ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 2/15 15-18 පි.
  • දිගටම උද්‍යෝගයෙන් සේවය කරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිගටම උද්‍යෝගයෙන් සේවය කරමු
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අද්දැකීම් අඩු අයට උදව් කරන්න
  • සේවයේ යන කෙනා එක්ක කතා කරන්න
  • දේවවචනය හොඳින් අධ්‍යයනය කරන්න
  • දෙන යෝජනා අදාළ කරගන්න
  • ජය ගන්න පුළුවන් ඉලක්ක තියාගන්න
  • ඔයාට භාර දීලා තියෙන දේවසේවය සම්පූර්ණයෙන්ම කරන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දේවසේවයට නවකයන්ව පුහුණු කරන ආකාරය
    2010 අපගේ රාජ්‍ය සේවාව
  • යේසුස් වගේ උද්‍යෝගයෙන් දේශනා කරන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සේවයේ සතුට නැති කරගන්න එපා
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 2/15 15-18 පි.
ප්‍රචාරකයෙක් මුහුණ දෙන තත්වයන්: 1. ගෙදර කවුරුත් නැහැ; 2. පණිවිඩය අහන්න කැමති නැහැ; 3. ගෙහිමියා විරුද්ධයි

දිගටම උද්‍යෝගයෙන් සේවය කරමු

අද ලෝකෙ සිද්ධ වෙන වැදගත්ම කාර්යය මොකක් කියලද ඔයා හිතන්නේ? ඒක තමයි ශුභාරංචිය ගැන මිනිසුන්ට දේශනා කරන කාර්යය. යෙහෝවා දෙවිව නියෝජනය කරන්න ලැබිලා තියෙන ඒ අවස්ථාව ලොකු ගෞරවයක් හැටියට අපි සලකනවා. එත් දේශනා සේවය කරන්න අපි තුළ තියෙන උද්‍යෝගය දිගටම තියාගන්න එක අභියෝගයක් වෙන්න පුළුවන්.

ප්‍රචාරකයෙක් ශුභාරංචිය බෙදාගන්න නිවසකට තට්ටු කරනවා

දිගටම උද්‍යෝගය තියාගන්න ඔයාට උදව් වෙන්නේ මොනවද?

සමහර ප්‍රචාරකයන් මුහුණ දෙන අභියෝගයක් තමයි ගෙයින් ගෙට දේශනා සේවයේදී පණිවිඩය ගැන කතා කරන්න කෙනෙක්ව හොයාගන්න බැරි වෙන එක. හුඟක් වෙලාවට ගෙවල්වල කවුරුත් නැහැ. හිටියත් පණිවිඩේ අහන්න කිසිම කැමැත්තක් නැහැ. නැත්නම් බැණලා එළවගන්නවා. තවත් ප්‍රචාරකයන්ට තියෙන්නේ වෙනම අභියෝගයක්. ඔවුන්ට දේශනා කරන්න තියෙන ප්‍රදේශය විශාලයි. උනන්දුව දක්වන අයත් සෑහෙන්න ඉන්නවා. ඒ තරම් පිරිසකට දේශනා කරන්න පුළුවන් වෙයිද කියලා ඔවුන් කනගාටු වෙනවා. තවත් සමහරුන්ගේ උද්‍යෝගය අඩු වෙන්න හේතු වෙලා තියෙන්නේ අවුරුදු ගාණක් පුරා ඔවුන් දේශනා කළත් හිතපු තරම් ඉක්මනට මේ දුෂ්ට සමාජය විනාශ නොවුණු නිසයි.

අපේ උද්‍යෝගය අඩු කරන ඒ වගේ අභියෝග ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද අපි ජීවත් වෙන්නේ “දුෂ්ටයාගේ” පාලනය යටතේ තියෙන සමාජයක. ඒ නිසා ශුභාරංචිය දේශනා කරන එක ලේසි දෙයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.—1 යොහ. 5:19.

මොන අභියෝග ආවත් ඒවා ජය ගන්න යෙහෝවා දෙවි ඔයාට උදව් කරනවා. දිගටම උද්‍යෝගය තියාගන්න ඔයාට උදව් වෙන්නේ මොන වගේ දේවල්ද?

