අපිට 2000 අප්‍රියෙල් වාර්තාගත මාසයක් කළ හැකිද?
1 අප්‍රියෙල් 19වන බදාදා සන්ධ්‍යාව අපේ සේවා වසරේ සුවිශේෂතම අවස්ථාව සනිටුහන් කරනවා. එදින හිරු ටිකෙන් ටික ක්ෂිතිජයෙන් නොපෙනී යද්දී ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරන්න යනවා. අපි ලෝකයේ කොතැනක ජීවත් වුණත්, වසරේ වැදගත්ම සිද්ධිය යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව අනුස්මරණය කිරීමයි. සිහි කිරීම පවත්වන දිනය 2000 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිනදර්ශනයේ අප්‍රියෙල් මාසයේ විශේෂ කොට දක්වා තිබෙනවා.
2 යෙහෝවා සිය පුත්‍රයාගේ ජීවිත පූජාව මගින් විදහාපෙන්වූ ලබන්න නොවටිනා තරම් වූ කරුණාව සඳහා අපගේ අගය කිරීම මුළු හදින්ම පෙන්වීමට මුළු අප්‍රියෙල් මාසයම අපිට කදිම ප්‍රස්තාවක් සපයනවා. අපිට අගය කිරීම පෙන්වන්න පුළුවන් කොහොමද? “[ක්‍රිස්තුස්ගේ] ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්, [ඔහු] සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගුටුණාවූ [තැනැත්තා] උදෙසා ජීවත්වන පිණිසය” කියා ප්‍රේරිත පාවුල් ලිව්වා. (2 කොරි. 5:14, 15) රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් හැටියට අප්‍රියෙල් මාසය වාර්තාගත මාසයක් කිරීමට හවුල් වීමෙන් අපි ජීවත් වන්නේ අප උදෙසා නොව, අපි වෙනුවෙන් මිය ගිය තැනැත්තා උදෙසා බව පෙන්වමු. මෙසේ කිරීමෙන් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි අපේ අගය කිරීම පෙන්විය හැකියි.
3 අප්‍රියෙල් මාසයේදී උපකාරික පුරෝගාමී සේවය කිරීම: ප්‍රේරිත පාවුල් මෙම වදන් පැවසූ අවස්ථාවේදී අපට අනුගමනය කිරීම සඳහා පොලඹවනසුලු ආදර්ශයක් තැබුවා: “මාගේ දිවීමද [දෙවිගේ] කරුණාවේ ශුභාරංචියට සාක්ෂිදෙන පිණිස ස්වාමිවූ [යේසුස්ගෙන්] මට ලැබුණු මෙහෙයද සම්පූර්ණ කිරීම පමණ මාගේ ජීවිතය වැදගත්ය නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසලකමි.” (ක්‍රියා 20:24) යෙහෝවා දෙවි ගැන සම්පූර්ණ සාක්ෂියක් දීම සඳහා ප්‍රේරිත පාවුල්ට තිබූ වරප්රසාදයම අපිටත් තිබෙනවා. සම්පූර්ණ සාක්ෂියක් දරමින් මෙම අප්‍රියෙල් මාසය මෙතෙක් උපකාරික පුරෝගාමීන්ගේ කටයුතුවල වාර්තාගත මාසයක් බවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
4 වසර 2000 අප්‍රියෙල් මාසයේ සම්පූර්ණ සති අන්ත පහක් තිබෙන නිසා හුඟදෙනෙකුට එම මාසයේදී උපකාරික පුරෝගාමී සේවය කරන්න පුළුවන් කියා අපි සිතනවා. අපි මෙතෙක් වාර්තා කළ උපකාරික පුරෝගාමීන්ගේ නව ඉහළම සංඛ්‍යාව 1998 අප්‍රියෙල් මාසයේදී 406දෙනෙක් වශයෙන් වාර්තා වූ අතර, මෙය ප්‍රචාරකයන්ගේ මුළු සංඛ්‍යාවෙන් සියයට 15ක් වුණා. වර්ෂ 1999 අප්‍රියෙල් මාසයේදී වාර්තා කළ ප්‍රචාරකයන්ගේ මුළු සංඛ්‍යාවෙහි සියයට නවයක වැඩිවීමක් දකින්න තිබුණා. මෙයින් පෙනෙන්නේ කලින් වාර්තා වූ උපකාරික පුරෝගාමීන්ගේ ඉහළම සංඛ්‍යාව අභිභවා යෑමේ හැකියාව වැඩි බවයි. ඒ වගේම, පැය අවශ්‍යතාවද අඩු කර තිබෙන නිසා, සභාවේ සිටින බොහෝදෙනෙකුට උපකාරික පුරෝගාමී සේවයෙහි හවුල් වෙන්න පුළුවන්. අප්‍රියෙල් මාසයේදී තමන්ට උපකාරික පුරෝගාමී සේවය කරන්න පුළුවන්ද කියා බව්තීස්ම ලත් සෑම ප්‍රචාරකයෙක්ම යාච්ඤාපූර්වකව සිතා බැලීම වටිනවා.
