ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fg 15 පාඩම 1-4 ප්‍රශ්න
  • ඔයා දෙවියන් ගැන දිගටම ඉගෙනගන්න එක වැදගත් ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා දෙවියන් ගැන දිගටම ඉගෙනගන්න එක වැදගත් ඇයි?
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • සමාන තොරතුරු
  • දෙවිට ළං වෙන්න ඔබට පුළුවන්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වටින වෙන කිසිම දෙයක් නැහැ
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට තව තව ළං වෙන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවියන්ට ළං වෙන්න පුළුවන් කොහොමද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
තව තොරතුරු
සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
fg 15 පාඩම 1-4 ප්‍රශ්න

15වන පාඩම

ඔයා දෙවියන් ගැන දිගටම ඉගෙනගන්න එක වැදගත් ඇයි?

1. දෙවියන් ගැන ඉගෙනගන්න එකෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

රැකියා ස්ථානයේ විවේක කාලයේදී බයිබලය ගැන සාකච්ඡා කරනවා

මේ සඟරාවෙන් බයිබලයේ තියෙන දේවල් ගැන යම් දුරකට දැනගන්න ඔයාට පුළුවන් වෙන්න ඇති. ඔයා ඉගෙනගත්ත ඒ දේවල් නිසා දෙවියන් ගැන ඔයාගේ හිතේ ආදරයක් ඇති වෙන්නත් ඇති. ඒත් ඒ ආදරය තව තවත් වැඩි කරගන්න නම් ඔයා දෙවියන් ගැන දිගටම ඉගෙනගන්න එක වැදගත්. (1 පේතෘස් 2:2) එහෙම කරද්දී සදාකල් ජීවත් වෙන්න ඔයාට තියෙන බලාපොරොත්තුව තව තවත් ස්ථිර වෙයි.—යොහන් 17:3; යූද් 21 කියවන්න.

දෙවියන් ගැන ඉගෙනගද්දී ඔහු ගැන ඔයාට තියෙන විශ්වාසයත් වැඩි වෙනවා. එතකොට දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්න ඔයා පෙලඹෙයි. (හෙබ්‍රෙව් 11:1, 6) ඒ කියන්නේ ඔයා අතින් වුණු වැරදි ගැන පසුතැවිලි වෙලා ජීවිතේ වෙනස්කම් කරන්න ඔයා පෙලඹෙයි.—ක්‍රියා 3:19 කියවන්න.

2. දෙවියන් ගැන ඉගෙනගද්දී අනිත් අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

යාච්ඤා කරන කාන්තාවක්

දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔයාට පුළුවන්

අපි කවුරුත් ආසයි හොඳ ආරංචියක් දැනගත්තම ඒ ගැන අනිත් අයට කියන්න. ඒ වගේ දෙවියන් ගැන ඔයාට විශ්වාසයක් ඇති වුණේ ඇයි කියලත් දෙවියන්ගේ ප්‍රීතිමත් පණිවිඩය මොකද්ද කියලත් අනිත් අයට කියන්න ඔයා ආස ඇති. දිගටම බයිබලය ගැන ඉගෙනගද්දී ඒ තොරතුරු බයිබලයෙන්ම අනිත් අයට පෙන්නන්න ඔයා ඉගෙනගනියි.—රෝම 10:13-15 කියවන්න.

මුලින්ම ඔයාට පුළුවන් ඉගෙනගත්ත දේවල් නෑදෑයන්ට, යාළුවන්ට කියන්න. ඒත් එහෙම කරද්දී එයාලා අදහන ආගම වැරදියි කියලා එකපාරටම කියන්නේ නැතුව බයිබලයේ තියෙන ප්‍රීතිමත් පණිවිඩය ගැන එයාලට කියන්න. මේකත් මතක තියාගන්න. මිනිසුන්ගේ හිතට වැඩියෙන් කාවදින්නේ කියන දේට වඩා කරන දේවලුයි. ඒ නිසා නිතරම ප්‍රේමණීයව ක්‍රියා කරන්න.—2 තිමෝති 2:24, 25 කියවන්න.

3. බයිබලය ඉගෙනගන්න එක දෙවියන්ට ළං වෙන්න උදව්වක් වෙන්නේ කොහොමද?

බයිබලය දිගටම ඉගෙනගද්දී දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා. කල් යද්දී දෙවියන් ඔයාගේ කිට්ටුම මිතුරා කියලා ඔයාට හැඟෙයි. ඔයාට ඔහුගේ ප්‍රේමණීය පවුලේ සාමාජිකයෙක් වෙන්නත් පුළුවන්.—2 කොරින්ති 6:18 කියවන්න.

4. දෙවියන්ගේ සේවකයෙක් වෙන්න ඔයා කරන්න ඕනේ මොනවාද?

ඔයා දිගටම බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්තොත් අවබෝධයෙන් ක්‍රියා කරන, දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයෙක් වෙන්න ඔයාට පුළුවන්. (හෙබ්‍රෙව් 5:13, 14) බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් එක්ක බයිබලයේ තියෙන දේවල් සාකච්ඡා කරන්න ඔයා කැමති නැද්ද? ඔයා දෙවියන්ගේ වචනයෙන් ඉගෙනගෙන ඒ අනුව ජීවත් වෙද්දී ඔයාගේ ජීවිතේ තව තවත් අර්ථවත් වෙයි.—ගීතාවලිය 1:1-3; 73:27, 28 කියවන්න.

බයිබල් පාඩමක් කරන්න සාක්ෂිකරුවන් ආරාධනා කරනවා

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයව ආශ්‍රය කරන එකත් දෙවියන්ට ළං වෙන්න ඔයාට උදව්වක්. (හෙබ්‍රෙව් 10:24, 25) ඔයා දිගටම දෙවි කැමති විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඒකෙන් පේන්නේ සදාකාල ජීවිතය ලබාගන්න ඔයාට ලොකු ආසාවක් තියෙනවා කියලයි. ඇත්තටම ඒ ප්‍රීතිමත් පණිවිඩය පවසන යෙහෝවා දෙවිට ළං වෙන එක තමයි ඔයාට කරන්න පුළුවන් හොඳම දේ.—1 තිමෝති 1:11; 6:19 කියවන්න.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 18වෙනි පරිච්ඡේදයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න