අද්දැකීම් අඩු අයට උදව් කරන්න

අද්දැකීම් ලත් ප්‍රචාරකයෙක් සේවයේදී අලුත් ප්‍රචාරකයෙකුට අවශ්‍ය පුහුණුව ලබා දෙමින්

හැම අවුරුද්දකම දහස් ගාණක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට බව්තීස්ම වෙනවා. ඔයාත් ළඟදී බව්තීස්ම වුණු කෙනෙක් නම් අවුරුදු ගාණක් පුරා දේශනා සේවයේ හවුල් වෙන අයගෙන් ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔයා අවුරුදු ගාණක අද්දැකීම් තියෙන කෙනෙක් නම් අලුත බව්තීස්ම වුණු අයට උදව් කරන්න, ඒ අයව පුහුණු කරන්න ලැබිලා තියෙන අවස්ථාව ආශීර්වාදයක් කියලා ඔයා හිතනවා ඇති.

උද්‍යෝගයෙන් දේශනා කරන්නත් අනිත් අයගේ හිතට දැනෙන විදිහට කතා කරන්නත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ව පුහුණු කළා. (ලූක් 8:1) අදත් ඒ විදිහටම අනිත් අයව පුහුණු කරන එක අත්‍යවශ්‍ය දෙයක්.

අලුතෙන් ප්‍රචාරකයෙක් වුණු කෙනෙක් දේශනා සේවයේ හවුල් වුණා කියලා හොඳ ගුරුවරයෙක් වෙයි කියලා අපි හිතන්න හොඳ නැහැ. ඒකට අද්දැකීම් තියෙන කෙනෙක්ගේ උදව්ව, පුහුණුව ඕනෙමයි. ඒ වගේ පුහුණුවකට අයත් වෙන දේවල් කීපයක් තියෙනවා. (1) පණිවිඩය හොඳින් ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඒක පෙරහුරු කරන එක. (2) කෙනෙක්ව සාකච්ඡාවකට හවුල් කරගන්නේ කොහොමද කියලා පෙන්නලා දෙන එක. (3) සඟරා, පොත් ඉදිරිපත් කරන විදිහ ගැන හොඳ පුහුණුවක් දෙන එක. (4) නැවත බැලීම් කරන්නේ කොහොමද කියලා පෙන්නලා දෙන එක. (5) බයිබල් පාඩම් පටන්ගන්න පුහුණු කරන එක. ඊට අමතරව අද්දැකීම් තියෙන ප්‍රචාරකයන් දේවල් කරන විදිහ බලාගෙන ඉඳලා ඒ විදිහටම කරන එකෙනුත් අලුත් ප්‍රචාරකයන්ට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. (ලූක් 6:40) අද්දැකීම් අඩු කෙනෙක් ගෙදරකට ගිහින් කතා කරද්දී එයා කියන දේට හොඳින් සවන් දීලා උදව් ඕන කරන වෙලාවකදී උදව් කළොත් ඒක එයාට ලොකු හයියක්. ඒ වගේම එයාව අගය කරද්දී, දියුණු කරගන්න ඕන පැති ගැන කියලා දෙද්දී ඒකත් එයාට දිරිගැන්වීමක්.—දේශ. 4:9, 10.

සේවයේ යන කෙනා එක්ක කතා කරන්න

සේවයේ යන කෙනාත් එක්ක කතාබහ කරමින් යන ප්‍රචාරකයෙක්

ගෙහිමියන් එක්ක හොඳ සාකච්ඡාවක් පටන්ගන්න මොන තරම් දේවල් කළත් කතා කරන්න කෙනෙක්ව හම්බ වෙන්නේ නැති දවසුත් තියෙනවා. ඒ වගේ දවසකදී ඔයාට කතා කරන්න පුළුවන් හොඳම කෙනා ඔයාත් එක්ක සේවයේ යන කෙනායි. යේසුස් දේශනා කරන්න ඔහුගේ ගෝලයන්ව යැව්වේ “දෙදෙනා බැගින්” කියලා ඔයාට මතක ඇති. (ලූක් 10:1) දෙන්නෙක් එකට යද්දී එකිනෙකාව දිරිගන්වන්න ඔවුන්ට පුළුවන් වුණා. ඒ නිසා ඔයාත් එක්ක සේවයේ යන කෙනා එක්ක ගත කරන්න ලැබෙන කාලය “එකිනෙකාව දිරිගැන්වීමට” ලැබෙන අවස්ථාවක් හැටියට සලකන්න.—රෝම 1:12.

