8වෙනි පරිච්ඡේදය
ශුභාරංචිය දේශනා කිරීම
යෙහෝවා දෙවියන් අපිට අනුගමනය කරන්න වටිනා ආදර්ශයක් සපයලා තියෙනවා. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශය. (1 පේතෘ. 2:21) කෙනෙක් යේසුස්ගේ අනුගාමිකයෙක් වුණාම ඒ කෙනා දෙවියන්ගේ සේවකයෙක් විදිහට ශුභාරංචිය දේශනා කරන්න පටන්ගන්නවා. ඒකෙන් මහත් සහනයක් අද්දකින්න ලැබෙනවා කියලා යේසුස් කිව්වේ මෙහෙමයි. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි.” (මතෙ. 11:28, 29) ඒ දේ මොන තරම් ඇත්තක්ද කියලා යේසුස්ගේ ආරාධනාව පිළිගන්න හැමෝම අද්දකිනවා.
2 දෙවියන්ගේ ප්‍රධාන සේවකයා වන යේසුස් තමන්ගේ අනුගාමිකයන් වෙන්න කියලා කිහිපදෙනෙක්ට ආරාධනා කළා. (මතෙ. 9:9; යොහ. 1:43) දේශනා කරන්න ඕන විදිහ ඔවුන්ට උගන්වපු යේසුස් ඔවුන්වත් දේශනා සේවයට පිටත් කළා. (මතෙ. 10:1–11:1; 20:28; ලූක් 4:43) පස්සේ කාලෙකදී ඔහු තවත් 70දෙනෙක්වත් දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කරන්න පිටත් කළා. (ලූක් 10:1, 8-11) ඒ ගෝලයන්ව පිටත් කරන්න කලින් යේසුස් ඔවුන්ට මෙහෙම කිව්වා. “ඔබට සවන් දෙන කෙනෙක් මටත් සවන් දෙයි. කෙනෙක් ඔබව නොසලකාහැරියොත් ඔහු මාවත් නොසලකාහරියි. මාව නොසලකාහරින පුද්ගලයා නොසලකාහරින්නේ මාව එවූ තැනැත්තාණන්වයි.” (ලූක් 10:16) ගෝලයන්ට පැවරිලා තියෙන කාර්යය කොයි තරම් බරපතළද කියලා යේසුස් ඒකෙන් පැහැදිලි කළා. ඔව්, සේවයේ යද්දී ඔවුන් නියෝජනය කරන්නේ මහෝත්තම දෙවියන්ව සහ යේසුස්ව! “මගේ අනුගාමිකයෙක් වෙන්න” කියලා යේසුස් දීලා තියෙන ආරාධනාව දැන් පිළිගන්න අයටත් ඒක අදාළයි. (ලූක් 18:22; 2 කොරි. 2:17) ශුභාරංචිය ගැන අනිත් අයට කියන්නත් යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්නත් දෙවියන් ඒ අයට පැවරුමක් දීලා තියෙනවා.—මතෙ. 24:14; 28:19, 20.
3 අපි යේසුස්ගේ අනුගාමිකයන් වුණු නිසා යෙහෝවා දෙවියන්වත් යේසුස්වත් ‘දැන හඳුනා ගන්න’ පුළුවන් වෙලා තියෙනවා. (යොහ. 17:3) යෙහෝවා දෙවියන් කැමති අකමැති දේවල් ගැන අපි දැන් දන්නවා. ඔහුගේ උදව්ව ඇතුව අපි හිතන විදිහ වෙනස් කරගන්නත් අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගන්නත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා. (රෝම 12:1, 2; එෆී. 4:22-24; කොලො. 3:9, 10) දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන අපේ හිතේ ලොකු අගයක් ඇති වුණු නිසා අපේ ජීවිතය දෙවියන්ට කැප කරන්නත් ඒක සංකේතවත් කරමින් බව්තීස්ම වෙන්නත් අපි පෙලඹුණා. එදා ඉඳලා අපි දෙවියන්ගේ සේවකයන් වුණා.
4 දෙවියන්ට සේවය කරන අය හැටියට අපි පිරිසිදු සිතක් ඇතුව ඉන්න එකත් නිර්දෝෂ ජීවිතයක් ගත කරන එකත් හුඟක් වැදගත් කියලා අමතක කරන්න එපා. (ගීතා. 24:3, 4; යෙසා. 52:11; 2 කොරි. 6:14–7:1) යේසුස් ක්‍රිස්තුස් ගැන විශ්වාසය තියන නිසා අපිට නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න පුළුවන්. (හෙබ්‍රෙ. 10:19-23, 35, 36; එළි. 7:9, 10, 14) හැම දෙයක්ම දෙවියන්ගේ ප්‍රශංසාව සහ ගෞරවය වෙනුවෙන් කරන්න කියලත් අනිත් අයට හානියක් වෙන දේවල් නොකර ඉන්න ඒක උදව් වෙනවා කියලත් පාවුල් ක්‍රිස්තියානීන්ට පැහැදිලි කළා. ඒ වගේම සත්‍යයේ නැති අයව දිනාගැනීමට නම් ආදර්ශවත් ජීවිතයක් ගත කරන එක කොයි තරම් වැදගත්ද කියලා පේතෘස් පැහැදිලි කරලා තියෙනවා. (1 කොරි. 10:31, 33; 1 පේතෘ. 3:1) කෙනෙක්ට බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් අත් කරගන්න උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?
