ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 1/1 14-15 පි.
  • අපි යාච්ඤා කරන්න ඕන යේසුස්ටද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි යාච්ඤා කරන්න ඕන යේසුස්ටද?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් ඉගැන්නුවේ කාට යාච්ඤා කරන්න කියලාද?
  • මුල් ක්‍රිස්තියානීන් යාච්ඤා කළේ කාටද?
  • දෙවි සවන් දෙන යාච්ඤා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ යේසුස්වහන්සේට යාච්ඤා කළ යුතුද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් යාච්ඤා කරන්න ඉගැන්නුවා
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 1/1 14-15 පි.

අපි යාච්ඤා කරන්න ඕන යේසුස්ටද?

පර්යේෂකයෙක් විවිධ ආගම්වල ඉන්න යෞවනයන් 800දෙනෙක් යොදාගෙන මෑතකදී සමීක්ෂණයක් කළා. යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ යේසුස්ද කියලා ඒ අයගෙන් ඇහුවාම සියයට 60කට වැඩිදෙනෙක් දුන්නේ ඔව් කියන උත්තරයයි. ඒත් එක යෞවනියක් යේසුස් කියන නම කපලා “දෙවියන්” කියලා ලිව්වා.

ඔයා හිතන්නේ මොකක්ද? අපි යාච්ඤා කරන්න ඕන යේසුස්ටද නැත්නම් දෙවියන්ටද?a යේසුස් ඔහුගේ ගෝලයන්ට යාච්ඤා කරන්න කියලා දුන්න විදිහෙන් ඒකට උත්තරේ දැනගන්න පුළුවන්.

යේසුස් ඉගැන්නුවේ කාට යාච්ඤා කරන්න කියලාද?

අපි යාච්ඤා කරන්න ඕන කාටද කියලා යේසුස් ඉගැන්නුවා විතරක් නෙමෙයි ආදර්ශයෙනුත් පෙන්නුවා.

යේසුස් ඔහුගේ පියාණන්ට යාච්ඤා කරනවා

ස්වර්ගයේ ඉන්න පියාණන්ට යාච්ඤා කරද්දී යේසුස් අපිට අනුගමනය කරන්න ආදර්ශයක් තිබ්බා

ඔහු ඉගැන්නුව දේ: “අපටත් යාච්ඤා කරන්නේ කොහොමද කියා උගන්වන්න” කියලා ගෝලයෙක් යේසුස්ට කිව්වාම ඔහු කිව්වේ “යාච්ඤා කරන විට ‘පියාණෙනි’” කියලා යාච්ඤා කරන්න කියලයි. (ලූක් 11:1, 2) යේසුස්ට සවන් දුන්න සමූහයකටත් ඔහු කිව්වේ “ඔබේ පියාණන්ට යාච්ඤා කරන්න” කියලයි. ඒ වගේම “ඔබේ පියාණන් වන දෙවිගෙන් ඔබ ඉල්ලන්නත් කලින් ඔබට අවශ්‍ය කුමක්ද කියා ඔහු දන්නවා” කියලත් ඔහු ඔවුන්ට කිව්වා. (මතෙව් 6:6, 8) යේසුස් මිය යන්න කලින් දා රාත්‍රියේ ඔහුගේ ගෝලයන්ට කිව්වේ ‘ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු මගේ නාමයෙන් ඔබට දෙනවා’ කියලයි. (යොහන් 16:23) මේ විදිහට යේසුස් යාච්ඤා කරන්න කියලා ඉගැන්නුවේ ඔහුගේ හා අපේ පියාණන් වන යෙහෝවා දෙවියන්ටයි.—යොහන් 20:17.

ඔහුගේ ආදර්ශය: යේසුස් යාච්ඤා කළෙත් අනිත් අයට ඉගැන්නුව විදිහටමයි. “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන පියාණෙනි, . . . ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්න මම කැමතියි” කියලා ඔහු යාච්ඤා කළා. (ලූක් 10:21) තවත් අවස්ථාවක “යේසුස් ස්වර්ගය දෙස බලා මෙසේ කීවේය. පියාණෙනි, ඔබ දැන් මගේ ඉල්ලීම ඉටු කළ නිසා මම ඔබට ස්තුති කරන්න කැමතියි.” (යොහන් 11:41) මිය යන අවස්ථාවේදිත් ඔහු යාච්ඤා කළේ “පියාණෙනි, මගේ ජීවිතය ඔබේ අතේ” කියලයි. (ලූක් 23:46) “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන” පියාණන්ට යාච්ඤා කරද්දී යේසුස් හැමදෙනාටම අනුගමනය කරන්න ආදර්ශයක් තිබ්බා. (මතෙව් 11:25; 26:41, 42; 1 යොහන් 2:6) ඔහුගේ මුල් ගෝලයන් ඔහු දුන්න මඟ පෙන්වීම් තේරුම්ගත්තෙත් ඒ විදිහටද?