දෙන්නගෙන් එක් කෙනෙක් ළඟදී දිරිගැන්වෙන අද්දැකීමක් ලැබුවද? පෞද්ගලික අධ්‍යයනයේදී, පවුලේ නමස්කාරයේදී හොයාගත්ත හොඳ කරුණක් තියෙනවද? ඔයාගේ විශ්වාසය තවත් ශක්තිමත් කරපු දෙයක් රැස්වීමකදී ඉගෙනගත්තද? ඒ වගේ දේවල් ගැන සේවයේ යද්දී ඔය දෙන්නට කතා කරන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට ආශ්‍රය කරන්න එච්චර අවස්ථාව ලැබිලා නැති කෙනෙක් එක්ක සේවයේ යන්න ලැබෙයි. එයාට බයිබලේ තියෙන සත්‍යය ගැන දැනගන්න ලැබුණේ කොහොමද? මේක යෙහෝවා දෙවිගේ සංවිධානය කියලා එයාට ස්ථිර වුණේ මොන වගේ දේවල් නිසාද? එයා ලබලා තියෙන ආශීර්වාද, එයාගේ අද්දැකීම් ගැන අහන්නත් පුළුවන්. සේවයේදී ඔයා ලබපු අද්දැකීම් ගැන කියන්නත් පුළුවන්. නිවැසියන්ගේ ප්‍රතිචාරය මොකක් වුණත් සේවයේ යන දෙන්නට පුළුවන් ‘එකිනෙකාව ශක්තිමත් කරගන්න’ ඒ කාලය යොදාගන්න.—1 තෙස. 5:11.

දේවවචනය හොඳින් අධ්‍යයනය කරන්න

ප්‍රචාරකයෙක් පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙමින්

සේවය සඳහා තියෙන උද්‍යෝගය දිගටම තියාගන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි හොඳ අධ්‍යයන පුරුදු. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” හුඟක් විෂයන් ගැන තොරතුරු පළ කරලා තියෙනවා. (මතෙ. 24:45) ඒ නිසා බයිබලේ තියෙන තොරතුරු හුඟක් පැතිවලින් අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්. උදාහරණෙකට දේවරාජ්‍යය ගැන දේශනා කරන එක වැදගත් ඇයි කියන විෂය ගැන අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්. ඒකට හේතු කීපයක් “උද්‍යෝගය දිගටම තියාගන්න ඕනෙ ඇයි?” කියන කොටුවේ පෙන්නලා තියෙනවා.

ඒ තොරතුරු අධ්‍යයනය කරන එක උද්‍යෝගයෙන් සේවය කරන්න ඔයාට උදව් වෙයි. ඒ කොටුවේ සඳහන් හේතුවලට අමතරව තවත් හේතු කීයක් ඔයාට හොයාගන්න පුළුවන්ද? පෞද්ගලික අධ්‍යයනයේදී ඒවා හොයන්න ඉලක්කයක් තියාගන්න. එහෙම කරන එක උද්‍යෝගයෙන් සේවය කරන්න ඔයාට උදව් වෙයි.

දෙන යෝජනා අදාළ කරගන්න

ප්‍රචාරකයන් දෙන්නෙක් දීලා තියෙන යෝජනා අදාළ කරගන්න පුළුවන් විදිහ පෙරහුරු කරමින්

දේශනා සේවය තවත් හොඳට කරන්න අවශ්‍ය කරන අලුත් යෝජනා නිතරම වගේ යෙහෝවා දෙවිගේ සංවිධානය අපිට ලබා දෙනවා. උදාහරණෙකට ගෙයින් ගෙට සේවයට අමතරව ලිපි මාර්ගයෙන්, දුරකථනයෙන් සාක්ෂි දරන්න, වීථි සේවය, මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරන්න, අවිධිමත්ව සාක්ෂි දරන්න, ව්‍යාපාර ස්ථානවල සාක්ෂි දරන්න වගේම කලාතුරකින් සේවය කරන ප්‍රදේශවල සාක්ෂි දරන්නත් මඟ පෙන්වීම් දීලා තියෙනවා.

ඒ යෝජනා අත්හදා බලන්න ඔයා උත්සාහ කරලා තියෙනවද? ඒවා අදළා කරගත්ත අයට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ වගේ අද්දැකීම් කීපයක් ගැන දැන් බලමු.