අලුතින් ප්‍රචාරකයන් වුණු අය
5 ඔයා කෙනෙක්ට බයිබලයේ තියෙන දේවල් උගන්වද්දී එයා ඉගෙනගන්න දේවල් ගැන අනිත් අයටත් කියන්න කියලා මුල ඉඳලාම එයාව දිරිගන්වන්න. නෑදෑයන්ට, යාළුවන්ට, වැඩපොළේ අයට වගේම මුණගැහෙන තවත් අයටත් ඒ ගැන කියන්න ඔහුට පුළුවන්. යේසුස්ගේ අනුගාමිකයෙක් වෙලා ශුභාරංචිය දේශනා කරන්න ඒක ඔහුට හුඟක් උදව් වෙනවා. (මතෙ. 9:9; ලූක් 6:40) කෙනෙක් සත්‍ය මාර්ගයේ දියුණු වෙනවා නම් ඒ වගේම අවිධිමත් විදිහට සාක්ෂි දරනවා නම් වැඩි කල් යන්න කලින් ඒ කෙනා දේශනා සේවයේ හවුල් වෙන්න කැමැත්ත පළ කරයි.
සුදුසුකම් අත් කරගැනීම
6 බයිබල් ශිෂ්‍යයෙක් ගෙයින් ගෙට සේවයේ හවුල් වෙන්න කලින් ඒ සඳහා ඔහුට සුදුසුකම් තියෙන්න ඕනේ. මොකද කෙනෙක් සේවයේ හවුල් වෙද්දී තමන්ව හඳුන්වලා දෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ කෙනා ඒ වෙද්දී යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙමින් බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වෙන්න සුදුසුකම් අත් කරගෙන තියෙන්න ඕනේ.
7 ඔයා කෙනෙක්ට බයිබලයේ තියෙන දේවල් ගැන කියලා දෙද්දී ඒ කෙනාගේ තත්වය හොඳින් තේරුම් අරන් ඇති. එයා ඉගෙනගන්න දේවල් ජීවිතයට අදාළ කරගන්නවා කියලත් ඔයාට පැහැදිලි වෙලා ඇති. හැබැයි එයාව බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් කරන්න කලින් එයාගේ ජීවිතයේ යම් කාරණා ගැන ඔය දෙන්නාත් එක්ක වැඩිමහල්ලන් සාකච්ඡා කරයි.
8 ඒ සාකච්ඡාව කරන්න වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක සේවා කමිටුවේ වැඩිමහල්ලෙක්වත් තවත් වැඩිමහල්ලෙක්වත් පත් කරයි. වැඩිමහල්ලන් අඩු සභාවක නම් ඒ සාකච්ඡාව කරන්න වැඩිමහල්ලෙක්ව සහ සහායක සේවකයෙක්ව පත් කරන්න පුළුවන්. ඒ පැවරුම ලැබෙන සහෝදරයන් කල් දාන්නේ නැතුව ඒක ඉටු කරන්න ඕනේ. උදාහරණයකට ඒ පැවරුම රැස්වීම් තියෙන දවසක ලැබුණා නම් එදාම රැස්වීමෙන් පස්සේ අදාළ සාකච්ඡාව පවත්වන්න පුළුවන්. සාකච්ඡාව සුහද එකක් වෙන්න ඕනේ. කෙනෙක්ව බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් හැටියට පත් කරන්න කලින් අනිවාර්යයෙන්ම මේ කාරණා ගැන හොයලා බලන්න ඕනේ.
(1) බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස් කියලා ඔහු පිළිගන්නවාද?—2 තිමෝ. 3:16.
(2) බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් ගැන ඔහු දන්නවාද? ඒ දේවල් ඔහු විශ්වාස කරනවාද? කෙනෙක් ඒ ගැන ඇහුවොත් වෙන ආගම්වල ඉගැන්වීම් හරි තමන්ගේ අදහස් හරි කියනවා වෙනුවට බයිබලය පදනම් කරගෙන උත්තර දෙන්න ඔහුට පුළුවන්ද?—මතෙ. 7:21-23; 2 තිමෝ. 2:15.
(3) හැකියාව තියෙනවා නම් සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ඔහු අනිවාර්යයෙන්ම සහභාගි වෙනවාද?—ගීතා. 122:1; හෙබ්‍රෙ. 10:24, 25.
(4) අනාචාරය, බහුභාර්යා සේවනය සහ සමලිංගික සේවනය ඇතුළු වේශ්‍යාකම ගැන බයිබලයේ සඳහන් දේ ඔහු දන්නවාද? ඔහු ඒ දේවල්වලට එකඟව ජීවත් වෙනවාද? ඔහු විරුද්ධ ලිංගයේ කෙනෙක් එක්ක ජීවත් වෙනවා නම් ඒ කෙනාව නීත්‍යනුකූලව විවාහ කරගෙන ඉන්නවාද?—මතෙ. 19:9; 1 කොරි. 6:9, 10; 1 තිමෝ. 3:2, 12; හෙබ්‍රෙ. 13:4.
