ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 ජූනි 3 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ඔබට මතකද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබට මතකද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබට මතකද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබට මතකද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 ජූනි 3 පි.

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

දෙවිගේ සංවිධානයෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී චාරිකා සේවකයන්, වැඩිමහල්ලන් කරන්න ඕනෙ මොනවද?

එයාලා ඉක්මනින්ම ඒවාට කීකරු වෙන්න ඕනේ. එයාලට පුළුවන් මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මං දේවල් කරන විදිහ දකිද්දී යෙහෝවා දෙවිට ළැදිව ඉන්න සභාවේ අය දිරිගැන්වෙයිද? ලැබෙන මඟ පෙන්වීම් මං ඉක්මනින් අදාළ කරගන්නවද?’—w16.11, 11 පිටුව.

ක්‍රිස්තියානීන් මහ බැබිලෝනියේ වහලුන් වුණේ කවදද?

ඒක වුණේ නියෝජිතයන් මිය ගිහින් ටික කාලෙකින්. ඒ කාලේ බිෂොප්වරු, පූජකයන් හැටියට පිරිසක් පෙනී හිටියා. යේසුස්ගේ ඉගැන්වීම් විකෘති කරපු අයට ආණ්ඩුවලින්, පල්ලිවලින් පිළිගැනීමක් ලැබුණ නිසා අභිෂේක ලත් අයගේ ඉගැන්වීම් යටපත් වුණා. ඒත් 1914ට දශක ගාණකට කලින් ඉඳන් අභිෂේක ලත් අය මහ බැබිලෝනියෙන් නිදහස් වෙන්න පියවර ගත්තා.—w16.11, 23-25 පිටු.

ලුෆෙව් දිතෑප්ලගේ පරිවර්තනයේ තියෙන විශේෂත්වය මොකක්ද?

1520 ගණන්වල ලුෆෙව් බයිබලය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළා. එහෙම කළේ සාමාන්‍ය මිනිසුන්ට ඒක ලබාගන්න පුළුවන් වෙන්න. ලුෆෙව් අදහස් පරිවර්තනය කරපු විදිහ මාටින් ලූතර්ටත් විලියම් ටින්ඩේල්ටත් ජෝන් කැල්වින්ටත් ප්‍රයෝජනවත් වුණා.—wp16.6, 10-12 පිටු.

‘තමන්ගේ ආශාවන්ට මනස යොමු කරන’ කෙනෙක් සහ ‘දෙවි ප්‍රිය කරන දේවලට මනස යොමු කරන’ කෙනෙක් අතර තියෙන වෙනස මොකක්ද? (රෝම 8:6)

තමන්ගේ ආශාවන්ට මනස යොමු කරන කෙනෙක්ගේ ප්‍රධාන අරමුණ ඒ ආශාවන් ඉටු කරගන්න එකයි. එයා නිතරම කතා කරන්නේ ඒ ගැන. දෙවි ප්‍රිය කරන දේවලට මනස යොමු කරන කෙනෙක් තමන්ගේ සිතුවිලි සකස් කරන්න දෙවිගේ බලයට ඉඩ දෙනවා. කෙනෙක් තම මනස වැරදි ආශාවන්ට යොමු කළොත් එය මරණයට මඟ පාදයි. මනස දෙවි ප්‍රිය කරන දේවලට යොමු කළොත් එයින් ජීවනය සහ සමාදානය හිමි වෙයි.—w16.12, 15-17 පිටු.

කනස්සල්ල අඩු කරගන්න උදව් වෙන සමහරක් දේවල් මොනවද?

වැදගත් දේවලට මුල් තැන දෙන්න, තමන්ගේ සීමාව තේරුම්ගන්න, විවේකයට කාලේ වෙන් කරන්න, දෙවිගේ නිර්මාණ අගය කරන්න කාලේ ගන්න, විහිළුවක් තහළුවක් කරන්න, නිතිපතා ව්‍යායාම් කරන්න, ප්‍රමාණවත් නින්දක් ගන්න.—w16.12, 22-23 පිටු.

ඒනොක්ව “දෙවි විසින් ගෙන යන ලදි. එමනිසා ඔහු සාමාන්‍ය මරණයක් අද්දුටුවේ නැත.” (හෙබ්‍රෙ. 11:5) ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?

දුෂ්ට මිනිසුන් හිංසා පීඩා කරලා ඒනොක්ව මරන්න කලින් දෙවි එයාව මිය යන්න සැලැස්සුවා. තමන් මිය යනවා කියලා ඒනොක් දැනගෙන හිටියේ නැහැ.—wp17.1, 12-13 පිටු.

තමන්ගේ සීමාව අවබෝධ කරගෙන වැඩ කරන්න ඕනෙ ඇයි?

තමන්ගේ සීමාව අවබෝධ කරගන්නේ නැති කෙනෙක් තමන් ගැන ඕනෑවට වඩා හිතනවා. තමන්ට කරන්න අයිතියක් නැති දේවල් කරනවා. ඒ නිසා අනිත් අය එක්ක මතභේද ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.—w17.01, 18 පිටුව.

මුල් සියවසේ හිටපු පාලක මණ්ඩලයට මඟ පෙන්නුවෙත් අද පාලක මණ්ඩලයට මඟ පෙන්නන්නෙත් දෙවියි කියලා කියන්න තියෙන සාක්ෂි මොනවද?

දෙවිගේ බලයේ උදව්වෙන් එයාලා බයිබල් සත්‍යයන් තේරුම්ගත්තා. දේවදූතයන්ගේ උදව් නිසා දේශනා සේවය හොඳින් සැලසුම් කරන්න පුළුවන් වෙලා තියෙනවා. එයාලා මඟ පෙන්වීම් දෙන්නේ දේවවචනයට එකඟව.—w17.02, 26-28 පිටු.

යේසුස්ගේ ජීවිත පූජාව අගය කරන්න අපිව පොලඹවන්නේ මොන කරුණුද?

(1) තෑග්ග දුන්නේ කවුද? (2) ඒක දුන්නේ ඇයි? (3) ඒක දෙන්න ඔහු කළේ මොන වගේ කැප කිරීමක්ද? (4) ඒක ඔයාට ඕනම කරපු දෙයක්ද? ඒ කරුණු 4 ගැන අපි හිතන්න ඕනේ.—wp17.2, 4-6 පිටු.

ගත්ත සමහර තීරණ වෙනස් කරන එක වැරදිද?

අපි වචනේ වෙනස් කරන්න හොඳ නැහැ. ඒත් ගත්ත තීරණයක් ගැන ආයෙත් හිතලා බලන එක සමහර වෙලාවලදී හොඳ දෙයක්. නිනිවයේ වැසියන් පසුතැවුණම දෙවි ඔහුගේ තීරණය වෙනස් කළා. මුහුණ දෙන තත්වයන් වෙනස් වෙද්දී, අලුත් තොරතුරු ලැබෙද්දී ගත්ත තීරණ වෙනස් කරන්න වෙයි.—w17.03, 16-17 පිටු.

සිද්ධ වෙච්ච යම් දෙයක් ගැන දොස් කියන එක භයානක ඇයි?

ඒකෙන් ප්‍රශ්න දුර දිග යන්න ඉඩ තියෙනවා. අපිට හැඟෙන දේ හරි වුණත් වැරදි වුණත් දොස් කියන එකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ.—w17.04, 21 පිටුව.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න