‘අපගේ රාජ්‍ය සේවාවේ’ බයිබල් පාඩමක් පටන්ගන්න විදි ගැන යෝජනා සඳහන් වුණා. ඒප්‍රිල් කියන සහෝදරිය ඒ යෝජනාවක් අදාළ කරගෙන එයාත් එක්ක වැඩ කරන තුන්දෙනෙක්ගෙන් ඇහුවා බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා? ඒකට ඒ තුන්දෙනාම කැමති වුණා විතරක් නෙමෙයි රැස්වීම් එන්නත් පටන්ගත්තා.

සඟරා ඉදිරිපත් කරන විදිහ ගැනත් හුඟක් යෝජනා දීලා තියෙනවා. එකක් තමයි යම් විෂයක් ගැන උනන්දු වෙන අයව හොයලා ඒ විෂය ගැන පළ වුණු ලිපි තියෙන සඟරා ඒ අයට දෙන එක. එක චාරිකා සේවකයෙක් ඒ දේ අදාළ කරගත්තා. ටයර් ගැන ලිපියක් තියෙන ‘පිබිදෙව්!’ සඟරාවක් ඔහු සේවය කරපු ප්‍රදේශයේ තිබුණු ටයර් වෙළඳසැල්වල කළමනාකරුවන්ට දුන්නා. ඒ වගේම වෛද්‍යවරුන් ගැන ලිපි මාලාවක් පළ වුණු ‘පිබිදෙව්!’ සඟරාවක් ඔහු ඒ ප්‍රදේශයේ වෛද්‍ය මධස්ථාන 100කට වඩා වැඩි ගාණකට දුන්නා. ඔහු මෙහෙම කියනවා. “එහෙම ගියාම අපි කවුද කියලා හඳුන්වලා දීලා අපේ සඟරා ඉදිරිපත් කරන්න ලේසියි. ඒගොල්ලෝ එක්ක ටිකක් මිත්‍රශීලී වුණාට පස්සේ විටින් විට ගිහින් ඒගොල්ලන්ව හම්බ වෙන්නත් අපිට පුළුවන් වුණා.”

දුරකථනයෙන් සාක්ෂි දැරීම ගැන දුන්න යෝජනා අදාළ කරගත්ත නිසා ලබපු අද්දැකීමක් බලමු. ජූඩි කියන සහෝදරියගේ අම්මාගේ වයස 86යි. එයා හුඟක් අසනීපයෙන් හිටපු නිසා දේශනා සේවයේ හවුල් වෙන්න අමාරුයි. ඒ නිසා එයා කළේ දුරකථනයෙන් සාක්ෂි දරපු එකයි. ඒකෙන් එයා ලොකු සතුටක් ලැබුවා වගේම අවුරුදු 92ක කෙනෙක් එක්ක දුරකථයෙන් බයිබල් පාඩමක් කරන්නත් එයාට පුළුවන් වුණා කියලා ජූඩි කියනවා.

අපේ ප්‍රකාශනවල තියෙන යෝජනා අදාළ කරගන්නවා නම් හුඟක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒවා අත්හදා බලන්න. දිගටම උද්‍යෝගයෙන්, සතුටින් සේවය කරන්න ඒක ඔයාට උදව් වෙයි.

ජය ගන්න පුළුවන් ඉලක්ක තියාගන්න

අපේ සේවයේ සාර්ථකත්වය රඳා පවතින්නේ අපි බෙදා දෙන සඟරා, පොත් ගාණෙන්වත් බයිබල් පාඩම් කීයක් තියෙනවද කියන එකෙන්වත් බව්තීස්ම වෙන්න කීදෙනෙකුට උදව් කළාද කියන එකෙන්වත් නෙමෙයි. අවුරුදු ගාණක් දේශනා කළත් තමන්ගේ පවුලේ අය හැරෙන්න වෙන එක් කෙනෙකුටවත් යෙහෝවා දෙවිගේ නමස්කාරකයෙක් වෙන්න උදව් කරන්න නෝවාට පුළුවන් වුණාද? ඒත් ඔහු සාර්ථකව දේශනා කරපු කෙනෙක්. වැදගත් වෙන්නේ දිගටම විශ්වාසවන්තව යෙහෝවා දෙවිට සේවය කරන එකයි.—1 කොරි. 4:2.

දේශනා සේවයට තියෙන උද්‍යෝගය දිගටම තියාගන්න හුඟක් ප්‍රචාරකයන්ට උදව් වෙලා තියෙන තවත් දෙයක් තමයි ජය ගන්න පුළුවන් ඉලක්ක තියලා ඒවාට ළඟා වෙන්න උත්සාහ කරන එක. අපිට තියාගන්න පුළුවන් මොන වගේ ඉලක්කද? “ජය ගන්න පුළුවන් ඉලක්ක තියාගන්න” කියන කොටුවේ ඒ වගේ ඉලක්ක කීපයක් ගැන කතා කරනවා.