(5) බේබදුකම ගැන බයිබලයේ දීලා තියෙන ආඥාවට ඔහු කීකරු වෙනවාද? වෛද්‍ය උපදෙස් නැතුව ඇබ්බැහි කරවන, මනසට බලපාන ස්වාභාවික දේවල් හරි කෘත්‍රිම දේවල් හරි ඔහු ගන්නවාද?—2 කොරි. 7:1; එෆී. 5:18; 1 පේතෘ. 4:3, 4.
(6) නරක ආශ්‍රයෙන් වැළකිලා ඉන්න එකේ ප්‍රයෝජන ඔහු තේරුම් අරන් තියෙනවාද?—1 කොරි. 15:33.
(7) කලින් සම්බන්ධ වෙලා හිටිය ආගම්වල සාමාජිකත්වයෙන් ඔහු සම්පූර්ණයෙන්ම ඉවත් වෙලාද? ඒ ආගමික මෙහෙයන්වලට සහභාගි වෙන එකත් ඒවාට සහයෝගය දෙන එකත් ඔහු සම්පූර්ණයෙන්ම නතර කරලාද?—2 කොරි. 6:14-18; එළි. 18:4.
(8) දේශපාලනයට සම්බන්ධ හැම දේකින්ම ඔහු වැළකිලා ඉන්නවාද?—යොහ. 6:15; 15:19; යාකො. 1:27.
(9) ඔහු යෙසායා 2:4 සඳහන් දෙය හොඳින් තේරුම් අරන් යුද්ධවලට කිසිම විදිහකින්වත් හවුල් නොවී ඉන්නවාද?
(10) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ඔහුට ඇත්තටම උවමනාවක් තියෙනවාද?—ගීතා. 110:3.
9 ඒ එක කාරණයක් ගැන හරි ඔහුට හැඟෙන විදිහ සම්බන්ධයෙන් වැඩිමහල්ලන්ට සැකයක් තියෙනවා නම් ඔහුගෙන් ඒ ගැන අහන්න ඕනේ. අදාළ බයිබල් පද ඒ සඳහා යොදාගන්නත් පුළුවන්. සාක්ෂිකරුවන් එක්ක දේශනා සේවයේ හවුල් වෙන අය අනිවාර්යයෙන්ම බයිබලයේ සඳහන් ඒ තොරතුරුවලට එකඟව ජීවත් වෙන්න ඕනෙ කියලා ඔහු තේරුම්ගන්න එක හුඟක් වැදගත්. සේවයේ හවුල් වෙන අයගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා ඔහු තේරුම් අරන් තියෙනවාද කියලත් දේශනා සේවයේ සහභාගි වෙන්න ප්‍රමාණවත් සුදුසුකම් ඔහුට තියෙනවාද කියලත් ඔහු දෙන උත්තරවලින් වැඩිමහල්ලන් තේරුම්ගනියි.
10 සේවයේ සහභාගි වෙන්න ඔහුට සුදුසුකම් තියෙනවාද කියලා වැඩිමහල්ලන් හැකි ඉක්මනින් ඔහුට දැනුම් දෙන්න ඕනේ. හුඟක් වෙලාවට සාකච්ඡාව අවසානයේදී ඒ ගැන දැනුම් දෙන්න පුළුවන්. ඔහු ඒ සඳහා සුදුසුයි නම් වැඩිමහල්ලන් ඔහුව ප්‍රචාරකයෙක් විදිහට ආදරයෙන් පිළිගනියි. (රෝම 15:7) හැකි ඉක්මනින් සේවයේ හවුල් වෙන්න කියලත් මාසය අවසානයේදී සේවා වාර්තාව දෙන්න කියලත් ඔහුව දිරිගන්වන්න. බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් මුල්ම වතාවට සේවා වාර්තාව දුන්නාම ඔහුගේ නමින් ‘සභාවේ ප්‍රචාරක වාර්තාවක්’ සකස් කරනවා කියලත් ඒක සභාවේ තියාගන්නවා කියලත් ඔහුට කියන්න. ප්‍රචාරක වාර්තාව, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත නමස්කාර කටයුතු පිළිවෙළකට කරන්න වගේම ප්‍රචාරකයාට නමස්කාරයට සම්බන්ධ කටයුතුවලට සහභාගි වෙන්නත් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අවශ්‍ය උපකාර ලබා දෙන්නත් උදව් වෙනවා. ඒ වාර්තාවට ඇතුළත් කරන පෞද්ගලික තොරතුරු වැඩිමහල්ලන් ප්‍රචාරකයාගෙන් ඉල්ලගන්නවා. ප්‍රචාරකයාගේ පෞද්ගලික තොරතුරු jw.org වෙබ් අඩවියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත දත්ත රැකීම පිළිබඳ ප්‍රතිපත්තියට එකඟව හසුරුවනවා කියලා වැඩිමහල්ලන් අලුත් ප්‍රචාරකයන්ට කියන්න ඕනේ.
