අප්‍රියෙල් මාසය ‘වීර්යය කරමින් වැඩ කිරීමට’ කාලයකි
1 යෙහෝවාගේ සෙනඟ සිහි කිරීම පැවැත්වීමට කලින් සති කිහිපය සලකන්නේ යේසුස්ගේ මරණය නිසා අත් වන ප්‍රයෝජන ගැනත් යේසුස් වැගිරූ රුධිරය නිසා දෙවි අපට දී තිබෙන බලාපොරොත්තුව ගැනත් මෙනෙහි කිරීමට යෝග්‍ය කාලයක් ලෙසයි. පසුගිය අවුරුද්දේ අප්‍රියෙල් 19වනදා ගැන කල්පනා කර බලන විට ඔබේ මතකයට එන්නේ මොනවාද? එදින යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණි අයව ඔබට මතකද? එදින ගැඹුරු ආත්මික මුහුණුවරක් ගත් වාතාවරණය, බයිබලය පදනම් කරගනිමින් සාකච්ඡා කළ කාරණා හා යෙහෝවාට ඉදිරිපත් කරන ලද හෘදයාංගම යාච්ඤා ඔබට මතකද? යෙහෝවා සහ යේසුස් ඔබට පෙන්වා තිබෙන ප්‍රේමය සඳහා වෙනදාටත් වඩා වැඩියෙන් ඔබේ ස්තුතිය ප්‍රකාශ කිරීමට සමහරවිට ඔබ ඒ අවස්ථාවේදී අදිටන් කරගන්න ඇති. මෙසේ පසුගිය අවුරුද්දේ සිහි කිරීම මතකයට නංවාගැනීම දැන් ඔබට බලපාන්නේ කොහොමද?
2 යෙහෝවාගේ සෙනඟ ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ප්‍රකාශ කරන ස්තුතිය වචනවලට පමණක් සීමා වී නැති බව පැහැදිලියි. (කොලො. 3:15, 17) විශේෂයෙන්ම පසුගිය අප්‍රියෙල් මාසයේදී දේවසේවයේ වැඩිපුර නිරත වීමෙන් අපේ ගැළවීම වෙනුවෙන් යෙහෝවා පිළියෙළ කර තිබෙන සැපයුම් සඳහා අපි අපේ අගය පෙන්නුවා. හයසිය තිස්හත්දෙනෙක් උපකාරික පුරෝගාමී සේවයේ හවුල් වුණා. මෙය කලින් වාර්තා වූ ඉහළම සංඛ්‍යාවට වඩා සියයට 56ක වැඩිවීමක්. සෙසු ප්‍රචාරකයන් සමඟ එක්ව උපකාරික පුරෝගාමී සේවයේ හවුල් වූ අය දැරූ වෑයම නිසා පැය, සඟරා හා නැවත බැලීම් ගණන පසුගිය කාලවලට වඩා වැඩි වුණා. අලුත් බයිබල් පාඩම් බොහොමයක් පටන්ගැනීමට හැකි වූ නිසාත් සිහි කිරීමට වාර්තාගත සංඛ්‍යාවක් පැමිණ සිටි නිසාත් අපගේ සතුට දෙගුණ තෙගුණ වුණා.
3 අපේ බලාපොරොත්තුව ඉටු වෙන බව ස්ථිරයි. මේ නිසා සේවයේ ජ්වලිතව හවුල් වෙමින් ප්‍රේරිත පාවුල් පැවසූ මේ වදන් ක්‍රියාත්මක කිරීමට අපි තුළ පෙලඹීමක් ඇති වේ. “එසේය, ඒ පිණිස අපි වැඩකරමුව, වීර්යකරමුව, මක්නිසාද සියලු මනුෂ්‍යයන්ගේ, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ, [ගැළවුම්කාරයා වූ] ජීවමාන [දෙවි] කෙරෙහි අපි බලාපොරොත්තුවී සිටිමුව.”—1 තිමෝ. 4:10.
4 මේ සිහි කිරීමේ සමයේදී ගැළවීම සඳහා යෙහෝවා පිළියෙළ කර තිබෙන සැපයුම් කෙරෙහි ඔබේ ඇදහිල්ල පෙන්විය හැක්කේ කොහොමද? පසුගිය අප්‍රියෙල් මාසයේදී ශ්‍රී ලංකාවේ සෑම සභාවක්ම මේ සඳහා විශේෂ වෑයමක් දැරුවා. අපිට මේ අප්‍රියෙල් මාසයේදී පසුගිය වතාවටත් වඩා වැඩි සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන්ද? මෙය අපිට අත් කරගන්න පුළුවන් ඉලක්කයක්. ඒත් මේ සඳහා බව්තීස්ම ලත් හා බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් සෑම කෙනෙකුම දායක විය යුතුයි. නවකයන් බොහෝදෙනෙක්ද සේවයේ හවුල් වීමට සුදුසුකම් ලැබිය හැකියි. ඔබ අප්‍රියෙල් මාසයේදී වීර්යය කරමින් සේවයේ වැඩියෙන් හවුල් වීමට කටයුතු සැලසුම් කරන විට නවකයන් හා අද්දැකීම් අඩු අය ඇතුළුව අනිත් අයව ඔබ සමඟ සේවයේ හවුල් කරවාගනිමින් ඔවුන්ව දිරිමත් කළ හැකි මාර්ග ගැන සොයා බලන්න.
