ප්‍රශ්න පෙට්ටිය
◼ දිස්ත්‍රික් සමුළුවලදී පළඳින බැජ් කාඩ් දිය යුත්තේ කාටද?
සමුළු බැජ් කාඩ්පත් අපේ සහෝදරයන්ව පහසුවෙන් හඳුනාගැනීමට බෙහෙවින් උපකාරවත් විය හැකියි. ඒ වගේම සමුළුව ගැන ප්‍රචාරය කිරීමක්ද එයින් සිදු වෙනවා. ඒ වුණත්, මෙම බැජ් කාඩ් ආවට ගියාට හැම කෙනාටම ලබා නොදිය යුතුයි. මෙය පැළඳ සිටින තැනැත්තා, ඔහු අයත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ හොඳ නමක් තිබෙන කෙනෙකු බව එම කාඩ්පතින් හඳුන්වා දෙනු ලබනවා.
පුද්ගලයාගේ නම මෙන්ම ඔහු අයත් සභාවේ නම ලිවීමට කාඩ්පතෙහි නියමිත තැනක් වෙන් කර තිබෙනවා. එනිසා මෙම බැජ් කාඩ්පත පැළඳ සිටින තැනැත්තා එම කාඩ්පතේ නම සඳහන් සභාව සමඟ හොඳ ඇසුරක් පවත්වන කෙනෙකු විය යුතුයි. සමිතිය සෑම සභාවකටම කාඩ්පත් සපයනවා. මෙම බැජ් කාඩ්පත් බව්තීස්ම ලත් හා බව්තීස්ම නොලත් සෑම ප්‍රචාරකයෙකුටම ලබා දීම යෝග්‍යයි. ඒ වගේම, දරුවන්ටද, නිතිපතා රැස්වීම්වලට පැමිණෙන මෙන්ම ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම සඳහා සුදුසුකම් ලබාගැනීම දක්වා ප්‍රගතියක් ලබා සිටින අයටද කාඩ්පතක් ලබාගත හැකියි. සභා ඇසුරෙන් කපාහරින ලද අයට සමුළු බැජ් කාඩ්පත් ලබා දීම සුදුසු නැහැ.
කාඩ්පත් ලැබුණු පසු, ඉහත සඳහන් මඟ පෙන්වීම්වලට අනුව ඒවා බෙදාහරිනු ලබන බවට වැඩිමහල්ලන් වගබලාගත යුතුයි.