මුල් ක්‍රිස්තියානීන් යාච්ඤා කළේ කාටද?

යේසුස් ස්වර්ගයට ගිහින් සති කීපයක් යන්නත් කලින් ඔහුගේ ගෝලයන්ට විරුද්ධවාදීන් පීඩා කළා. (ක්‍රියා 4:18) ඒ වෙලාවේ ගෝලයන් යාච්ඤා කළේ කාටද? “ඔබේ ශුද්ධ සේවකයා වන යේසුස්ගේ නාමයෙන්” දිගටම උදව් කරන්න කියලා ‘ඔවුන් එකට එකතු වී දෙවිට යාච්ඤා කළා.’ (ක්‍රියා 4:24, 30) ඒකෙන් පේන්නේ යේසුස්ගේ ගෝලයන් යාච්ඤාව ගැන ඔහු දුන්න මඟ පෙන්වීම් අනුගමනය කළා කියලයි. ඔවුන් යාච්ඤා කළේ යේසුස්ට නෙමෙයි දෙවියන්ටයි.

අවුරුදු කීපයකට පස්සේ පාවුල් සහ ඔහුගේ ආශ්‍රිතයන් යාච්ඤා කරපු විදිහ ගැන අනිත් ක්‍රිස්තියානීන්ට පාවුල් ලිව්වේ මේ විදිහටයි. “අපි ඔබ වෙනුවෙන් යාච්ඤා කරන සෑම අවස්ථාවකදීම අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි පියාණන්ට ස්තුති කරමු.” (කොලොස්සි 1:3) පාවුල් මෙහෙමත් ලිව්වා. “අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්, අපගේ දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට සැමවිටම සෑම දෙයක් ගැනම ස්තුති කරන්න.” (එෆීස 5:20) මේ දේවලින් පේන්නේ පාවුල් යේසුස්ගේ නාමයෙන් ‘දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට හැම වෙලාවෙම’ යාච්ඤා කරන්න දිරිගැන්නුවා කියලයි.—කොලොස්සි 3:17.

මුල් ක්‍රිස්තියානීන් වගේ අපිටත් පුළුවන් යාච්ඤාව ගැන යේසුස් දුන්න මඟ පෙන්වීම් අනුගමනය කරලා අපේ ප්‍රේමය ඔහුට පෙන්වන්න. (යොහන් 14:15) අපි ස්වර්ගික පියාණන්ට විතරක් යාච්ඤා කරනවා නම් ගීතාවලිය 116:1, 2 කියන වදන් විශ්වාසයෙන් කියන්න අපිටත් පුළුවන්. “යෙහෝවා දෙවි මාගේ හඬට සවන් දෙන්නේය. . . . මාගේ මුළු ජීවිත කාලය පුරාම මම ඔහුට අයැදින්නෙමි.”b

a බයිබලයේ කියන විදිහට යේසුස් දෙවියන්ට සමාන නැහැ. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 4වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

b දෙවි අපේ යාච්ඤා පිළිගන්න නම් ඔහු කැමති විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 17වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

ඒ අය යාච්ඤා කළේ යේසුස්ටද?

විශ්වාසවන්ත පුරුෂයන් යේසුස් එක්කත් දේවදූතයන් එක්කත් කතා කරපු අවස්ථා කීපයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 9:4, 5, 10-16; 10:3, 4; එළිදරව් 10:8, 9; 22:20) කතා කරපු හැම වෙලාවකම ඒකට මුල පිරුවේ ස්වර්ගයේ ඉන්න අයයි. ඒත් විශ්වාසවන්ත පුරුෂයන් ස්වර්ගයේ ඉන්න අයට යාච්ඤා කළාද? නැහැ. විශ්වාසවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන් යාච්ඤා කළේ දෙවියන්ට විතරමයි.—ෆිලිප්පි 4:6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න