5 සේවය යළි පණගැන්වීමට ඇතමුන්ට උපකාර කිරීම: මාසයක් හෝ දෙකක් සේවයේ හවුල් වී නැති අයව ඔබ දන්නවා නම් ඔබ සමඟ සේවයේ හවුල් වීමට ඔවුන්ට ආරාධනා කරන්න ඔබට පුළුවන්. සභාවේ අක්‍රියාශීලී අය සිටිනවා නම්, අප්‍රියෙල් මාසයේදී සේවය නැවත ආරම්භ කිරීම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමට වැඩිමහල්ලන් විශේෂ වෑයමක් දරයි.
6 යෙහෝවාට සේවය කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලබාගැනීමට ඔහුගේ ශුද්ධාත්මය ඉල්ලා අපි ඔහුට නොකඩවාම යාච්ඤා කළ යුතුයි. (ලූක් 11:13) ඒ සඳහා දෙවිගේ ශුද්ධාත්මය ලබාගැනීමට අපි කුමක් කළ යුතුද? දෙවිගේ ආනුභාවයෙන් ලියවී තිබෙන ශුද්ධ ලියවිල්ල නිතර කියවන්න අවශ්‍යයි. (2 තිමෝ. 3:16) ඒ වගේම සතිපතා පවත්වන රැස්වීම් පහටම පැමිණ ‘ආත්මය සභාවලට කියන දේවලට කන් දිය’ යුතුයි. (එළි. 3:6) කඩින් කඩ සේවයේ හවුල් වන අයට හා අක්‍රියාශීලී අයට ඔවුන්ගේ අධ්‍යයන පුරුදු දියුණු කරගැනීමටත් සතිපතා රැස්වීම්වලට පැමිණීමටත් උපකාර කරන්න හොඳම කාලය මේ කාලයයි. (ගීතා. 50:23) ඔවුන්ට ආත්මිකව උපකාර කරන අතරතුර අපේ ආත්මිකත්වය ගැනද අපි නිතරම හොඳ ඇසක් තබාගත යුතුයි. කොහොමවුණත්, මීට වඩා වැඩි දෙයක් කරන්න තිබෙනවා.
7 පාලකයා වශයෙන් ‘ඔහුට කීකරු වන අයට’ දෙවි ශුද්ධාත්මය සපයන බව ප්‍රේරිත පේතෘස් පැහැදිලි කළා. (ක්‍රියා 5:32) “සෙනඟට දේශනා කරන්නත් සම්පූර්ණ සාක්ෂියක් දරන්නත්” දී තිබෙන ආඥාව ඉටු කිරීම දෙවිට කීකරු වීමේ එක් අංගයක් වෙනවා. (ක්‍රියා 1:8; 10:42, NW) දේශනා සේවය දිගටම කරගෙන යෑම සඳහා අවශ්‍ය ශක්තිය ලබාගැනීමට දෙවිගේ ආත්මය අපට අවශ්‍ය බව ඇත්තයි. ඒ නිසා යෙහෝවාව සතුටු කරන්න අප තුළ අවංක ආශාවක් තිබෙන බව ක්‍රියාවලින් අපි පෙන්විය යුතුයි. එසේ කරන විට ඔහු අපිට තව තවත් උපකාර කරනවා. කලින් සඳහන් කළ පිරිදි අපි මුළු හදින්ම දෙවිට කීකරු වන බව පෙන්වීමේදී ගත යුතු පියවරවල වැදගත්කම අපි කවදාවත් සුළු කොට නොතකමු.
8 ළමුන්ට උපකාර කිරීම: දෙමාපියෙනි, අනිත් අයත් සමඟ සත්‍යය ගැන කතා කරන්න ඔබේ දරුවන් තුළ ආශාවක් ඇති බව ඔබට දැකිය හැකිද? ඔබ ක්ෂේත්‍ර සේවයේ යන විට ඔවුන්වත් රැගෙන යනවාද? ඔවුන් ආදර්ශවත් ලෙස හැසිරෙනවාද? මේ ප්‍රශ්නවලට ඔව් කියා උත්තර දෙන්න පුළුවන් නම්, ඇයි තවත් ප්‍රමාද වෙන්නේ? අප්‍රියෙල් මාසයේදී ප්‍රචාරකයෙකු හැටියට සේවය කිරීමට ඔබේ දරුවා සුදුසුකම් ලබා තිබෙනවාද යන්න ගැන සභා සේවා කමිටුවේ සාමාජිකයෙකු සමඟ කතා කරන්න. (අපගේ දේවසේවය පොතේ 99-100 දක්වා පිටු බලන්න.) මේ සිහි කිරීමේ කාලයේදී යෙහෝවාව ප්‍රශංසාවට පත් කිරීම සඳහා ඔබේ දරුවාටත් ඔහුගේ හඬ එක් කරන්න පුළුවන් බව අමතක කරන්න එපා—මතෙ. 21:15, 16.