11 අලුතින් ප්‍රචාරකයෙක් වුණු කෙනෙක්ව අපි කිට්ටුවෙන් ආශ්‍රය කරනවා නම්, ඔහුගේ දියුණුව ගැන සැලකිලිමත් වෙනවා නම් ඒකෙන් හුඟක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. හැම මාසයකම සේවා වාර්තාව ඉදිරිපත් කරන්නත් යෙහෝවා දෙවියන්ට තවත් වැඩියෙන් සේවය කරන්නත් ඔහු පෙලඹෙයි.—ෆිලි. 2:4; හෙබ්‍රෙ. 13:2.
12 කෙනෙක් සේවයේ යන්න සුදුසුයි කියලා වැඩිමහල්ලන් තීරණය කළොත් ඒ කෙනාට ‘යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්’ කියන මේ පොතේ පිටපතක් ලබා දෙන්න ඕනේ. ඔහු මුල්ම වතාවට සේවා වාර්තාව ඉදිරිපත් කළාට පස්සේ ඔහු දැන් බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් කියලා සභාවට කෙටි නිවේදනයක් කරනවා.
යෞවනයන්ට උදව් කිරීම
13 යෞවන දරුවන්ටත් පුළුවන් බව්තීස්ම නොවූ ප්‍රචාරකයන් වෙන්න. යේසුස් දරුවන්ව ආදරෙන් පිළි අරන් ඔවුන්ට ආශීර්වාද කළා. (මතෙ. 19:13-15; 21:15, 16) දරුවන් සම්බන්ධයෙන් මූලිකම වගකීම තියෙන්නේ දෙමාපියන්ට වුණත් දේශනා සේවයේ හවුල් වෙන්න ලොකු ආශාවකින් ඉන්න දරුවන්ව දිරිගන්වන්න සභාවේ හැමෝටම පුළුවන්. ඔයාට දරුවන් ඉන්නවා නම් ඔයා උද්‍යෝගයෙන් සේවයේ හවුල් වෙනවා දකිද්දී ඒක ඔවුන්ට දිරිගැන්වීමක් වෙයි. ආදර්ශවත් ජීවිතයක් ගත කරන දරුවෙක් සේවයේ යන්න කැමතියි කියලා කිව්වොත් ඔහුට උදව් කරන්න පුළුවන් කොහොමද?
14 දෙමාපියන්ට පුළුවන් සභාවේ සේවා කමිටුවේ වැඩිමහල්ලෙක්ට ඒ ගැන කියන්න. එතකොට වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක දරුවා එක්ක සාකච්ඡා කරන්න සේවා කමිටුවේ වැඩිමහල්ලෙක්ට සහ තවත් වැඩිමහල්ලෙක්ට පවරයි. දරුවාගේ දෙමාපියන් හරි දරුවාගේ භාරකරුවන් හරි සත්‍යයේ ඉන්නවා නම් ඔවුනුත් දරුවා එක්ක ඒ සාකච්ඡාවට හවුල් වෙන්න ඕනේ. බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන දරුවාට මූලික අවබෝධයක් තියෙනවාද කියලත් සේවයේ හවුල් වෙන්න ඔහුට ලොකු කැමැත්තක් තියෙනවාද කියලත් වැඩිමහල්ලන් සලකා බලයි. ඒ ගැනත් තවත් කාරණා ගැනත් සලකා බැලුවාට පස්සේ දරුවාව බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් හැටියට පත් කරන්න පුළුවන්ද කියලා වැඩිමහල්ලන් තීරණය කරයි. (ලූක් 6:45; රෝම 10:10) ඒ සාකච්ඡාවේදී සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට විතරක් අදාළ දරුවන්ට අදාළ නැති කරුණු සාකච්ඡා කරන්න ඕනෙ නැහැ.
15 සාකච්ඡාව අතරතුරේදී වැඩිමහල්ලන්ට පුළුවන් දරුවා ලබලා තියෙන දියුණුව අගය කරලා බව්තීස්ම වෙන්න ඉලක්කයක් තියාගන්න දරුවාව දිරිගන්වන්න. ඒ වගේම දරුවාගේ හිතේ සත්‍යය ගැන අගයක් ඇති කරන්න දෙමාපියන් දරලා තියෙන වෙහෙස අගය කරන්නත් පුළුවන්. දරුවාට අවශ්‍ය කරන උපකාරය දිගටම ලබා දෙන්න උදව්වක් විදිහට මේ පොතේ 179-181 පිටුවල සඳහන් “දෙවියන්ට ළැදි දෙමාපියෙනි” කියන කොටසේ තියෙන තොරතුරු බලන්න කියලත් ඔවුන්ව උනන්දු කරන්න.
කැප වීම සහ බව්තීස්මය
16 දැනටමත් ඔයාගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති වෙලා තියෙනවා නම්, දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති ඔයා අදාළ කරගෙන සේවයේ හවුල් වෙනවා නම් දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම ඔයා තවත් ශක්තිමත් කරගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද? ජීවිතේ දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන එක ඒ දේ කරන්න ඔයාට උදව් වෙයි.—මතෙ. 28:19, 20.
