“ස්වාමීන් තුළ බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන ස්ත්‍රීන්”
1 පාවුල් ඉහත සඳහන් වචනවලින් විස්තර කළේ රෝමයේ පිහිටි සභාවේ වෙහෙස මහන්සි වී වැඩ කළ සහෝදරියන් දෙදෙනෙක් වූ තෘපේනා හා තෘපෝසා ගැනයි. තවත් එවන් ස්ත්‍රියක් වූ පර්සිස් ගැන පාවුල් මෙසේ පැවසුවා: “ඈ ස්වාමීන් තුළ බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළාය.” ඔහු මේ හා සමානව ප්රශංසාත්මක වදන්වලින් සහෝදරයන්ට ‘බොහෝ උපකාර කළ තැනැත්තියක් වූ’ පේබී ගැනද සඳහන් කළා. (රෝම 16:2, 12, NW) “බොහෝ යහපත් ක්‍රියාවලද දාන දීමෙහිද යෙදී සිටිය [බොහෝදෙනෙකුට දයාව දැක්වූ, NW]” තැනැත්තියක් හැටියට දොර්කස් ගැන ශුද්ධ ලියවිල්ලෙහි විශේෂ සඳහනක් කර තිබෙනවා. (ක්‍රියා 9:36) ආත්මික මේරූ ස්ත්‍රීන් සභාවට මොනතරම් ආශීර්වාදයක්ද!
2 අපේ සභාවල වෙහෙස මහන්සි වී වැඩ කරන සහෝදරියන්ව අපි අගය කරනවාද? දේශනා කිරීමේ වැඩයේ වැඩියෙන් හවුල් වන්නේ ඔවුනුයි. බයිබල් පාඩම්වලින් වැඩි ප්‍රමාණයක් කරන්නේද ඔවුනුයි. ඒ වගේම ඔවුන් නවකයන් බොහෝදෙනෙකුට උපකාර කරනවා. ඔවුන් දරුවන්ට ආත්මිකව වර්ධනය වීම සඳහා උපකාර කිරීමට සෑහෙන කාලයක් වැය කරනවා. ක්‍රිස්තියානි ස්ත්‍රීන් සභාව තුළ ප්‍රේමය, ප්‍රීතිය, සාමය හා ජ්වලිතය යන ගුණාංගවලින් පිරි ස්වභාවයක් ඇති කිරීම සඳහා ඔවුන්ගේ වැඩ කොටස හොඳින් කරනවා. ඔවුන් තමන්ගේ ස්වාමිපුරුෂයන්ට හා පවුලේ වෙනත් සාමාජිකයන්ට යෙහෝවාගේ සේවයෙහි වැඩි වැඩියෙන් හවුල් වීමට හැකි වන අයුරින් සහයෝගය දක්වනවා.
3 පූර්ණ කාලීන සේවයෙහි නිරත වන සහෝදරියන්: ස්වාමීන් තුළ වෙහෙස මහන්සි වී වැඩ කරන ස්ත්‍රීන් අතර මිෂනාරි සේවයේ හවුල් වන ස්ත්‍රීන්ද සිටියි. මොවුන්ගෙන් බොහෝදෙනෙක් විදේශීය රටවල රාජ්‍ය කටයුතුවල වර්ධනයට පංගුකාරයන් වී තිබෙනවා. සංචාරක අවේක්ෂකයන්ගේ භාර්යාවන් තම ස්වාමිපුරුෂයන් සේවය කරන සභා සමඟ දේවසේවයෙහි කාර්යබහුලව හවුල් වෙමින් සහෝදරියන් බොහෝදෙනෙකුව දිරිමත් කරනවා. බෙතෙල්හි සේවය කරන සහෝදරියන්වද මෙහිදී අමතක නොකළ යුතුයි. ඔවුන් යෙහෝවාගේ සංවිධානයේ වැඩ කටයුතුවලට සහය වෙමින් ජ්වලිතව පරිශුද්ධ සේවයෙහි හවුල් වෙනවා. ස්ථාවර පුරෝගාමී සේවයේ හවුල් වන අපේ සහෝදරියන්ද දෙවිව ප්‍රශංසාවට පත් කිරීම සඳහා අවංක වෑයමක් දරමින් දහස් ගණනකට සත්‍යය ඉගෙනගැනීමට උපකාර කරමින් සිටිනවා.
4 මේ ඇදහිලිවන්ත ස්ත්‍රීන් ආත්ම පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කරමින් මහත් තෘප්තියක් අද්දකිනවා. (1 තිමෝ. 6:6, 8) ඔවුන් අපේ ප්‍රශංසාව මෙන්ම අපිට දිය හැකි ඕනෑම ආකාරයේ සහයෝගයක් හා දිරිගැන්වීමක් ලබන්න වටිනවා.
5 ඇදහිලිවන්තව සේවය කරන ක්‍රිස්තියානි ස්ත්‍රීන් යෙහෝවාගේ සංවිධානය සතු වටිනා සම්පතකි. ඔවුන්ගේ සේවය සියල්ලන්ටම ආශීර්වාදයකි. මෙවන් ස්ත්‍රීන්ව දිගටම අගය කරමු. ඔවුන් “ස්වාමීන් තුළ බොහෝ වෙහෙස මහන්සි වී වැඩ” කරද්දී, ඔවුන්ට යෙහෝවාගේ ආශීර්වාද හිමි වේවා කියා යාච්ඤා කරමු.