9 එක් ක්‍රිස්තියානි මවක් යෙහෝවා ගැන අනිත් අයත් සමඟ කතා කරන්න ඇගේ කුඩා දුවව නිතර දිරිමත් කළා. පසුගිය අවුරුද්දේදී, මේ කුඩා ගැහැනු ළමයා ඇගේ මවත් සමඟ දේශනා සේවයේ හවුල් වූ අවස්ථාවේදී මිනිසෙකුට ඕනෑ කරන්නේ විවරණිකාව දී එහි පටුනේ තිබෙන දේවල් කෙටියෙන් පැහැදිලි කළා. “ඔයාගේ වයස කීයද?” කියා ඒ මිනිසා ඇගෙන් ඇසුවා. “අවුරුදු හතයි” කියා ඈ උත්තර දුන්නා. මේ කුඩා ගැහැනු ළමයා සිත්ගන්නාසුලු ආකාරයෙන් කළ ඉදිරිපත් කිරීම ගැන ඔහු පුදුම වුණා. මේ මිනිසා සාක්ෂිකාර පවුලක ඇති දැඩි වුණ කෙනෙක්. නමුත් පසුව ඔහු සත්‍යය අත්හැර දමා තිබුණා. මේ කුඩා ගැහැනු ළමයා වගේ ඔහු කවදාවත් සත්‍යය බැරෑරුම් ලෙස සලකා තිබුණේ නැහැ. ඉක්මනින්ම ඔහු සාක්ෂිකරුවෙකු සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත් අතර, එයට ඔහුගේ භාර්යාව සහ දුවද හවුල් වුණා.
10 දැනටමත් ළමයින් බොහෝදෙනෙක් ප්‍රචාරකයන් හැටියට අප සමඟ සේවයේ හවුල් වෙනවා දකිද්දී අප මහත් සතුටක් ලබනවා. තමන්ගේ වයසේ සිටින අනිත් සාක්ෂිකරුවන්වත් දිරිමත් කරන්න මේ ළමයින්ට පුළුවන්. පවුලේ සාමාජිකයන් එකට එකතු වී සේවයේ හවුල් වීමෙන් තම පවුලේ ආත්මිකත්වය ශක්තිමත් කරගැනීමට සෑම පවුලකටම හොඳම කාලය අප්‍රියෙල් මාසයයි. මෙහිදී පවුල් මූලිකයන් පෙරමුණ ගෙන කටයුතු කළ යුතුයි.—හිතෝ. 24:27.
11 නවකයන්ට උපකාර කරන්න: ඔබ සමඟ බයිබලය පාඩම් කරන නවකයන් ගැන කුමක් කිව හැකිද? අප්‍රියෙල් මාසයේදී ඔවුන්ටත් මෙම විශේෂ ප්රයත්නයට දායක විය හැකිද? ඔබ ඔවුන් සමඟ දැනුම පොතේ 2වන පරිච්ඡේදයේ 22වන ඡේදය හෝ 11වන පරිච්ඡේදයේ 14වන ඡේදය සාකච්ඡා කරන විට, තමන් ඉගෙනගන්න දේවල් අනිත් අයත් එක්ක කතා කරන්න ආසයි කියා ඔවුන් සමහරවිට පවසන්න ඇති. දැනුම පොත පාඩම් කිරීම අවසන් කරන්න ආසන්න නම් මේ කාරණා ගැන පැහැදිලිව බයිබල් ශිෂ්‍යයා සමඟ සාකච්ඡා කරන්න. දහ අටවන පරිච්ඡේදයේ 8වන ඡේදය සලකා බලන විට මේ ගැන කතා කරන්න ඔබට පුළුවන්. එහි මෙසේ සඳහන් වෙනවා. “ඔබ ඉගෙනගන්නා දේ ඔබේ ඥාතීන්ට, හිතමිතුරන්ට හා වෙනත් අයට පැවසීමට ඔබ තුළ දැඩි ආශාවක් තිබෙනවා විය හැකියි. අන්‍යයන්ට ශුභාරංචිය දේශනා කිරීමට යේසුස් අවිධිමත් අවස්ථා යොදාගත්තා සේ, ඔබත් දැනටමත් මෙසේ කරමින් සිටිනවා විය හැකියි. (ලූක් 10:38, 39; යොහ. 4:6-15) දැන් මීට වඩා යමක් කිරීමට ඔබට වුවමනා විය හැකියි.” ඔබ සමඟ බයිබලය පාඩම් කරන අය තුළ එවැනි උනන්දුවක් තිබෙනවාද?
12 ඔබගේ ශිෂ්‍යයා දෙවිගේ වචනයේ තිබෙන දේවල් විශ්වාස කරනවාද? ඔහු බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගනිමින් සිටිනවාද? ඔහු දෙවිගේ ප්‍රමිතිවලට එකඟව තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන තිබෙනවාද? ඔහු සභා රැස්වීම්වලට පැමිණෙනවාද? යෙහෝවා දෙවිට සේවය කරන්න ඔහුට ඇත්තටම වුවමනාද? මේ ප්‍රශ්නවලට ඔව් කියා උත්තර දෙන්න පුළුවන් නම්, බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු වීම සඳහා වැඩිමහල්ලන් සමඟ කතා කරන්න ඔහුව දිරිමත් කරන්න. බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු ලෙස සේවය කිරීමට අනුමැතිය ලබාගෙන අප්‍රියෙල් මාසයේදී ඔබ සමඟ සේවයේ හවුල් වීමට ඔහු සුදුසුද කියා ඔවුන් සලකා බලයි. (අපගේ දේව සේවය පොතේ 97-9 පිටු බලන්න.) යෙහෝවාට සේවය කිරීමට තමන් ගන්න ප්රයත්නයට දෙවිගේ සංවිධානය උපකාර කරන ආකාරය ඔහු එයින් අද්දකින්න පුළුවන්.