17 යම් දෙයක් කැප කරනවා කියන්නේ විශේෂ සේවයක් වෙනුවෙන් ඒ දේ වෙන් කරනවා කියන එකයි. කෙනෙක් දෙවියන්ට කැප වෙද්දී යාච්ඤා කරලා මුළු ජීවිතයම දෙවියන් කැමති විදිහට ගත කරමින් ඔහුට සේවය කරන්න පොරොන්දු වෙනවා. ඒ කියන්නේ සදහටම දෙවියන්ට විතරක් නමස්කාර කරන්න පොරොන්දු වෙනවා. (ද්වි. 5:9) ඒ තීරණය පෞද්ගලික එකක්. ඔයා වෙනුවෙන් ඒ තීරණය ගන්න වෙන කාටවත් බැහැ.
18 යාච්ඤා කරලා දෙවියන්ට කැප වුණාට පස්සේ ඔයා තවත් දෙයක් කරන්න ඕනේ. ඔයා දෙවියන්ට කැප වෙලා ඉන්නවා කියලා අනිත් අයටත් පෙන්වන්න ඕනේ. යේසුස් කළා වගේ බව්තීස්ම වීමෙන් ඒක කරන්න පුළුවන්. (1 පේතෘ. 2:21; 3:21) යෙහෝවා දෙවියන්ට සේවය කරන්නත් බව්තීස්ම වෙන්නත් ඔයා ආශාවෙන් ඉන්නවා නම් ඔයා කරන්න ඕනෙ මොනවාද? ඔයාට පුළුවන් ඒ ගැන වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරකට කියන්න. එතකොට ඔයා එක්ක සාකච්ඡාවන් පවත්වන්න ඔහු වැඩිමහල්ලන් කිහිපදෙනෙක්ට පවරයි. ඔයා බව්තීස්ම වෙන්න සුදුසුද කියලා තේරුම්ගන්න ඒක උදව් වෙනවා. මේ පොතේ 182-184 පිටුවල “බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙනි” කියන කොටසේ තොරතුරු සහ 185-207 පිටුවල “බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අය සඳහා ප්‍රශ්න” කියන කොටස ඔයාට ප්‍රයෝජනවත් වෙයි.
සේවයේ ප්‍රගතිය වාර්තා කිරීම
19 ලෝකෙ වටේම ශුභාරංචිය ව්‍යාප්ත වෙලා තියෙන විදිහ ගැන අහන්න ලැබෙන වාර්තා නිසා අවුරුදු ගාණක් පුරාම දෙවියන්ගේ සෙනඟ ලොකු දිරිගැන්වීමක් ලබලා තියෙනවා. ශුභාරංචිය පොළොව පුරාම දේශනා කරනු ලබනවා කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ට කියපු කාලේ ඉඳන් ඒ දේ ඉටු වෙන්නේ කොහොමද කියලා දැනගන්න සැබෑ ක්‍රිස්තියානීන් ලොකු උනන්දුවකින් බලන් ඉන්නවා.—මතෙ. 28:19, 20; මාක් 13:10; ක්‍රියා 1:8.
20 දේශනා සේවයේ ලැබුණු ප්‍රතිඵල ගැන අහන්න ලැබීමෙන් යේසුස්ගේ මුල් අනුගාමිකයන් හුඟක් සතුටු වුණා. (මාක් 6:30) ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී ගෝලයන් 120දෙනෙක්ට දෙවියන්ගේ බලය ලැබුණා කියලා ක්‍රියා පොතේ සඳහන් වෙනවා. වැඩි කාලයක් යන්න කලින් ගෝලයන්ගේ ගණන 3,000ක් පමණ වුණා. ඊටපස්සේ ඒ ගණන 5,000ක් පමණ වුණා. ‘යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් ගැලවීමේ මඟට ඇතුල් වූ බොහෝ පිරිසක් ඔවුන්ට දිනපතා එකතු වුණා’ කියලත් ‘පූජකයන් විශාල පිරිසක්ද යේසුස්ගේ අනුගාමිකයෝ වුණා’ කියලත් වාර්තාවල සඳහන් වෙනවා. (ක්‍රියා 1:15; 2:5-11, 41, 47; 4:4; 6:7) ඒ වර්ධනය ගැන දැනගන්න ලැබීමෙන් ගෝලයන් මොන තරම් සතුටු වෙන්න ඇද්ද! යුදෙව් ආගමික නායකයන් කොයි තරම් පීඩා කළත් දෙවියන්ගෙන් ලැබුණු පැවරුම දිගටම ඉටු කරන්න ඒ වාර්තා ඔවුන්ට දිරිගැන්වීමක් වුණු බවට නම් සැකයක් නැහැ.