සේවයෙන් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන් පැති ගැන හිතලා ඒවා දියුණු කරගන්න ඉලක්ක තියාගන්න. යෙහෝවා දෙවිගේ උදව් ඉල්ලන්නත් අමතක කරන්න එපා. ඔයා තියාගත්ත ඉලක්ක එකින් එක ජය ගද්දී ඔයාට ලොකු සතුටක් දැනෙයි. ඒ විතරක් නෙමෙයි ශුභාරංචිය දේශනා කරන්න ඔයාට පුළුවන් උපරිමය කළා කියන තෘප්තියත් ඔයාට දැනෙයි.

ශුභාරංචිය දේශනා කරන එක ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. ඒත් උද්‍යෝගය දිගටම තියාගන්න ඔයාට උදව් වෙන හුඟක් දේවල් තියෙනවා. ඔයාත් එක්ක සේවයේ යන කෙනාගෙන් ලැබෙන දිරිගැන්වීම අගය කරන්න. නිතිපතා, අර්ථවත් විදිහට බයිබලේ අධ්‍යයනය කරන්න. විශ්වාසවන්ත දාසයා දෙන යෝජනා අදාළ කරගන්න. ජය ගන්න පුළුවන් ඉලක්ක තියාගන්න. ඒත් එක්කම ඔයා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි දෙවිගේ සාක්ෂිකරුවෙක් හැටියට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න ඔයාව තෝරගෙන තියෙන්නේ යෙහෝවා දෙවි කියන දේ. (යෙසා. 43:10) ඒ නිසා දිගටම උද්‍යෝගයෙන් සේවය කරන්න අධිෂ්ඨාන කරගන්න. ඒකෙන් ඔයා ලොකු සතුටක් ලබයි.

උද්‍යෝගය දිගටම තියාගන්න ඕනෙ ඇයි?

  • දේශනා සේවය බයිබලේ තියෙන අනාවැකියක ඉටු වීමක්.—මාක් 13:10.

  • මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන එක යේසුස්ට කීකරු වීමක්.—මතෙ. 28:19, 20.

  • දුෂ්ට මිනිසුන්ට අනතුරු අඟවන එක දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා.—එස. 3:19.

  • ශුභාරංචිය ගැන කියන එක අපේ වගකීමක්.—ක්‍රියා 20:26, 27; රෝම 1:14, 15.

  • ඉදිරියේදී විනාශ වෙන ජීවිත ගැන වගකියන්න අපිට වෙන්නේ නැහැ.—එස. 3:18.

  • අපෙත් අන් අයගෙත් ජීවිත ගලවාගන්න නම් බයිබලේ තියෙන සත්‍යය ගැන කියලා දෙන එක වැදගත්.—1 තිමෝ. 4:16.

  • යෙහෝවා දෙවි ගැන කතා කරන එක, ප්‍රසිද්ධියේ ඔහුට ප්‍රශංසා කරන එක අපේ නමස්කාරයේ අංගයක්.—හෙබ්‍රෙ. 13:15.

  • අත් නෑර සේවය කරන එකෙන් යෙහෝවා දෙවිටත් යේසුස්ටත් අපි ආදරෙයි කියලා පෙන්නනවා.—යොහ. 14:15; 1 යොහ. 5:3.

  • සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න පුළුවන්.—යෙසා. 43:10-12; 2 කොරි. 4:4.

ජය ගන්න පුළුවන් ඉලක්ක තියාගන්න

  • සතිපතා සේවයේ හවුල් වෙන්න කාලසටහනක් හදාගෙන ඒ අනුව දිගටම කරන්න.

  • උනන්දුවක් පෙන්නන හැම කෙනෙකුගෙන්ම බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න.

  • ගෙදරකට ගිහින් කතා කරද්දී පුළුවන් නම් එක බයිබල් පදයක් හරි කියවන්න.

  • සඟරා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න.

  • පණිවිඩයට සවන් දෙන හැම කෙනෙක්වම නැවත බලන්න යන්න.

  • දේශනා කරන්න තියෙන විවිධ ක්‍රම අත්හදා බලන්න.

  • අවිධිමත්ව සාක්ෂි දරන්න තව තවත් අවස්ථා හොයාගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න