13 සමහර ශිෂ්‍යයන් ඉක්මනින් වර්ධනය වුවත්, තවත් සමහරුන් වර්ධනය වීමට දිගු කාලයක් ගත වෙනවා. මේ නිසා වර්ෂ 2000 ජූනි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 4වන පිටුවේ 5-6 දක්වා ඡේදවල සඳහන් මඟ පෙන්වීමට අනුව, සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් දැනුම පොතෙන් පසු තවත් පොතක් සමහර ශිෂ්‍යයන් සමඟ පාඩම් කරනවා. ඒ මන්ද? මුලදී පෙන්වූ උනන්දුව හීන වී ගොස් තිබෙන මෙවන් ශිෂ්‍යයන්ට ආත්මිකව ක්‍රියාශීලි වීමට තවදුරටත් උපකාර කිරීම අවශ්‍ය නිසයි. අවංක හදවත් ඇති මේ අය “කෙටි කලකින් හෝ දිගු කලකින්” ක්‍රිස්තුස්ගේ අව්‍යාජ ගෝලයන් බවට පත් වෙයි කියන බලාපොරොත්තුව අපි කවදාවත් අත් නොහරිමු. (ක්‍රියා 26:29, NW) මෙවැනි පුද්ගලයන් සමඟ ‘දිගු කාලයක’ සිට ඔබ පාඩම් කරනවා නම්, ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි තමන්ට කොතරම් අගයක් තිබෙනවාද කියා පෙන්වීමට ඔබේ ශිෂ්‍යයාට හොඳම කාලය මේ සිහි කිරීමේ කාලය නොවේද?
14 ඔවුන්ට උපකාර කරන අයුරු: සේවය ආරම්භ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින නවකයන්ට උපකාර කිරීමේදී යේසුස් අනිත් අයව දේවසේවය සඳහා පුහුණු කළ ආකාරය සෝදිසි කර බැලීමෙන් අපිට බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන්. සමූහයක් දුටු විට ඔවුන් ළඟට ගොස් සාක්ෂි දරන්න කියා යේසුස් ඔහුගේ ප්‍රේරිතයන්ට පැවසුවේ නැහැ. ඔහු මුලින්ම කළේ දේශනා සේවයේ හවුල් වීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමයි. ඒ වගේම යාච්ඤාපූර්වක ආකල්පයක් තබාගැනීමටත් ඔහු සිය ගෝලයන්ව දිරිමත් කළා. එපමණක්ද නොවෙයි, සහායකයෙක්, නිශ්චිත බලප්‍රදේශයක් හා දැනුම් දීමට පණිවිඩයක් යන මූලික සැපයුම් තුනක් ඔහු ලබා දුන්නා. (මතෙ. 9:35-38; 10:5-7; මාක්. 6:7; ලූක් 9:2, 6) ඔබටත් ඒ දෙයම කරන්න පුළුවන්. ඔබ උපකාර කරන්නේ ඔබේම දරුවාට හෝ වේවා, නවකයෙකුට හෝ වේවා ටික කලක සිට සේවයේ වාර්තා නොකරන කෙනෙකුට හෝ වේවා මතු දැක්වෙන පරමාර්ථයන් ඉටු කරගැනීමට විශේෂ වෑයමක් දරන්න.
15 අවශ්‍යතාව අවධාරණය කරන්න: දේශනා සේවයේ තිබෙන වැදගත්කම කාවද්දවන්න. සේවයෙන් ලැබෙන ප්‍රීතිය ගැන කතා කරන්න. සභාවක් හැටියට දේවසේවයේදී ඉටු කර ඇති දේවල් හා සම්බන්ධ අද්දැකීම් බෙදාගන්න. මතෙව් 9:36-38හි සඳහන් වන පරිදි යේසුස් මිනිසුන් කෙරෙහි දැක්වූ ආකල්පය විදහා පෙන්වන්න. දේවසේවයේ හවුල් වීම සඳහාත් ලොව පුරා සිදු වන දේශනා සේවය සාර්ථකව කරගෙන යෑම සඳහාත් උපකාර ඉල්ලා යාච්ඤා කිරීමට ඉදිරියේදී ප්‍රචාරකයන් විය හැකි අයව හා අක්‍රියාශීලී අයව දිරිමත් කරන්න.
16 සාක්ෂි දැරීමට තිබෙන බොහෝ අවස්ථා ගැන සිතා බැලීමට උනන්දු කරන්න: පොත් පාඩම් කණ්ඩායම සමඟ ගෙයින් ගෙට සේවයේ හවුල් විය හැකි බව පවසන්න. නෑදෑයන්ට හා හිත මිත්‍රයන්ට, දහවල් විවේක කාලයේදී රැකියා ස්ථානයේ සිටින අයට හෝ පාසැලේ තමන් සමඟ ඉගෙනගන්න අයට සාක්ෂි දැරිය හැකි අන්දම ගැනත් සාකච්ඡා කරන්න. බස් රථවල හා දුම්රියේ ගමන් කරන විට සෙසු මගීන් කෙරෙහි කාරුණික සැලකිල්ලක් දැක්වීමෙන් සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා මාර්ගය සලසාගන්න පුළුවන්. මෙහිදී අපි මුල් පියවර ගන්නවා නම්, බොහෝ අවස්ථාවලදී කදිම සාක්ෂියක් දැරීමට ප්‍රස්තා විවෘත වෙනවා. ඇත්තෙන්ම, අනිත් අය සමඟ “දිනෙන් දින” අපේ බලාපොරොත්තුව ගැන කතා කරන්න බොහෝ ප්‍රස්තාවන් තිබෙනවා.—ගීතා. 96:2, 3.
