‘සියල්ලන්ටම යහපත් දේ කරමු’
1 ‘දෙවිගේ වචනය සම්පූර්ණයෙන් දේශනා කරන්න.’ ‘යහපත් ක්‍රියාවලින් ධනවත් වෙන්න.’ මේ මාතෘකා යටතේ අපගේ රාජ්‍ය සේවාවේ 2002 පෙබරවාරි සහ මාර්තු කලාපවල අතිරේක ලිපි පළ වුණා. (කොලො. 1:26; 1 තිමෝ. 6:18) මේ ලිපිවලින් යම් දේවල් කිරීම සඳහා අමතර වෑයමක් දරන්න අපව දිරිගන්වනු ලැබුවා. ඒවා නම් සිහි කිරීමට පැමිණෙන්න උනන්දුව දක්වන අයට උපකාර කිරීම, අක්‍රියාශීලී අයට නැවතත් සභාවේ ක්‍රියාකාරකම්වල හවුල් වීමට උපකාර කිරීම හා අපේ දරුවන් ඇතුළු සුදුසුකම් ලත් බයිබල් ශිෂ්‍යයන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හවුල් වීමට උපකාර කිරීමයි. අප මහත් උනන්දුවෙන් දැරූ වෑයම්වල ප්‍රතිඵලයක් හැටියට යම් ප්‍රමාණයක හෝ ලැබූ සාර්ථකත්වය තුළින් අප ප්‍රීතියක් ලැබූ බවට සැකයක් නැහැ. දැනුත් “අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, [දිගටම, NW] යහපත්කම් කරමු.”—ගලා. 6:10.
2 නැවත එන්න කියා ඔවුන්ට ආරාධනා කරන්න: ශ්‍රී ලංකාවේ සෑම වසරකම පාහේ සිහි කිරීමට පැමිණෙන අයගෙන් 6,000කට වැඩි පිරිසක් ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හවුල් වන්නේ නැහැ. සත්‍යය සඳහා යම් ප්‍රමාණයක හෝ උනන්දුවක් ඔවුන්ට තිබෙන නිසයි ඔවුන් සිහි කිරීමට පැමිණෙන්නේ. මේ නිසා “සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් ඇති” මෙවැනි අයට “ඇදහිලිවන්තයන්” බවට පත්වීමට උපකාර කිරීමේ අරමුණ ඇතුව ඔවුන්ගේ උනන්දුව තවදුරටත් ඇවිස්සීම සඳහා අප කුමක් කළ යුතුද? (ක්‍රියා 13:48, NW) හැකි විගස සභා රැස්වීම්වලට එන්න ඔවුන්ව දිරිමත් කරන්න.
3 උනන්දුව දක්වන කෙනෙකුට සභා පොත් පාඩමට පැමිණෙන්න කියා ආරාධනා කිරීම හොඳ යෝජනාවක් නොවේද? යෙසායාගේ අනාවැකි ගැන කරන උනන්දුව දනවනසුලු සාකච්ඡාවෙන් ඔහුටත් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ තැනැත්තා ඔබේ නෑදෑයෙක් හෝ මිතුරෙක් නම් දිව්‍යාණ්ඩු සේවා පාසැලේ ඔබ කතාවක් දෙන ඊළඟ අවස්ථාවේදී පැමිණ එයට සවන් දෙන්න කියා ඔහුට හෝ ඇයට ආරාධනා කරන්න. ඉදිරි සතිවල ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රසිද්ධ කතාවල මාතෘකා ඔහුට කියන්න. (රැස්වීමේ වැඩසටහන ගැන අලුත් තොරතුරු ඇතුළත් වැඩසටහනක් දැන්වීම් පුවරුවේ තිබිය යුතුයි.) යෙහෝවාට නමස්කාර කිරීම සඳහා මේ තැනැත්තා තුළ ආශාවක් ඇති කළ හැකි අවස්ථා සොයා බලන්න. මේ තැනැත්තා සභාවේ යම් කෙනෙක් සමඟ දැනටමත් බයිබලය පාඩම් කරන්නේ නැත්නම් ඔබට පුළුවන් බයිබල් පාඩමක් කරන්න කැමතිද කියා කාරුණිකව අසන්න.
4 අක්‍රියාශීලී අයව දිගටම දිරිමත් කරන්න: සිහි කිරීමට පැමිණි අයගෙන් සැලකිය යුතු පිරිසක් දැනටමත් යෙහෝවාට තමන්ගේ ජීවිත කැප කර තිබෙනවා. ඒ වුණත්, ඔවුන් පසු කලෙක ශුභාරංචිය දේශනා කිරීම නතර කර දමා තිබෙනවා. පාවුල් අපගෙන් ඕනෑකමින් ඉල්ලා සිටියේ “සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම් [කරන්න]” කියාය. (ගලා. 6:10) මේ නිසා අක්‍රියාශීලී අය කෙරෙහි අපේ මූලික අවධානය යොමු විය යුතුයි.
