කිරීමෙන්, ඔහුව සතුටු කරන දේවල් කිරීමෙන් ඔහුගේ කිට්ටු මිතුරෙක් වෙන්න

ඔබ දෙවියන්ගේ කිට්ටු මිතුරෙක් වෙන්න අවශ්‍ය ඒ දේවල් කරනවා කියලා ඔබට කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් දියුණු කරගන්න ඕන පැති තව තියෙනවා කියලා හිතෙනවාද? ඒ වෙනුවෙන් ඔබ දරන වෑයමට ලැබෙන ප්‍රතිඵල හුඟක් වටිනවා.

එක්සත් ජනපදයේ ජෙනිෆ මෙහෙම කිව්වා. “දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න දරන හැම වෑයමක්ම වටිනවා. ඒ බැඳීමෙන් දෙවියන් ගැන තියෙන විශ්වාසය වැඩි වෙනවා. ඔහු මොන වගේ කෙනෙක්ද කියලා හොඳින් තේරුම්ගන්නත් පුළුවන් වෙනවා. ඒ හැම දේටම වඩා ඔහුට තියෙන ආදරය තවත් වැඩි වෙනවා. දෙවියන් එක්ක තියෙන කිට්ටු බැඳීම තරම් වටින වෙන කිසිම දෙයක් නැහැ.”

දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න ඔබ කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඔවුන් ඔබ එක්ක නොමිලේ බයිබලය පාඩම් කරන්න සැලසුම් යොදයි. ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානයේ තියෙන රැස්වීම්වලටත් එන්න ඔබට පුළුවන්.a ඒ දේවල් කරද්දී ඔබට මේ වගේ හැඟෙයි. “දෙවිට ළං වී සිටීම මට යහපතකි.”—ගීතාවලිය 73:28.

a බයිබල් පාඩමක් කරන්න හෝ නමස්කාර මධ්‍යස්ථානය තියෙන තැන දැනගන්න කැමති නම් මේ සඟරාව දුන්න කෙනාට ඒ ගැන කියන්න. නැත්නම් www.pr418.com/si වෙබ් අඩවියේ පහළින් තියෙන “අපව හමු වීමට” යටතේ බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න