5 වසර 2000 දිනදර්ශනයේ දැක්වෙන අප්‍රියෙල් මාසය සැලකිල්ලට ගනිමින් ඒ මාසය සඳහා ඔබේ කාලසටහන දැන්ම පිළියෙළ කරන්න. ඔබට ක්ෂේත්‍ර සේවයේ හවුල් විය හැකි දවස් මොනවාද කියා ලකුණු කර, අප්‍රියෙල් මාසයේදී දේශනා සේවය සඳහා ඔබට යෙදවිය හැකියි කියා ඔබ සිතන මුළු පැය ගණන එකතු කරන්න. විධිමත් මෙන්ම අවිධිමත් සාක්ෂි දැරීම සඳහා ඔබට යෙදවිය හැකි පැය ගණනද එයට එක් කරන්න. මෙසේ ගණන් බැලූ පැයවල මුළු එකතුව උපකාරික පුරෝගාමී පැය අවශ්‍යතාව වන පැය 50ට ආසන්නද? අවශ්‍ය කරන පැය ප්‍රමාණය අඩු නම් උපකාරික පුරෝගාමී සේවය සඳහා අවශ්‍ය කාලය සොයාගැනීමට ඔබේ කාලසටහනෙහි යම් වෙනස්කම් කරන්න ඔබට පුළුවන්ද? එම මාසයේ උපකාරික පුරෝගාමී පැය අවශ්‍යතාව සපුරාලීම සඳහා ඔබ දවසකට යොදවන්න අවශ්‍ය වන්නේ පැයකුත් විනාඩි 40ක් පමණයි.
6 ස්ථාවර පුරෝගාමීන්ගෙත් පැය අවශ්‍යතාව අඩු කර තිබෙන නිසා පූර්ණ කාලීන සේවය පටන්ගැනීමට ඔබ කල්පනා කරමින් සිටිනවාද? මේ සේවය පටන්ගැනීමට හොඳම කාලය අප්‍රියෙල් මාසයයි! ස්ථාවර පුරෝගාමීන් සඳහා වන පැය 70ක අවශ්‍යතාව සපුරාලීමට ඔබට තිබෙන හැකියාව ගැන ඔබට සැක සහිත නම්, පැය 70ක ඉලක්කයක් තබාගෙන අප්‍රියෙල් මාසයේ උපකාරික පුරෝගාමී සේවය කිරීම හොඳ අදහසක් නොවේද? මෙම පැය ගණන සපුරාගැනීමට ඔබට හැකි බව තේරුම්ගත් විට ස්ථාවර පුරෝගාමී සේවයට ඇතුල් වීම සඳහා හැකි ඉක්මනින් අයැදුම්පතක් පිරවීමට ඔබ කැමති විය හැකියි.—අපගේ දේව සේවය පොතේ 113-14 පිටු බලන්න.
