ක්ෂේත්‍ර සේවයේ ක්‍රියාශීලී වීමට එකිනෙකාට උපකාර කරන්න
1 “පොළොවේ සියල්ලෙනි, යෙහෝවාට ප්‍රීති නාද පවත්වව්. යෙහෝවාට ප්‍රීතියෙන් මෙහෙකරව්. ගීතිකා කරමින් ඔහු ඉදිරියට පැමිණෙව්.” (ගීතා. 100:1, 2) අද සිටින යෙහෝවාගේ සෙනඟ අතර මෙම ප්‍රීතිය දැකගත හැකියි. ඔහුගේ පුදුම ක්‍රියා ගැන පැවසීමටත් දේවසේවයේ හවුල් වීමටත් මහත් උද්යෝගයක් ඔවුන්ට තිබේ. ගෙයින් ගෙට යෑමේදී මෙන්ම ගමන් බිමන් යන විට, රැකියා කරන ස්ථානයේදී හා පාසැලේදී අවිධිමත් ආකාරවලින් කතා කිරීමෙන් ඔවුහු දේවසේවයේ හවුල් වෙති.
2 සාතන්ගේ ප්‍රහාරවලින් හටගන්න පීඩනවලට සමහරු යට වී සිටිති. අපේ දේවසේවය පැත්තකට තල්ලු වී යන තරමට අපේ කාලය හා අවධානය අවශ්‍ය කරන තත්වයන් මතු වේ. අධෛර්ය වීම්වලින් දෙවිගේ සෙනඟව ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රේමණීය අවේක්ෂකයන් හා එඬේරුන් මාර්ගයෙන් මහත් වැඩ කොටසක් ඉටු වී තිබේ. හිතෝපදේශ 24:10හි මෙසේ සඳහන් වේ. “නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.”
3 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ හොඳ ස්ප්‍රීතුවක් දක්නට ලැබිණ. ඒ මාසයේදී ප්‍රචාරකයන් 3,679දෙනෙක් ක්ෂේත්‍ර සේවයේ වාර්තා කළහ. ඔවුන්ගේ ශක්තිය අල්ප වූයේ නැත. මෙතෙක් වාර්තා වී තිබෙන ඉහළම ප්රචාරක සංඛ්‍යාව එයයි. මෙම වැඩිවීමට හේතු වූයේ අක්‍රියාශීලී අයට නැවත ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට උපකාර කිරීම සඳහා ලෝක ව්‍යාප්තව දියත් කළ වැඩසටහනයි. විවිධ ප්‍රශ්න ගැටලු නිසා අක්‍රියාශීලී වූ සියගණනකට නැවත සේවයේ හවුල් වීම සඳහා සෙසු සහෝදර සහෝදරියන්ගේ උපකාරය ලැබිණ. මේ ගැන ස්වර්ගයේ මහත් ප්‍රීති ඝෝෂාවක් ඇති වූ බවට සැකයක් නැත.
4 “නැති වූ බැටළුවා” හා “නැති වූ කාසිය” පිළිබඳ යේසුස් පැවසූ උපමා ගැන සාකච්ඡා කළ මුරටැඹ පාඩම ඔබට මතකද? (මුරටැඹ, 2003 පෙබරවාරි 1 කලාපය) මේ කෙටි උපමා දෙකෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? ඒවායින් අපට පෙන්වා දෙන දෙය මෙයයි. (1) දුර්වල වී සිටින අය ගැන අපට හැඟිය යුතු ආකාරය සහ (2) ඔවුන්ට උපකාර කිරීමට අප කළ යුතු දෙයය. මොවුන් හදන්න බැරි අමතක කර දැමිය යුතු අය නොවේ කියා “නැති වූ නමුත් බොහෝ සෙයින් වටියි” නමැති උපමාතෘකාවේ පෙන්වා දෙනු ලැබීය. මේ උපමා දෙකේදීම යේසුස් පැමිණි මෙම නිගමනය ගැන සලකා බලන්න. “පසුතැවිලි වන එක් පව්කාරයෙකු නිසා ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේය” සහ “පසුතැවිලි වන එක් පව්කාරයෙකු ගැන දෙවිගේ දූතයන් අතරේ ප්‍රීතිය හටගන්නේයයි මම ඔබට කියමි.” උපමාවල සඳහන් එඬේරා සහ ස්ත්‍රිය දක්වන සැලකිල්ලෙන් පිළිබිඹු වන්නේ යෙහෝවාගේ මෙන්ම ඔහුගේ ස්වර්ගික මැවිලිවල හැඟීම්ය. නැති වූ දෙය එඬේරාට හා ස්ත්‍රියට අනර්ඝ වූවාක් මෙන් සත්‍යයෙන් ඉවතට පාවී ගොස් සිටින අයව හා දෙවිගේ සෙනඟ සමඟ සබඳතා පැවැත්වීම නවත්වා දමා තිබෙන අයව යෙහෝවා තවමත් සලකන්නේ අනර්ඝ අය ලෙසයි.—යෙරෙ. 31:3; ගීතා. 119:176.
5 “මූලික පියවර ගන්න,” “මුදු මොළොක් වන්න.” මෙය එම ලිපියේ තිබූ තවත් උපමාතෘකා දෙකකි. එම ස්වභාවය පෙන්වමින් පාලක මණ්ඩලය අක්‍රියාශීලී සියලුදෙනාටම නැවත ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම සඳහා උපකාර කිරීමේ වැඩසටහනක් සකස් කළේය. අක්‍රියාශීලී අය දොළොස්දෙනෙක් සිටි සභාවක දහදෙනෙක් ක්ෂේත්‍ර සේවයේ හවුල් වී වාර්තා කළහ. මෙම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ යෙහෝවා සභාවලට කර තිබෙන ආශීර්වාදයි. මූලික පියවර ගැනීමෙන් අපට වුවමනා කරන්නේ අපේ පූර්ණ සහයෝගය ප්‍රේමණීය ලෙස අන් අයට ලබා දීමටයි.