17 කල් දමන්නේ නැතුව ඔබ උපකාර කරන අලුත් ප්‍රචාරකයා සමඟ ගෙයින් ගෙට සේවයේ හවුල් වනවා නම් හොඳයි. අප්‍රියෙල් මාසයේදී වැඩිපුර සේවයක් කරන්න ඔබ ඉලක්ක කරගෙන සිටිනවා නම්, ඔබට සේවය කිරීමට පහසු බලප්‍රදේශයක් තිබෙනවාද කියා බලප්‍රදේශ භාර සහෝදරයාගෙන් අසන්න. ඔබට යම් බලප්‍රදේශයක් බාර දුන්නොත් එය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට වෑයම් කරන්න. උදාහරණයක් හැටියට, ඔබ එම ප්‍රදේශයේ සේවය කර ආපසු එන විට හෝ වෙනත් අවස්ථාවක එම ප්‍රදේශය හරහා ගමන් කරන විට කලින් වතාවේ ඔබ යන විට කිසිවෙකු නොසිටි නිවසක යම් කෙනෙක් සිටිනවා ඔබ දකින්න පුළුවන්. එහෙම නැත්නම් කලින් උනන්දුව දැක්වූ කෙනෙකු නිවසේ සිටිනවා ඔබ දකින්න පුළුවන්. ඒ අවස්ථාව උචිතයි කියා ඔබට හැඟෙනවා නම්, එම තැනැත්තාව හමු වී කෙටියෙන් සාක්ෂි දරන්න. ඇත්තෙන්ම මෙසේ කිරීමෙන් ඔබ සේවයෙහි සාර්ථකත්වයක් ලැබූ බවට හැඟීමක් ඇති වන අතර, දේවසේවයේ සතුටද ඔබ අද්දකිනවා.
18 පණිවිඩය සිත්ගන්නාසුලු අයුරින් ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න: රාජ්‍ය පණිවිඩය ගැන අනිත් අය සමඟ කතා කරන්න කෙනෙකුට වුවමනාවක් තිබෙන්න පුළුවන්. ඒ වුණත්, තමන් මේ පණිවිඩය ඉදිරිපත් කරන ආකාරය ගැන නිසැකකමක් ඔහුට තිබිය යුතුයි. ඔහු නවකයෙක් නම් හෝ දිගු කාලයක් පුරා සේවයේ හවුල් නොවූ කෙනෙක් නම් මෙය ඔහුට අභියෝගයක් විය හැකියි. නවකයෙකුට හෝ අක්‍රියාශීලී කෙනෙකුට උපකාර කරන්න යොදවන කාලය ඉතාමත් වටිනවා. සේවා රැස්වීම්වලින් හා ක්ෂේත්‍ර සේවයේ යන්න කලින් පවත්වන රැස්වීම්වලින් හොඳ අදහස් ලබාගන්න ඔහුට පුළුවන්. ඒ වුණත් සේවය සඳහා පෞද්ගලිකව සූදානම් වීම තමන් විසින්ම කළ යුතුයි.
19 සේවය සඳහා සූදානම් වීමට නවකයන්ට උපකාර කරන්න ඔබට පුළුවන් කොහොමද? මුලින්ම සඟරාවක් ඉදිරිපත් කරන ආකාරය ඔහු සමඟ සූදානම් වන්න. මෙය සරල හා කෙටි එකක් කරගන්න. බලප්‍රදේශයේ සිටින අයගේ සැලකිල්ලට යොමු වී තිබිය හැකි සිද්ධීන් ගැන ඔවුන්ට මතක් කර දෙන්න පුළුවන්ද කියා ඔබ උපකාර කරන නවකයන්ගෙන් අසන්න. අනතුරුව එම සිද්ධියට අදාළ වන කරුණු ඇතුළත් සඟරාවක් තෝරාගෙන, එම සඟරාව ඉදිරිපත් කරන ආකාරය ඔහුත් සමඟ පුහුණු වන්න. ඉන්පසු හැකි විගස එය සේවයේදී අත්හදා බලන්න ඔහුව දිරිගන්වන්න.
20 ඉදිරියේදී අපට අත් කරගත හැකි වර්ධනය සඳහා දායක වන්න: පසුගිය අවුරුද්දේ ලොව පුරා පැවැත්වූ සිහි කිරීමට එක් කෝටි හතළිස් අට ලක්ෂයක් පැමිණියා. මේ අයගෙන් ප්‍රචාරකයන් හැටියට වාර්තා කරන්නේ ලක්ෂ හැටකට වඩා ටිකක් වැඩි පිරිසක් පමණයි. මෙයින් පැහැදිලි වන්නේ ලක්ෂ අසූ අටක් පමණ දෙනා මෙම විශේෂ අවස්ථාවට පැමිණෙන්න තරම් උනන්දුවක් දක්වා තිබෙන බවයි. ඒ අවස්ථාවේදී ඔවුන්ට බයිබලයේ සඳහන් එක් ප්‍රධාන ඉගැන්වීමක් ගැන අසන්න ලැබුණා. අපගෙන් සමහරදෙනෙකුව පෞද්ගලිකව දැනහඳුනා ගන්න ඔවුන්ට හැකි වුණා. අප සමඟ කතා බහ කිරීම නිසා අප සම්බන්ධයෙන් හොඳ හැඟීමක් ඔවුන් තුළ ඇති වෙන්න ඇති. ඔවුන්ගෙන් හුඟදෙනෙක් අපිව අගය කරන අතර අපේ ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම් කරනවා. ඒ වගේම, වෙනත් අය අපව විවේචනය කරන විට ඔවුන් අපිට පක්ෂව කතා කරනවා. මේ විශාල පිරිසෙන් කියාපාන්නේ ඉදිරියේදී ලැබිය හැකි වර්ධනයයි. ආත්මිකව දියුණු වීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා අපට කරන්න පුළුවන් මොනවාද?