7 ශුභාරංචිය ප්‍රකාශකරන්නන් හැටියට ඔබේ පූර්ණ දායකත්වය පිරිනමන්න: ප්‍රචාරකයන් හෝ වේවා පුරෝගාමීන් හෝ වේවා අපේ පෞද්ගලික තත්වයන්ට අනුව යෙහෝවාගේ සේවයෙහි අපට කළ හැකි සියල්ල ප්‍රාණ පූර්ණව කිරීමට අපි තුළ පෙලඹවීමක් ඇති කරන්නේ දෙවි සහ අසල්වැසියා කෙරෙහි අපිට තිබෙන අව්‍යාජ ප්‍රේමයයි. (ලූක් 10:27) “අපි වැඩකරමුව, වීර්යකරමුව, මක්නිසාද සියලු මනුෂ්‍යයන්ගේ, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ, [ගැළවුම්කාරයා වූ] ජීවමාන [දෙවි] කෙරෙහි අපි බලාපොරොත්තුවී සිටිමු” යනුවෙන් පාවුල් පැවසූ වදන්වලට එකඟව අපි කටයුතු කරන බව එයින් පෙන්වනවා. (1 තිමෝ. 4:10) මේ නිසයි අපි බලාපොරොත්තු වන්නේ ප්‍රචාරකයන් සෑම කෙනෙක්ම අප්‍රියෙල් මාසයේදී රාජ්‍ය දේශනා කිරීමෙහි වැඩයෙහි හවුල් වෙයි කියා.
8 යේසුස් දුන් මෙම උපදේශය අපි අමතක නොකරමු: “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්න.” යේසුස් එම වදන් පැවසීමෙන් අනතුරුව ඔහුගේ ගෝලයන් 12දෙනාව දේශනා කිරීම සඳහා පිටත් කර හැරියා. (මතෙ. 9:37, 38; 10:1, 5, 7) ඉන් අවුරුද්දකට පමණ පසු, යේසුස්ගේ ගෝලයන් 12දෙනා දේශනා කිරීමේ වැඩයෙහි හොඳ පුහුණුවක් ලබා තිබුණු අතර, යේසුස් ‘තවත් සැත්තෑදෙනෙකු නියම කොට පිටත් කර හරිමින්’ ඔවුන්ටත් එම උපදෙසම දුන්නා: “ගොයම බොහෝය, මෙහෙකරුවෝ ස්වල්ප දෙනෙක්ය. ඒ නිසා තමන්ගේ ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන ලෙස ගොයමේ [ස්වාමියාට] යාච්ඤා කරන්න.” (ලූක් 10:1, 2) ඔවුන්ගේ එම යාච්ඤාවලට යෙහෝවා පිළිතුරු දුන් ආකාරය ක්‍රියා පොතෙහි සඳහන් වෙනවා. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවස වන විට ගෝලයන්ගේ සංඛ්‍යාව 120 දක්වා වැඩි වී තිබුණා. පසුව, ගෝලයන්ගේ සංඛ්‍යාව 3,000 දක්වාත් ඉන් කෙටි කාලයකට පසු 5,000 දක්වාත් එක දිගට වැඩි වුණා. (ක්‍රියා 1:15; 2:41; 4:4) පසුව ‘ගෝලයන්ගේ ගණන අතිශයින්ම වැඩි වුණා.’ (ක්‍රියා 6:7) ඒ හා සමානව අපේ කාලයේදීත්, තවත් රාජ්‍ය දේශනාකරුවන් එවන ලෙස ස්වාමියාට අපි දිගටම කන්නලව් කළ යුතුයි. අපේ යාච්ඤාවලට එකඟව කටයුතු කරමින් සෑම ප්‍රචාරකයෙක්ම සෑම මාසයකම දේවසේවයෙහි හවුල් වීමට නිශ්චිත සැලසුම් යෙදිය යුතුයි.
9 වසර 2000 දිනදර්ශනය අතට ගෙන අප්‍රියෙල් මාසය හොඳට බලන්න. එම මාසයේ මුල්ම දවස් දෙක සෙනසුරාදා හා ඉරිදා දවස්වල වැටී තිබෙන නිසා, මාසය ආරම්භයේදීම දේවසේවයට කදිම ආරම්භයක් ලබා දෙමින් එම සති අන්තයේ සේවයෙහි හවුල් වීමට ඔබට කටයුතු පිළියෙළ කරගත හැකිද? ඔබේ සභාවේ පොත් පාඩම් කණ්ඩායම සමඟ එක්ව එම මාසයේ සෑම ‘සඟරා දිනයකම’ ඔබට සේවයෙහි හවුල් විය හැකිද? සෑම ඉරිදාවකම පැයක් හෝ ඊට වැඩි කාලයක් සේවයෙහි හවුල් වීමට ඔබට හැකිද? සමහර දවස්වල සන්ධ්‍යා කාලයේ සාක්ෂි දැරීමෙහි හවුල් වෙන්න ඔබට හැකිද? ඒ වගේම අවිධිමත්ව සාක්ෂි දැරීමට ඔබට උදා වන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්න. රැකියා කරන ස්ථානයේදී, පාසැලේදී හෝ වෙනත් වැඩකටයුතුවල යෙදී සිටින අවස්ථාවලදී අවිධිමත් සාක්ෂි දැරීමෙහි හවුල් විය හැකියි. දේවසේවය සඳහා කාලය වෙන් කළ හැකි දවස් ලකුණු කරගෙන, අප්‍රියෙල් මාසයේ සේවයේ යොදවන පැය ගණන දිනදර්ශනයේම ලකුණු කරන්න.