6 ඉදිරි මාසවලදී අපට කළ හැකි දේවල් මොනවාද? ආත්මික ශක්තියෙන් බෙලහීන වී සිටින සහෝදර සහෝදරියන්ව බැහැදැකීමට වැඩිමහල්ලන් හා පොත් පාඩම් අවේක්ෂකයන් වුවමනා වනු ඇත. සාතන්ගේ උදහසින් යටපත් වී සිටින අයට උපකාර කරන්න සියලුදෙනාටම හැකියි. ඔබ සමඟ ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට එවන් කෙනෙකුට ආරාධනා කිරීම හොඳ අදහසක් නොවේද? නැවත බැලීමකට හෝ බයිබල් පාඩමකට ඔබ යන විට යමෙකුව රැගෙන යන්න. යළි ක්‍රියාශීලී වී සිටින මේ අයට ගෙයින් ගෙට සේවයේදී තවමත් දුර්වල ගතියක් හා බයාදු ගතියක් දැනිය හැකියි. මේ අයව අප සමඟ ගෙයින් ගෙට සේවයට කැටුව යන්න අපට පුළුවන්ද? ඉදිරිපත් කිරීමක් සූදානම් කරගැනීම සඳහා ඔවුන්ට උපකාර කරන්න අපට පුළුවන්ද? එකිනෙකාට උපකාර කිරීම සඳහා අප සෑම කෙනෙකුටම ප්‍රායෝගික යමක් කළ හැකියි. ඔබ එවැනි දෙයක් කරනවා නම් යෙහෝවා හා ස්වර්ගයේ සිටින දේවදූතයන් සමඟ ඔබත් ප්‍රීතිවනු නිසැකයි.
7 සෑම සතියකම යමෙකුට සාක්ෂි දැරීම ඔබේ ඉලක්කය කරගැනීම හොඳ අදහසක් නොවේද! බස් රථයකදී කෙනෙකුට පත්‍රිකාවක් දීමෙන් හොඳ සාකච්ඡාවක් කිරීමට මඟ සැලසිය හැකියි. මෙවැනි වෑයම්වලට ආශීර්වාද ලැබෙන අතර යෙහෝවාගෙන් ශක්තියද ලැබේ. මෙය කරන්න බැහැ කියා සිතන්න එපා. එක්තරා අවස්ථාවකදී යෝනාගේ ධෛර්යය සිඳී ගියත් යෙහෝවා ඔහුව ශක්තිමත් කිරීම නිසා ඔහු ප්‍රතිඵලදායක ලෙස සාක්ෂි දැරූ බව මතක තබාගන්න. යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න. ඔහුගෙන් ලැබෙන ආශීර්වාදවලින් ප්‍රීති වන්න.
8 ඔබ සෑම මාසයකම ක්ෂේත්‍ර සේවයේ හවුල් වෙනවාද? සමහරු එසේ හවුල් වුණත්, එය වාර්තා කිරීමට අසමත් වෙති. මේ ගැන කුමක් කළ හැකිද? ක්ෂේත්‍ර සේවා වාර්තාව ලබා දීමට ඔබට අමතක වුණොත්, ඔබට හැකියි ඊළඟ මාසයේදී වාර්තා දෙකක් ලබා දෙන්න. එකක් අදාළ මාසය සඳහා වන අතර අනෙක කලින් මාසය සඳහාය. වාර්තාවට අදාළ මාසය ලියන්න. ඔබ මාසයක් හෝ ඊට වැඩි ගණනක් සේවය වාර්තා කර නොමැති නම්, ඒ මාස මොනවාදැයි ඔබට දැනුම් දීමට ලේකම්ට හැකියි. ඉන්පසු අතපසු වූ මාස සඳහා ප්‍රමාද වූ වාර්තා ලබා දෙන්න ඔබට හැකියි. අනතුරුව ඔබේ වාර්තාව වත්මන් මාසයේ වාර්තාවට ඇතුළත් කරනු ලබන අතර, ඔබව ගණන් ගැනෙන්නේ එම මාසය සඳහා දෙවතාවක් හෝ ඊට වැඩි ගණනක් වාර්තා කළ අයෙකු ලෙසයි. සභාවේ ඔබේ නමින් තිබෙන සභා ප්රචාරක කාඩ් පතෙහි අදාළ මාසය සඳහා ඔබේ වාර්තාව සටහන් කෙරේ.
9 අපි සියලුදෙනාම සේවයේ ප්‍රීතිය ලබමින් යෙහෝවාගේ ක්‍රියාශීලී ප්රශංසාකරුවෝ වෙමු. සෑම සතියකම, සෑම මාසයකම දේවසේවයේ හවුල් වීම සඳහා කාලය සොයාගනිමු. සේවයේ හවුල් වීමෙන් අපව වළක්වමින් අපේ ආත්මික ශක්තිය දුර්වල කිරීමට සාතන්ට ඉඩ නොදෙමු. දේවසේවය සඳහා අනිත් අයව කැටුව යෑමෙන් එකිනෙකා කෙරෙහි තිබෙන ප්‍රේමය පෙන්වන්න. දේවසේවයේදී අප කරන දේවල් බලා යෙහෝවා සහ දේවදූතයන් දිගටම සතුටු වනු ඇත. —ගීතා. 100:4.