5 සේවයේ නැවත හවුල් වීම සඳහා වැඩිමහල්ලන්ගෙන් හා වෙනත් අයගෙන් ලැබුණු දිරිගැන්වීම් නිසා සමහරුන් දැනටමත් සේවයේ හවුල් වෙන්න පටන්ගෙන තිබෙනවා විය හැකියි. යළි ක්‍රියාශීලී වූ කෙනෙකු සමඟ සේවයේ හවුල් වීමට වැඩිමහල්ලෙක් ඔබගෙන් ඉල්ලා සිටියොත් මෙය මතක තබාගන්න. යෙහෝවා කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය හා දේවසේවය සඳහා තිබෙන ඔබේ ඇල්ම ඔහු තුළ නිසැකකමක් ඇති කරවයි. දේවසේවයේ විවිධ අංගවල ඔබ හවුල් වන ආකාරය ගැන ඔහුට දැකගන්න සලස්වන්න. මෙසේ කිරීමෙන් තමන්ටද ප්‍රීතියක් භුක්ති විඳිය හැකි බව තේරුම්ගෙන, ඔහු දිගටම දේශනා සේවයේ හවුල් විය හැකියි. ඒ වගේම යෙහෝවාගේ ආශීර්වාදත් ඔහුට භුක්ති විඳින්න පුළුවන්.
6 අලුත් ප්‍රචාරකයන්ට හොඳ ආරම්භයක් දෙන්න: තමන් දෙවිගේ සැබෑ සංවිධානය සොයාගත් අවස්ථාවේ පටන් සේවයේ හවුල් වෙන්න ඕනෑ කියා උනන්දුව දැක්වූ ස්ත්‍රියකට වැටහුණා. සේවයේ යෑම සඳහා ඇය සපුරාලිය යුතු සුදුසුකම් මොනවාද කියා දැනගත් පසු ඇය පැවසුවේ මෙසේයි. “මට පුළුවන් තරම් ඉක්මනින් සේවයේ යන්න ඕනෑ.” ඔබ සමඟ බයිබලය පාඩම් කරමින් සිටින කෙනෙකු ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම සඳහා මේ වන විට අනුමැතිය ලබා තිබෙනවා නම්, “පුළුවන් තරම් ඉක්මනින් සේවයේ හවුල් වීමේ” අවශ්‍යතාව තේරුම්ගැනීමට ඔහුට උපකාර කරන්න. මෙසේ කිරීමෙන් සේවය සඳහා හොඳ ආරම්භයක් ඔහුට ලබා දෙන්න පුළුවන්. නිතිපතා සෑම සතියකම ක්ෂේත්‍ර සේවය සඳහා සූදානම් වීමත් හවුල් වීමත් තමන්ගේ දින චර්යාවේ කොටසක් කරගැනීමට ඔහුට උපකාර කරන්න.
7 බව්තීස්ම නොලත් අලුත් ප්‍රචාරකයා ඔබේ දරුවා නම් ඔහුගේ වයසට හා හැකියාවන්ට අනුව සේවයේ දියුණු වීමට උපකාර කරමින් ඔහු සමඟ සේවයේ හවුල් වන්න. ඔබ මේ දරුවාට පොඩි තල්ලුවක් දුන්නොත්, ඔහු සාර්ථක ලෙස යම් කෙනෙකුට සාක්ෂි දරනවා දැකීමෙන්, බලපෑමෙන් යුක්තව බයිබල් පද කියවනවා හෝ පොත් පත් ඉදිරිපත් කරනවා දැකීමෙන් ඔබ පුදුමයට පත් වේවි. ක්ෂේත්‍ර සේවයේදී උනන්දුව දක්වන කෙනෙක් ඔහුට හමු වුණොත් ඒ තැනැත්තාව නැවත ගොස් හමු වී උනන්දුව දිගටම පවත්වාගත හැකි ආකාරය ගැන ඔහුට කියා දෙන්න.
8 ඔබේ සේවයත් වැඩි කරන්න: සිහි කිරීමේ කාලයෙන් පසුවත් එවැන්ජලිස්ත සේවයේ හවුල් වීම වැඩි කරන්න ඔබේ තත්වයන් ඉඩ දෙනවාද? ඔබ සාමාන්‍යයෙන් සේවයේ හවුල් වන කාලයට තව පැයක් දෙකක් සෑම සතියකම එකතු කරන්න ඔබට පුළුවන්ද? නැවත වතාවක් ඔබට උපකාරික පුරෝගාමී සේවය කරන්න පුළුවන් කවදාද කියා සොයා බැලීම සඳහා දින දර්ශනයේ ඉදිරි මාස ඔබ බලනවාද? නැත්නම් පූර්ණ කාලීනව දේවසේවයේ හවුල් වීම සඳහා ඔබේ ජීවන රටාව සකස් කරගන්න ඔබට පුළුවන්ද? දේවසේවය සඳහා අප දරන සෑම වෑයමක්ම යම් කෙනෙකුට සත්‍යය පිළිගැනීමට උපකාරවත් වේවි. (ක්‍රියා 8:26-39) ඉදිරි දවස් සඳහා සැලසුම් කරද්දී ‘සියල්ලන්ට නිතරම යහපත් දේ කරන්න’ කටයුතු කරමු.—1 තෙස. 5:15.
[Box on page 3]
මේ අයට දිගටම උපකාර කරන්න:
□ සිහි කිරීමට පැමිණි අයට
□ යළි ක්‍රියාශීලී වූ ප්‍රචාරකයන්ට
□ බව්තීස්ම නොලත් අලුත් ප්‍රචාරකයන්ට