10 වැඩිමහල්ලන් අනුමත කර ඇති සුදුසුකම් ලැබූ අයට බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් හැටියට සේවයේ හවුල් වීම ආරම්භ කිරීමට අප්‍රියෙල් මාසය කදිම අවස්ථාවක් වේවි. ඔබ යම් කෙනෙක් සමඟ බයිබල් පාඩමක් පවත්වනවා නම්, ශුභාරංචියේ දේශනාකරුවෙක් වන මට්ටමට ශිෂ්‍යයා වර්ධනය වී තිබෙනවාද? එසේනම්, මුලසුනභාර අවේක්ෂක සමඟ මේ ගැන කතා කළ හැකියි. බව්තීස්ම නොලත් දරුවන් ඔබට සිටිනවා නම්, වැඩිමහල්ලන් සමඟ ඔවුන්ගේ ආත්මික වර්ධනය ගැන ඔබ කතා කර තිබෙනවාද? ඔවුන්ටද ශුභාරංචිය ප්‍රකාශකරන්නන් හැටියට සේවය ආරම්භ කිරීමට මෙය හොඳම කාලය නොවේද?—අපගේ දේව සේවය පොතේ 97-100 පිටු බලන්න.
11 වසර 2000 අප්‍රියෙල් මාසය වාර්තාගත මාසයක් කිරීමට අප දරන උත්සාහය සාර්ථක කරගන්න නම්, අපි සියලුදෙනාම දේවසේවයෙහි පූර්ණ ලෙස හවුල් වී, මාසය අවසානයේදී සේවා වාර්තාව ඉදිරිපත් කිරීම අවශ්‍යයි. (මාර්ක් 6:30 සසඳන්න.) මුල් වතාවට දේවසේවයෙහි හවුල් වන බව්තීස්ම නොලත් අලුත් ප්‍රචාරකයන්ට ඔවුන්ගේ වාර්තාව නියමිත වේලාවට ඉදිරිපත් කිරීමට දිරිගැන්විය යුතුයි. අපි එක් එක්කෙනා තමන්ට නියමිත කොටස කිරීමෙන් අප්‍රියෙල් මාසයේ වාර්තාවට දායක විය හැකි අතර, සාක්ෂි දැරීමට ගන්නා උත්සාහයන් මගින් යෙහෝවාට ප්‍රශංසාව ගෙනෙන මහත් හඬට අපිටත් හවුල් විය හැකියි.
12 සිහි කිරීමට තවත් අය කැටුව එන්න: වසර 2000 පවත්වන ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට වාර්තාගත සංඛ්‍යාවක් පැමිණ සිටිනවා දැකීමට අපි බොහෝ සෙයින් ආශා වන්නේ නැද්ද? එසේ වුණොත්, යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් අප වෙනුවෙන් පෙන්වූ උතුම් ප්‍රේමය සඳහා අගය කිරීම පෙන්වීමට කවරදාකටත් වඩා විශාල පිරිසක් සිහි කිරීමට පැමිණ සිටීවි. (යොහන් 3:16; 15:13) ඔබේ පවුලේ අය සමඟ සිහි කිරීමට පැමිණීම සඳහා යොදන සැලසුම්වලට බාධා ඇති කිරීමට කිසිවකට ඉඩ නොදෙන්න.