21 අලුත් අය බොහෝදෙනෙක් සිහි කිරීමට පැමිණෙන්නේ අපි ඔවුන්ට පෞද්ගලිකව කරන ආරාධනාව නිසයි. මේ නිසා අලුතෙන් පැමිණෙන කෙනෙකුව දන්න හඳුනන එක්කෙනෙක් හෝ අඩුම තරමින් රැස්ව සිටින අය අතර සිටිනවා. අපේ ආරාධනාව පිළිගෙන යම් කෙනෙක් සිහි කිරීමට පැමිණියහොත් ඔහුව සාදරයෙන් පිළිගන්නත්, එදින වැඩසටහනින් පූර්ණ ප්‍රයෝජන ගන්න ඔහුට උපකාර කරන්නත් අපට වගකීමක් තිබෙනවා. ශාලාවට බොහෝදෙනෙක් පැමිණෙන නිසා ආසනයක් සොයාගන්න ඔහුට උපකාර කරන්න. ඔහුට බයිබලයක් දෙන්න. ගීතිකා ගායනා කරන විට ඔබේ ගීතිකා පොත ඔහුටත් පෙන්වන්න. සමහරවිට ඔහු යම් දේවල් ගැන ඇසුවොත් ඒ සියල්ලකටම උත්තර දෙන්න. ඔහුගේ උනන්දුව තවත් වැඩිවීමට ඔබ ඔහු කෙරෙහි දක්වන පෞද්ගලික සැලකිල්ල බෙහෙවින් දායක වෙයි. අලුත් කෙනෙකුව දැක්කොත් ඔහුව සාදරයෙන් පිළිගෙන, ටික වේලාවක් හෝ ඔහු සමඟ කතා කිරීමට උත්සාහ කරන්න. මෙය අපි සෑම කෙනෙකුගේම වගකීමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
22 අලුත් කෙනෙක් සිහි කිරීමට පැමිණීම තුළින් ඔහු සිතන ආකාරය කෙරෙහි සෑහෙන බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඔහු සිහි කිරීමට පැමිණීමෙන් අදහස් වන්නේ, ඔහු සොයමින් සිටින සත්‍යය ඔහුට වෙනත් තැන්වලින් සොයාගැනීමට නොහැකි වී තිබෙන බව හා අපගේ සංවිධානයෙහි සාකච්ඡා කරන දේවල් ඇත්තෙන්ම තවත් සෝදිසි කර බැලීමට තරම් වටිනා දේවල් කියා ඔහුට හැඟෙන බවයි. යෙහෝවා මිනිසුන්ට පෙන්වා තිබෙන අතිමහත් ප්‍රේමය ගැන නොදන්න කෙනෙකුට සිහි කිරීමේ කතාවේදී පැහැදිලි කරන මිදීමේ මිල පූජාව දැඩි උනන්දුවක් ඇති කරවනසුලු දෙයක් විය හැකියි. එමෙන්ම අපි අනිත් මිනිසුන්ට වඩා වෙනස් බව ඔහු විගස තේරුම්ගනීවි. අප තුළ ඇති අවංකකම, සුහදශීලිත්වය, ප්‍රේමය හා එකිනෙකාට දක්වන ගෞරවය ඔහු දකින්න පුළුවන්. පල්ලිවල වගේ පිළිම හා කිසිම තේරුමක් නැති වත් පිළිවෙත් අපි රැස් වෙන ස්ථානයේ දක්නට නැති බවත් ඔහුගේ අවධානයට ලක් විය හැකියි. පැමිණ සිටින අය විවිධ තරාතිරම්වලට අයත් බවත් සම්මාදම් එකතු නොකරන බවත් නවකයන් දකියි. මේ දේවල් නිසා නැවත රැස්වීම්වලට එන්න ඔවුන් තුළ පෙලඹීමක් ඇති විය හැකියි.
23 සිහි කිරීමෙන් පසු අලුතින් පැමිණි සියලුදෙනාවම නැවත හමුවීමට යම් කෙනෙකු විසින් වැඩ පිළිවෙළක් සංවිධානය කළ යුතුයි. ඔබ ආරාධනා කළ නවකයෙකු සිහි කිරීමට පැමිණියා නම්, ඔබට ඒ සම්බන්ධයෙන් විශේෂ වගකීමක් තිබෙනවා. ඔවුන් පිට වී යෑමට කලින් රාජ්‍ය ශාලාවේ පවත්වන අනෙකුත් රැස්වීම් ගැන ඔවුන්ට පවසන්න. ඊළඟ සතියේ ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කථාවේ මාතෘකාව ගැනත් කියන්න. ඔවුන්ගේ නිවසට කිට්ටුම පොත් පාඩම පවත්වන වේලාව හා ස්ථානය ගැනද ඔවුන්ට කියන්න. වෙනත් වේලාවක මැවුම්කරු පොතක් ඔවුන්ට දෙන්න. අප්‍රියෙල් 30න් පටන්ගන්නා සතියේ පවත්වන පොත් පාඩමේදී “මැවුම්කරු ගැන පොතකින් ඔබට උගත හැක්කේ කුමක්ද?” නමැති මාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කරන බව ඔවුන්ට පවසන්න. ඉදිරියේදී පවත්වන දිස්ත්‍රික් සමුළුවට සභාවේ සිටින සෑම කෙනෙක්ම වගේ යෑමට සැලසුම් කරන්නේ ඇයි කියා පැහැදිලි කරන්න.
