ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 සැප්තැම්බර් 22 පි.
  • යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපේම හොඳටයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපේම හොඳටයි
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෝනාව ආදර්ශයට ගත්ත පෝලන්තයේ සහෝදරියක්
  • ෆීජි රටේ ආදර්ශවත් බිරිඳක්
  • “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය”
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයා ආදරෙයි කියලා එයාලට කියන්න
    අද්දැකීම්
  • ආදරණීය ලෙස ප්‍රේමය ලබන භාර්යාවක්
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • ‘ප්‍රඥාව සොයාගෙන ඇති මනුෂ්‍යයා සන්තෝෂවත් ය’
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 සැප්තැම්බර් 22 පි.

යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපේම හොඳටයි

යෝනාව ආදර්ශයට ගත්ත පෝලන්තයේ සහෝදරියක්

“බව්තීස්ම වෙද්දී මට අවුරුදු 15යි. මාස 6කට පස්සේ මම සහායක පුරෝගාමි සේවය පටන්ගත්තා. අවුරුද්දකට පස්සේ ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. ඉස්කෝලේ ගිහින් ඉවර වුණාම මට ඕනෙ වුණා ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවය කරන්න. පොඩි කාලේ ඉඳන් මං හිටියේ ආච්චිත් එක්ක. එයා සත්‍යයේ නෙමෙයි. මට ඕනෙ වුණේ එයාගෙනුයි මං හිටපු ටවුමෙනුයි කොහේ හරි ඈතකට යන්න. ඒත් චාරිකා සේවක කිව්වා මට සේවය කරන්න තියෙන්නේ මං ඉන්න ටවුමෙමයි කියලා. මගේ බලාපොරොත්තු සුන් වුණත් මං ඒක චාරිකා සේවකට ඇඟෙව්වේ නැහැ. එයා කියපු දේ ගැන හිතහිත මං මූණත් එල්ලගෙන ගිහින් මගේ යාළුවාව හම්බ වෙලා කිව්වා ‘මාත් හරියට යෝනා වගේ කියලා මට හිතෙනවා. නිනිවයට යන්න එයා කැමති වුණේ නැතත් අන්තිමේදී එයා ගියා. ඒ වගේ මාත් මට දීපු පැවරුම කරනවා.’

“මං දැන් අවුරුදු 4ක් තිස්සේ මේ පැත්තේ සේවය කරනවා. ලැබුණ මඟ පෙන්වීම්වලට කීකරු වුණ එක කොච්චර වටිනවද කියලා දැන් මට තේරෙනවා. මං හිතපු විදිහයි වැරදි. දැන් මං සේවය කරන්නේ හරිම සතුටින්. මාසයක් යද්දී බයිබල් පාඩම් 24ක් මං පටන්ගත්තා. සත්‍යයට විරුද්ධ වුණ ආච්චිත් මාත් එක්ක පාඩම් කරන්න කැමති වුණා. ඒ ගැන මං යෙහෝවා දෙවිට ගොඩක් ස්තුති කරනවා.”

ෆීජි රටේ ආදර්ශවත් බිරිඳක්

ෆීජිවල බයිබලේ පාඩම් කරන කාන්තාවකට තීරණය කරන්න වුණා සමුළුවට යනවද නැත්නම් සැමියා එක්ක නෑයෙක්ගේ උපන් දින උත්සවයට යනවද කියලා. එයා සමුළුවට යන එක ගැන සැමියාගේ අකමැත්තක් තිබුණේ නැහැ. සමුළුව ඉවර වෙලා උපන් දින උත්සවයට එන්න පුළුවන් වෙයි කියලා එයා සැමියාට කිව්වා. ඒත් සමුළුව ඉවර වෙලා ගෙදර ආවාම එයාට හිතුණා ඒ උත්සවයට නොගිහින් ඉන්න. මොකද දෙවිත් එක්ක එයාට තියෙන බැඳීමට හානි වෙන්න පුළුවන් පුංචි හරි දෙයක් එතනදී වෙන්න ඉඩ තියෙනවා කියලා එයාට හිතුණා.

ඔය අතරේ එයාගේ සැමියා නෑයන්ට කිව්වා සාක්ෂිකරුවන්ගේ රැස්වීම ඉවර වුණාම නෝනා උත්සවයට එයි කියලා. ඒත් නෑයෝ කිව්වා “එයා එන්නේ නැහැ. සාක්ෂිකාරයෝ උපන් දිනය සමරන්නේ නැහැනේ” කියලා.a

බිරිඳ එයා විශ්වාස කරපු දේවලට, එයාගේ හෘදය සාක්ෂියට එකඟව වැඩ කරපු නිසා සැමියා හුඟක් සතුටු වුණා. ඒ බිරිඳ දෙවිට පෙන්නපු ළැදිකම නිසා සැමියාටත් පවුලේ අනිත් අයටත් සාක්ෂි දරන්න එයාට පුළුවන් වුණා. මොකක්ද ප්‍රතිඵලේ? සැමියා බයිබල් පාඩමක් කරන්න කැමති වුණා විතරක් නෙමෙයි රැස්වීම් යන්නත් පටන්ගත්තා.

a 2001 දෙසැම්බර් 15 ‘මුරටැඹ’ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න