13 අනිත් අයට සිහි කිරීම සඳහා ආරාධනා කරන්න කාලය දැන් ඇවිත්. ඔබ ආරාධනා කරන්න යන අයගේ නම් ලැයිස්තුවක් පිළියෙළ කරගන්න. පසුගිය කාලයේ බයිබලය පාඩම් කළ අයවත්, දැන් පාඩම් කරන අයවත් ඔබ නැවත බැලීම් කරන සෑම කෙනෙකුමවත් මේ ලැයිස්තුවට ඇතුළත් කරන්න. ඔබ රැකියා කරන ස්ථානයේ හිතවතුන්වද, පාසැලේ සිටින මිතුරන්වද, අසල්වාසීන්වද, ඔබ සමඟ ව්‍යාපාරික කටයුතුවල නිරත වන අයවද එයට ඇතුළත් කරන්න. ඒ වගේම, දන්නා හඳුනන අයව හා ඔබේ නෑදෑයන්වත් අමතක කරන්න එපා. නම් ලැයිස්තුව මෙලෙස පිළියෙළ කරගත් පසු, ලැයිස්තුවේ සඳහන් සෑම කෙනෙකුවම හමු වී ආරාධනා කරන්න. සිහි කිරීම පවත්වන වේලාව හා ස්ථානය පැහැදිලිව දැනුම් දෙන්න. අප්‍රියෙල් 19වනදා ළං වෙද්දී පෞද්ගලිකව ඔවුන්ව හමු වී හෝ දූර ඇමතුමක් දීමෙන් මතක් කිරීමක් කරන්න. ඔවුන්ව සිහි කිරීම පවත්වන ස්ථානයට කැඳවාගෙන ඒම අවශ්‍යද කියා අසන්න.
14 සමිතිය කලින් දී තිබෙන මඟ පෙන්වීම්වලට අනුව, වැඩිමහල් මණ්ඩලය තම බලප්‍රදේශයේ සිටින සියලුම අක්‍රියාශීලී ප්‍රචාරකයන්ට සිහි කිරීමට පැමිණීම සඳහා දිරිගැන්වීමට විශේෂ වෑයමක් දැරිය යුතුයි. (මතෙ. 18:12-14) මේ සඳහා වැඩිමහල්ලන්ට 1999 පෙබරවාරි 2 දිනැති ලිපිය සලකා බැලිය හැකියි. සභාවේ ලේකම් අක්‍රියාශීලී ප්‍රචාරකයන් සියලුදෙනාගේම නම් ලැයිස්තුවක් පිළියෙළ කර සේවා අවේක්ෂකට බාර දිය යුතුයි. වෙනත් වැඩිමහල්ලන්වද හවුල් කරවාගනිමින් මෙම අක්‍රියාශීලී ප්‍රචාරකයන් හමු වී සිහි කිරීමට පැමිණීම සඳහා ආරාධනා කිරීමට ඔහු කටයුතු පිළියෙළ කළ යුතුයි. සමහරවිට, මේ අය සඳහා හැකි ඉක්මනින් දිරිගන්වනසුලු එඬේර බැහැදැකීමක් කිරීමෙන්, අප්‍රියෙල් මාසයේදීම ඔවුන්ට සේවයේ හවුල් වී නැවත ක්‍රියාශීලී වීමට උපකාර කළ හැකියි. ඔවුන් සමඟ ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට අද්දැකීම් ලත් ප්‍රචාරකයෙකුට ආරාධනා කිරීමෙන් ඔවුන් දිරිගැන්වීමක් ලැබිය හැකියි.
15 අප්‍රියෙල් මාසයේදී හොඳින් සහයෝගය දීමට දිරිමත් කරන්න! වසර 2000 අප්‍රියෙල් මාසය වාර්තාගත මාසයක් බවට පත් කිරීම සඳහා සියලුම වැඩිමහල්ලන්ගේ, උපස්ථායක සේවකයන්ගේ හා පවුල් මූලිකයන්ගේ පැත්තෙන් දේවල් හොඳින් සම්බන්ධීකරණය කිරීමක් අවශ්‍යයි. වැඩිමහල්ලන් උනන්දුවෙන් සෑම දෙයක්ම හොඳින් සංවිධානය කරමින් සේවයේ පෙරමුණ ගත යුතුයි. (හෙබ්‍රෙ. 13:7) සතියේ දවස්වල හා සති අන්තයේ ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් පැවැත්වීමට ප්‍රායෝගික සැලසුම් පිළියෙළ කිරීම අවශ්‍යයි. දහවල් කාලයේදී හා සන්ධ්‍යා කාලයේදී ක්ෂේත්‍ර සේවයේ යෙදීම සඳහා අමතර රැස්වීම් පිළියෙළ කළ හැකියි. අප්‍රියෙල් මාසය සඳහා පිළියෙළ කර තිබෙන සියලුම සැලසුම් ඇතුළත් සම්පූර්ණ කාලසටහනක් දැන්වීම් පුවරුවෙහි දැමිය යුතුයි. ක්ෂේත්‍ර සේවය සඳහා සෑම රැස්වීමක්ම මෙහෙයවීමට කලින්ම සහෝදරයන්ව පත් කළ යුතුයි. සෑම කණ්ඩායමකටම සේවය කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රදේශයක් ලබා දිය යුතුයි.