24 ඔවුන්ගේ නිවසට ගොස් මිත්‍රශීලී ලෙස කතා බහ කිරීමට වේලාවක් යොදාගන්න. බයිබලයේ සඳහන් මූලික ඉගැන්වීම් ගැන ඔවුන්ට ඉගෙනගත හැකි ඕනෑ කරන්නේ විවරණිකාවේ හා දැනුම පොතේ පිටපත් ඔවුන්ට ලබා දෙන්න. ඔවුන් දැනටමත් බයිබලය පාඩම් කරන්නේ නැත්නම්, ඔවුන් සමඟ පාඩමක් කරන්න ඔබ කැමති බව කියන්න. දෙවිගේ කැමැත්ත කිරීම (je-SN) නමැති විවරණිකාව කියවන්න ඔවුන්ව උනන්දු කරන්න. සංවිධානයක් හැටියට අපි කටයුතු කරන ආකාරය ගැන පැහැදිලි අදහසක් එයින් ලබාගන්න පුළුවන්. අපේ මුළු සහෝදර සංගමය (Our Whole Association of Brothers) නමැති වීඩියෝ පටය ඇතුළු අනිත් වීඩියෝ පට නැරඹීමට ආරාධනා කරන්න. සභාවේ සිටින අනිත් අයව ඔහුට හඳුන්වා දීමට කටයුතු පිළියෙළ කරන්න. ඉදිරි මාසවලදී නවකයන්ව හමුවීමට වෑයම් කරන්න. චාරිකා සතියේදී පවත්වන රැස්වීම්වලට හෝ චාරිකා එක්රැස්වීමට හෝ විශේෂ එක් දින එක්රැස්වීමට පැමිණීමට ඔවුන්ට ආරාධනා කරන්න. “සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් දක්වන” බව පෙන්විය හැකි සෑම අවස්ථාවක්ම ඔවුන්ට ලබා දෙන්න.—ක්‍රියා 13:48, NW.
25 වැඩිමහල්ලන්ට කළ හැකි දේවල්: මේ අප්‍රියෙල් මාසයේදී පුළුල් ලෙස කරනු ලබන ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම්වල සාර්ථකත්වය බොහෝදුරට රඳා පවතින්නේ වැඩිමහල්ලන් මතයි. ඔබ පොත් පාඩමක් පවත්වන්නෙකු නම් මේ විශේෂ මාසයේ ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම සඳහා ඔබේ කණ්ඩායමේ සිටින සෑම කෙනෙකුටම උපකාරවත් විය හැකි කරුණු ඇතුළත් ලැයිස්තුවක් සාදන්න. නහඹරයන්, නවකයන්, කඩින් කඩ වාර්තා කරන අය හා අක්‍රියාශීලී අය ඔබේ කණ්ඩායමේ සිටිනවාද? මේ අයට උපකාර කිරීම සඳහා දෙමාපියන්, පුරෝගාමීන් හා වෙනත් ප්‍රචාරකයන් මුල් පියවර ගෙන කටයුතු කර තිබෙනවාද කියා බලන්න. ඔවුන්ට පෞද්ගලිකව දිය හැකි ඕනෑම උපකාරයක් ලබා දෙන්න. අවුරුදු දෙකක් තිස්සේ කඩින් කඩ ක්ෂේත්‍ර සේවයේ වාර්තා කළ සහෝදරියක් පසුගිය අප්‍රියෙල් මාසයේදී පැය 50කටත් වැඩියෙන් වාර්තා කළා. ඇගේ මේ වෙනසට හේතු වුණේ කුමක්ද? එයට හේතුව සභාවේ වැඩිමහල්ලන් එඬේර බැහැදැකීම් කරමින් තමාව දිරිමත් කිරීමයි කියා ඇය පැවසුවා.
26 අප්‍රියෙල් මාසයේදී සේවය කිරීමට ප්‍රමාණවත් ප්‍රදේශයක් වෙන් කරගැනීමටත් ඇති තරම් සඟරා පොත් පත් සභාවේ තබාගැනීමටත් වැඩිමහල්ලන් හා සභා සේවකයන් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීමට අමතර ස්ථාන සැලසුම් කළ හැකිද? ඒ සඳහා විශේෂ සැලසුම් සකස් කරනවා නම් ඒ බව සභාවට දැනුම් දෙන්න. මේ අතර තවත් වැදගත් දෙයක් වන්නේ ඔබ රැස්වීම්වලදී හා පෞද්ගලිකව කරන යාච්ඤාවලදී මේ විශේෂ මාසයේ හැකි උපරිමයෙන් රාජ්‍ය කටයුතුවල හවුල් වීම සඳහා යෙහෝවාගේ ආශීර්වාද ඉල්ලීමයි.—රෝම 15:30-32; 2 තෙස. 3:2.