21 ක්‍රි.ව. 60-61ත් අතර කාලයේදී පාවුල් කොලොස්සි සභාවට ලියපු ලිපියක “ශුභාරංචිය දැන් මුළු ලොව පුරාම පැතිර යන බවත් ඉන් බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන බවත්” සඳහන් කළා. ඒ වගේම ශුභාරංචිය “අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයා අතර දේශනා කරනු ලැබූ” බවත් ඔහු සඳහන් කළා. (කොලො. 1:5, 6, 23) දෙවියන්ගේ වචනයට කීකරු වුණු මුල් ක්‍රිස්තියානීන් ක්‍රි.ව. 70දී යුදෙව් සමාජය විනාශ වෙන්න කලින් දෙවියන්ගේ බලයේ උපකාරයෙන් පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය දේශනා කළා. ශුභාරංචිය ව්‍යාප්ත වුණු විදිහ ගැන දැනගන්න ලැබීමෙන් ක්‍රිස්තියානීන් කොයි තරම් දිරිගැන්වෙන්න ඇද්ද!
අන්තිමය එන්න කලින් ශුභාරංචිය ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙනවා දකින්න ඔයාත් ආසාවෙන් බලන් ඉන්නවාද?
22 මතෙව් 24:14 මෙහෙම සඳහන් වෙනවා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” ඒ දේ ඇත්තක් කරමින් ලෝකෙ පුරාම සිද්ධ වෙන දේශනා සේවය ගැන දැනටත් දෙවියන්ගේ සෙනඟ වාර්තාවන් සකස් කරනවා. දෙවියන්ට කැප වෙලා ඉන්න සෙනඟක් විදිහට දෙවියන් අපිට පවරලා තියෙන කාර්යය කල් දාන්න බැහැ. අන්තිමය එන්න කලින් ශුභාරංචිය ලෝකෙ පුරාම ව්‍යාප්ත කරන්න දායක වෙන්න අපි එක් එක් කෙනාට වගකීමක් තියෙනවා. යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඒ කාර්යය සම්පූර්ණ වෙන්න සලස්වයි. අපි අපේ උපරිමයෙන් ඒකට හවුල් වෙනවා නම් දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න අපිට පුළුවන් වෙනවා.—එස. 3:18-21.
ඔයාගේ ක්ෂේත්‍ර සේවා වාර්තාව
23 අපි නිශ්චිතවම වාර්තා කරන්න ඕනෙ මොන තොරතුරුද? සංවිධානයෙන් අපිට සපයලා තියෙන ‘ක්ෂේත්‍ර සේවා වාර්තාවේ’ අපි ඇතුළත් කරන්න ඕන මොන තොරතුරුද කියලා සඳහන් වෙනවා. දැන් අපි ඒ ගැන තව විස්තර ටිකක් බලමු.
24 “බෙදාහරින ලද ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත ප්‍රකාශන” කියන තීරුවේ බව්තීස්ම නොවූ අයට ඔයා දීපු මුද්‍රිත ප්‍රකාශන හා ඉලෙක්ට්‍රොනික ප්‍රකාශන එකතු කර ලියන්න. “වීඩියෝ දර්ශන පෙන්වූ වාර ගණන” කියන තීරුවේ ඔයා වීඩියෝ පෙන්වපු වාර ගණන සඳහන් කරන්න.
25 කලින් මුණගැහුණු කෙනෙක්ට සත්‍යය ගැන තියෙන උනන්දුව තවත් වැඩි කිරීමේ අරමුණින් ඒ කෙනාව නැවත බලන්න ගිය වාර ගණන “නැවත බැලීම්” කියන තීරුවේ සඳහන් කරන්න. උනන්දුවක් දක්වපු කෙනාව මුණගැහිලා නැවත බැලීමක් කරන්න පුළුවන්. ඒ වගේම ලිපියක් මාර්ගයෙන්, දුරකථන ඇමතුමක් මාර්ගයෙන්, මෙසේජ් එකක් හරි ඊ-මේල් එකක් හරි මාර්ගයෙන් වුණත් නැවත බැලීම් කරන්න පුළුවන්. කෙනෙක් එක්ක බයිබල් පාඩමක් පවත්වන හැම වතාවකදීම ඒක නැවත බැලීමක් හැටියට වාර්තා කරන්න පුළුවන්. පවුලේ නමස්කාරයට බව්තීස්ම නොවූ දරුවෙක් සහභාගි වෙනවා නම් ඒක මෙහෙයවන කෙනාට සතියකට එක නැවත බැලීමක් වාර්තා කරන්න පුළුවන්.
26 සාමාන්‍යයෙන් බයිබල් පාඩමක් හැම සතියකම කළත් වාර්තාවේ ඒක සඳහන් කරන්නේ එක පාඩමක් හැටියටයි. ප්‍රචාරකයන් මාසයේ වෙන වෙනම පවත්වපු බයිබල් පාඩම් ගණනේ එකතුව වාර්තාවේ සඳහන් කරන්න ඕනේ. බව්තීස්ම වෙලා නැති අයත් එක්ක පවත්වන බයිබල් පාඩම් ඒකේ වාර්තා කරන්න පුළුවන්. ඊට අමතරව සේවා කමිටුවේ මඟ පෙන්වීම ඇතුව අක්‍රියාශීලී සහෝදරයෙක් හරි සහෝදරියක් හරි එක්ක බයිබල් පාඩමක් පවත්වනවා නම් ඒ වගේම ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත සම්පූර්ණයෙන්ම කරලා ඉවර නැති බව්තීස්ම වුණු අය එක්ක බයිබල් පාඩමක් පවත්වනවා නම් ඒවාත් වාර්තා කරන්න පුළුවන්.
