ඔබ නිතිපතා සේවය කරන රාජ්‍ය ප්රකාශකයෙක්ද?
1 ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී තිබෙන ප්‍රචාරකයන්ගේ ඉහළම සංඛ්‍යාව 3,171ක් ලෙස 1999 මාර්තු මාසයේදී වාර්තා වුණා. මේ ගැන දැනගන්න ලැබීමෙන් අපි හුඟාක් සතුටු වුණා. ඇත්තෙන්ම මෙය සියලුදෙනාගේම වෑයමේ ප්‍රතිඵලයක්! කෙසේවෙතත්, එම මාසයෙන් පසු ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය 2,960ක් වී තිබෙනවා. එමනිසා පසුගිය මාසවලදී මෙම ප්‍රචාරකයන්ගෙන් සමහරදෙනෙකුට නිතිපතා රාජ්‍යය ප්‍රකාශ කිරීමෙහි නියැලීමට නොහැකි වී තිබෙන බව පෙනී යනවා. ප්‍රචාරකයන් 29දෙනෙකුගෙන් එක්කෙනෙක් සෑම මාසයකම නොකඩවා දේවසේවයෙහි හවුල් නොවන බව මෙයින් පෙනී යනවා. මෙම තත්වය නැති කරගැනීම සඳහා මතු දැක්වෙන දිරිගැන්වීම් උපකාරවත් වෙයි කියා අපි විශ්වාස කරනවා.
2 වරප්‍රසාදය අගය කරන්න: රාජ්‍යයේ ශුභාරංචිය අනිත් අය සමඟ බෙදාගන්න අපිට ලැබී තිබෙන වරප්‍රසාදය අපි ඉමහත් සේ අගය කළ යුතුයි. මෙම වැඩයෙහි හවුල් වීමෙන් යෙහෝවාගේ හෘදය සතුටු කළ හැකියි. ඒ වගේම ජීවනයට යන මඟ ගැන ඉගෙනගැනීමට අවංක හදවත් ඇති අයට උපකාර කළ හැකියි. (හිතෝ. 27:11; 1 තිමෝ. 4:16) නිතිපතා දේවසේවයේ හවුල් වීමෙන් අපි වැඩි වැඩියෙන් අද්දැකීම් ලබන්න යන අතර, එහි ප්‍රතිඵලයක් හැටියට අපි යමක් ඉටු කරගත් බවට හැඟීමක් හා ප්‍රීතියක් අද්දකිනවා.
3 වාර්තා කරන්න: ක්ෂේත්‍ර සේවයේ හවුල් වන සමහර අය නිසි වේලාවට වාර්තා දැමීම නොසලකා හරිනවා. සේවය සඳහා අපි යෙදවූ කාලය වාර්තා කිරීමට තරම් වටින්නේ නැහැ කියන හැඟීම අපි කවදාවත් ඇති කර නොගත යුතුයි. (මාර්ක් 12:41-44 සසඳන්න.) අපි සේවය සඳහා යෙදවූ කාලය කොපමණ වුණත්, අපි එය වාර්තා කළ යුතුයි! දේවසේවයෙහි ගත කළ කාලය සටහන් කරගැනීමට දිනදර්ශනයක් වැනි යමක් පාවිච්චි කරනවා නම්, සෑම මාසයකම අවසානයේදී ප්‍රමාද කරන්නේ නැතිව නිවැරදි වාර්තාවක් ඉදිරිපත් කිරීමට එය සිහිගැන්වීමක් වෙයි.
4 අවශ්‍ය උපකාරය දෙන්න: සෑම මාසයකම දේවසේවයෙහි නිතිපතා හවුල් වීම සඳහා උපකාරය අවශ්‍ය කරන අයට සහය වීමට සභා මට්ටමින් යොදන සැලසුම් දියුණු කිරීම අවශ්‍ය විය හැකියි. සභා ලේකම් සහ පොත් පාඩම් මෙහෙයවන්නන් අවශ්‍ය උපකාරය ලබා දීම සඳහා අද්දැකීම් ලත් ප්‍රචාරකයන්ව යොදාගත යුතුයි. බව්තීස්ම නොලත් දරුවන් හෝ ප්‍රචාරකයන් සමඟ ඔබ පාඩම් කරනවා නම් සෑම මාසයකම වාර්තාව දැමීමට ඔවුන්ව පුහුණු කරන්න.
5 “යෙහෝවාගේ සේවය තුළ දීර්ඝ ජීවිත කාලයකට ස්තුතිවන්තව” යන මාතෘකාවෙන් 1997 ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවෙහි පළ වූ ජීවිත කතාව මතකද? නෝර්වේහි වෙසෙන සහෝදරි ඔටීල්ය මිඩ්ලන් විධිමත් ප්‍රචාරකයෙකු හැටියට සේවය ආරම්භ කළේ ඈ 1921දී බව්තීස්ම වීමටත් කලිනුයි. අවුරුදු 76කට පසු, ඈ මෙසේ පවසනවා: “මට තවමත් [විධිමත්] ප්‍රචාරකයෙක් වෙලා ඉන්න හැකියාව තිබීම ගැන මම සතුටු වෙනවා.” ඈ මෙසේ පවසන විට ඇගේ වයස අවුරුදු 99යි. යෙහෝවාගේ සියලුම සේවකයන් ඇති කරගැනීමට වටින මොනතරම් කදිම ආකල්පයක්ද!