27 පසුගිය අප්‍රියෙල් මාසයේදී එක් සභාවක වැඩිමහල්ලන් ක්ෂේත්‍ර සේවයේ වැඩියෙන් හවුල් වීමට ප්‍රචාරකයන්ව කදිම ආකාරයකින් දිරිමත් කළා. තමන්ට උපකාරික පුරෝගාමීන් හැටියට සේවය කරන්න පුළුවන්ද කියා යාච්ඤාපූර්වකව සිතා බලන්න සෑම සතියකම පැවැත්වූ රැස්වීම්වලදී ඔවුන් ප්‍රචාරකයන්ව උනන්දු කළා. අප්‍රියෙල් මාසය වෙනත් මාසවලට වඩා ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම්වල වැඩියෙන් හවුල් වන මාසයක් කරගැනීම ගැන වගකිව යුත්තන් සියලුදෙනාම නිතරම වගේ ජ්වලිතව කතා කළා. මෙහි ප්‍රතිඵලයක් හැටියට, ඒ මාසයේදී වැඩිමහල්ලන් හා සභා සේවකයන් ඇතුළුව ප්‍රචාරකයන්ගෙන් සියයට 58ක් පුරෝගාමී සේවයේ හවුල් වුණා.
28 හැකි උපරිමය කිරීමෙන් සතුට ලැබීම: දේවසේවයෙහි ‘වීර්ය කරමින් වැඩ කිරීමෙන්’ ලැබෙන ආශීර්වාද මොනවාද? (1 තිමෝ. 4:10) තම සභාවේ සහෝදර සහෝදරියන් පසුගිය අප්‍රියෙල් මාසයේදී ක්ෂේත්‍ර සේවයේ ජ්වලිතව හවුල් වීම ගැන කලින් සඳහන් කළ සභාවේ වැඩිමහල්ලන් මෙසේ පැවසුවා. “වෙනදාට වඩා වැඩියෙන් සේවයේ හවුල් වීම නිසා තමන් අතර මහත් ප්‍රේමයක් හා සමීපබවක් තිබෙන බව දැනුණා කියා අපේ සභාවේ සහෝදර සහෝදරියන් නිතරම කියනවා.”
29 පසුගිය අප්‍රියෙල් මාසයේ පැවති විශේෂ ක්‍රියාකාරකමෙහි හවුල් වීමට, පාදවල ආබාධයක් නිසා ඇවිදීමට අමාරු තරුණ සහෝදරයෙකුට මහත් ආශාවක් ඇති වුණා. කටයුතු හොඳින් සැලසුම් කිරීමෙන් සහ තම මවගේ මෙන්ම ආත්මික සහෝදර සහෝදරියන්ගේ සහය ඇතුව ඔහු උපකාරික පුරෝගාමියෙකු හැටියට ඒ මාසයේදී සේවය කිරීමෙන් මහත් සතුටක් ලැබුවා. මේ ගැන ඔහුට ඇති වුණේ මොන වගේ හැඟීමක්ද? “මම හොඳ සෞඛ්‍ය සම්පන්න කෙනෙක් කියා මගේ ජීවිතයේ මුල් වතාවට මට හැඟුණේ ඒ මාසයේදීයි” කියා ඔහු පැවසුවා.
30 මුළු විශ්වයේම රජු වන යෙහෝවාගේ රාජ්‍යයේ මහිමය ගැන අනිත් අය සමඟ කතා කිරීමට තමන්ට ලැබී තිබෙන වරප්‍රසාදය උතුම් කොට සලකන අයට යෙහෝවා ඉමහත් සේ ආශීර්වාද කරන බවට කිසිම සැකයක් නැහැ. (ගීතා. 145:11, 12) දේවභක්තික ජීවිතයක් ගත කිරීම නිසා අනාගතයේදී අපි තවත් බොහෝ ආශීර්වාද ලබන බව අපගේ ස්වාමීන්ගේ මරණය සිහි කරන විට අපට තේරුම්ගත හැකියි. සදාකාල ජීවනයේ ත්‍යාගය ලබාගැනීමට ප්‍රේරිත පාවුල්ට කියා නිම කළ නොහැකි තරම් මහත් ආශාවක් තිබුණා. ඒ වුණත්, එය නිකම්ම ලබාගන්න පුළුවන් දෙයක් නොවෙයි කියා ඔහු දැනගෙන සිටියා. ඒ ගැන ඔහු මෙසේ සඳහන් කළා. “මා තුළ බලවත්ලෙස කෙරෙන [ඔහුගේ] ක්‍රියාකිරීමේ ප්‍රකාරයට ඒ සඳහා මම පොරඅල්ලමින් වීර්යකරමි.” (කොලො. 1:29) යෙහෝවා යේසුස් මාර්ගයෙන් ජීවිත ගළවන දේවසේවය සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය පාවුල්ට ලබා දුන්නා. අද සිටින අපටත් එසේ ශක්තිය සැපයීමට යෙහෝවාට පුළුවන්. අප්‍රියෙල් මාසයේදී සේවය කරන විට, යෙහෝවා සපයන ශක්තිය ඔබට පෞද්ගලිකව අද්දැකිය හැකිද?
[Box on page 3]
අප්‍රියෙල් මාසයේදී සේවයේ හවුල් වීම සඳහා ඔබට දිරිගන්වන්න පුළුවන් කාවද?
ඔබේ දරුවාව?
බයිබල් ශිෂ්‍යයෙකුව?
අක්‍රියාශීලීව සිටින කෙනෙකුව?