27 “පැය” ගණන නිවැරදිව වාර්තා කරන එකත් හුඟක් වැදගත්. ඒ තීරුවේ වාර්තා කරන්න ඕනෙ ගෙයින් ගෙට සේවය ඇතුළු සභාවෙන් සැලසුම් කරන සේවයේ වෙනත් අංගවල හවුල් වෙන්න, නැවත බැලීම් කරන්න, බයිබල් පාඩම් කරන්න සහ අවිධිමත් විදිහට සාක්ෂි දරන්න වැය කරපු පැය ගණනයි. නැවත බැලීමකට හරි බයිබල් පාඩමකට හරි ප්‍රචාරකයන් දෙන්නෙක් හවුල් වෙනවා නම් ඒ කාලය දෙන්නාටම වාර්තා කරන්න පුළුවන්. හැබැයි නැවත බැලීම හරි බයිබල් පාඩම හරි වාර්තා කරන්න පුළුවන් එක් කෙනෙක්ට විතරයි. පවුලේ නමස්කාරයේදී දරුවන්ට යම් මඟ පෙන්වීම් ලබා දෙනවා නම් දෙමාපියන්ට හැම සතියකම පැයක් වාර්තා කරන්න පුළුවන්. බයිබල් දේශන ඉදිරිපත් කරන සහෝදරයන්ට ඒ කාලය වාර්තා කරන්න පුළුවන්. යම් දේශනයක් පරිවර්තනය කරනවා නම් ඒ කෙනාටත් ඒ කාලය වාර්තා කරන්න පුළුවන්. ඒත් සමහර දේවල් සඳහා ගත වන කාලය සේවා වාර්තාවේ “පැය” ගණන යටතේ ඇතුළත් කරන්න බැහැ. උදාහරණයකට සේවයේ යන්න සූදානම් වෙන්න ගත වුණු කාලය, ක්ෂේත්‍ර සේවා රැස්වීමට ගත වුණු කාලය, සේවය කරන අතරතුරේදී යම් දෙයක් මිල දී ගන්න ගත වුණු කාලය ඒ අතරට අයිතියි.
28 හැම ප්‍රචාරකයෙක්ම බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කරපු හෘදය සාක්ෂියට එකඟව පැය ගණන වාර්තා කරන්න ඕනේ. සමහර ප්‍රචාරකයන් ජනාකීර්ණ ප්‍රදේශවල දේශනා කරනවා. තවත් අය ඒ තරම් ජනාකීර්ණ නැති ඈත පළාත්වල දේශනා කරනවා. ප්‍රදේශයන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ප්‍රචාරකයන් සේවයේ යොදවන කාලය ගණන් බලන විදිහ එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ කාලය ගණන් කරන්න ඕන විදිහ ගැන පාලක මණ්ඩලය අපිට නීති දාලා නැහැ. එක් එක් කෙනා පැය ගණන වාර්තා කරන විදිහ ගැන විනිශ්චය කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ.—මතෙ. 6:1; 7:1; 1 තිමෝ. 1:5.
29 පැය යටතේ වාර්තා කරන්න ඕන සම්පූර්ණ පැය ගණනක් විතරයි. හැබැයි මහලු වයස නිසා, සෑහෙන කාලයක් පුරා අසනීපෙන් ඉන්න නිසා, මහලු නිවාසවල ඉන්න නිසා තමන්ට කරන්න පුළුවන් දේවල් සීමා වෙලා තියෙන අයට මිනිත්තු 15ක් වුණත් වාර්තා කරන්න පුළුවන්. ඒ අයවත් ප්‍රචාරකයන් විදිහට ගණන් ගැනෙනවා. බරපතළ අසනීපයක් නිසා හරි හදිසි අනතුරක් නිසා හරි තාවකාලිකව මාසයකට නැත්නම් යම් කාලයකට ඇවිදින්න අපහසු තත්වයක ඉන්න අයටත් ඒක අදාළයි. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම තමන්ට කරන්න පුළුවන් දේවල් සීමා වෙලා තියෙන අයට විතරයි. ඒ සැපයුමෙන් ප්‍රයෝජන ගන්න, කෙනෙක් සුදුසුද නැද්ද කියලා තීරණය කරන්නේ සේවා කමිටුවේ සහෝදරයන්.