16 අප්‍රියෙල් මාසයේදී විශේෂයෙන්ම ඉදිරිපත් කරන්න යන්නේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරායි. උනන්දුව දක්වන සෑම කෙනෙකුටම ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කර නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට උත්සාහ කරන්න. මේ නිසා, සඟරා හා විවරණිකාවල ප්‍රමාණවත් සැපයුමක් ළඟ තබාගැනීම අවශ්‍යයි.
17 අප්‍රියෙල් මාසය අවසන් වූ විගසම, පොත් පාඩම් මෙහෙයවන්නන් සහ ඔවුන්ගේ සහයකයන් සේවා වාර්තාව ලබා දීමට තම කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුවම දිරිමත් කළ යුතුයි. අප්‍රියෙල් 30වන ඉරිදා පවා මෙය කරන්න පුළුවන්. එවිට, ලේකම් වාර්තා ගණන් කර බැලීමේදී, සමහර ප්‍රචාරකයන් ඒ වෙද්දිත් තමන්ගේ වාර්තා ලබා දී නැති බව පෙනී යයි නම්, මැයි 6වනදාට කලින් වාර්තා ලබා දෙන්න කියා කාරුණිකව මතක් කරන්න ඔහුට හැකි වෙනවා. ඔහු මෙදිනේදී සභා වාර්තාව සමිතියට යැවිය යුතුයි. වාර්තා ලබා දී නැති ප්‍රචාරකයන්ව හමු වී, වාර්තාව ලබාගැනීමට තමන්ට උපකාර කරන්න කියා ඔහුට පොත් පාඩම් මෙහෙයවන්නන්ගෙන් ඉල්ලා සිටිය හැකියි.
18 දෙවිගේ සෙනඟට වසරේ වැදගත්ම කාලය සිහි කිරීමේ උත්සවය පවත්වන කාලයයි. මේ කාලය, අපි සෑම කෙනෙක්ම යෙහෝවාගේ සේවයෙහි කාර්යබහුලව යෙදී සිටිය යුතු කාලයක්. ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් හැටියට සෑම කෙනෙක්ම තමන්ට හැකි උපරිමය කරනවා නම්, පුළුවන් අය උපකාරික පුරෝගාමී සේවය කරනවා නම්, ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට තවත් අයවත් කැඳවාගෙන ඒමට අපි උනන්දු වෙනවා නම්, ඇත්තටම මෙය කාර්යබහුල කාලයක් වේවි. වසර 2000 අප්‍රියෙල් මාසය වාර්තාගත මාසයක් බවට පත් කරමින් දෙවිට ප්‍රශංසාව හා ගෞරවය ගෙන දීමට හැකි සෑම දෙයක්ම කරන්න අපි දරන වෑයම්වලට යෙහෝවාගේ නොමඳ ආශීර්වාද පතා අපි උනන්දුවෙන් යාච්ඤා කරමු!—හෙබ්‍රෙ. 13:15.
[3වන පිටුවේ කොටුව]
උපකාරික පුරෝගාමීන්
මෙතෙක් වාර්තාගත ඉහළම සංඛ්‍යාව: 406
(1998 අප්‍රියෙල්)
[4වන පිටුවේ කොටුව]
මුළු ප්රචාරක සංඛ්‍යාව
මෙතෙක් වාර්තාගත ඉහළම සංඛ්‍යාව: 3,171
(1999 මාර්තු)
[5වන පිටුවේ කොටුව]
සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව
මෙතෙක් වාර්තාගත ඉහළම සංඛ්‍යාව: 8,196
(1999)