‘සභාවේ ප්‍රචාරක වාර්තාව’
30 හැම මාසයකදීම ඔයා දෙන සේවා වාර්තාව ‘සභාවේ ප්‍රචාරක වාර්තාවට’ ඇතුළත් කරනවා. ප්‍රචාරක වාර්තාවන් තියෙන්නේ ඔයා ඉන්න සභාවේ වැඩිමහල්ලන් ළඟයි. ඔයා වෙන සභාවකට මාරු වෙන්න අදහස් කරනවා නම් අමතක නොකර ඒ ගැන ඔයාගේ වැඩිමහල්ලන්ට කියන්න. එතකොට සභාවේ ලේකම් ඔයා අලුතින් යන සභාවේ වැඩිමහල්ලන්ට ඒ වාර්තාව ලැබෙන්න සලස්වනවා. ඔයා අලුතින් යන සභාවේ වැඩිමහල්ලන්ට ඔයාව ආදරෙන් පිළිගන්නත් දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න උදව් කරන්නත් ඒ තොරතුරු ප්‍රයෝජනවත් වෙයි. ඔයා සභාවෙන් පිට පළාතකට යන්නේ මාස තුනකට වඩා අඩු කාලෙකට නම් ඒ කාලය අතරතුරේදීත් ඔයාගේ සේවා වාර්තාව දෙන්න ඕන ඔයාගේ සභාවටමයි.
සේවා වාර්තාව දෙන්න ඕන ඇයි?
31 සමහර අවස්ථාවලදී සේවා වාර්තාව දෙන්න ඔයාට අමතක වෙනවාද? අපි හැමෝටම විටින් විට යම් සිහිගැන්වීම් ඕනේ. හැබැයි සේවා වාර්තාව දෙන එක ගැන අපිට හරි ආකල්පයක් තියෙනවා නම් ඒ වගේම ඒක දෙන එකේ වැදගත්කම අපි තේරුම් අරන් ඉන්නවා නම් හැම මාසයකම සේවා වාර්තාව දෙන්න ඒක අපිට උදව් වෙයි.
32 සමහර අයට මෙහෙම හිතිලා තියෙනවා. “මං කරන සේවය ගැන යෙහෝවා දෙවියන් දන්නවානේ. ඉතින් මං මොකටද ඒ ගැන වාර්තාවක් දෙන්නේ?” ඇත්ත, අපි කරන්නේ මොනවාද කියලත් අපි දෙවියන්ට සේවය කරන්නේ මුළු හදවතින්මද නැද්ද කියලත් යෙහෝවා දෙවියන් හොඳින්ම දන්නවා. හැබැයි යෙහෝවා දෙවියනුත් යම් දේවල් ගැන වාර්තාවන් දීලා තියෙනවා කියලා අමතක කරන්න එපා. නෝවා නැවේ හිටිය දවස් ගණන, ඊශ්‍රායෙල් සෙනඟ පාළුකරයේ ගමන් කරපු කාලය ඒ අතරට අයිතියි. ඒ වගේම කීදෙනෙක් දෙවියන්ට විශ්වාසවන්තව හිටියාද කියලත් කීදෙනෙක් ඔහුට අකීකරු වුණාද කියලත් ඔහු වාර්තා කරලා තියෙනවා. කානාන් දේශය ක්‍රමානුකූලව අත් පත් කරගත්ත විදිහ ගැනත් ඊශ්‍රායෙල් දේශයේ හිටිය විනිශ්චයකරුවන් ඉටු කරපු වැදගත් කාර්යයන් ගැනත් ඔහු වාර්තා කරලා තියෙනවා. ඔව්, ඔහුගේ සේවකයන් ඉටු කරලා තියෙන දේවල් සම්බන්ධයෙන් හුඟක් තොරතුරු ඔහු වාර්තා කරලා තියෙනවා. ඒ හැම තොරතුරක්ම බයිබලයට ඇතුළත් කරලා තියෙන එකෙන් දෙවියන් අපිට පෙන්වලා තියෙනවා නිවැරදි වාර්තාවන් තියාගන්න එක ගැන ඔහු කොයි තරම් සැලකිලිමත් වෙනවාද කියලා.
33 දෙවියන්ගේ සෙනඟ මොන තරම් නිවැරදිව තොරතුරු වාර්තා කරලා තියෙනවාද කියලා බයිබලයේ සඳහන් සිද්ධීන් සලකා බලද්දී තේරුම්ගන්න පුළුවන්. බයිබලයේ සඳහන් හුඟක් සිද්ධීන්වලට අදාළ නිශ්චිත සංඛ්‍යාවන් වාර්තා කරලා තිබුණේ නැත්නම් ඒ සිද්ධීන් ඇත්තටම මොන තරම් සුවිශේෂීද කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. උදාහරණ කිහිපයක් බලන්න. උත්පත්ති 46:27; නික්මයාම 12:37; විනිශ්චයකරුවෝ 7:7; 2 රාජාවලිය 19:35; 2 ලේකම් 14:9-13; යොහන් 6:10; 21:11; ක්‍රියා 2:41; 19:19.
34 අපේ නමස්කාරයට සම්බන්ධව අපි කරන හැම දෙයක්ම අපේ වාර්තාවල සඳහන් වෙන්නේ නැති වුණත් ඒ වාර්තාවල තියෙන තොරතුරු යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. මුල් සියවසේදී නියෝජිතයන් දේශනා සේවයේ ගිහින් ආවාට පස්සේ “තමන් කළ සියල්ල ගැනද තමන් ඉගැන්වූ සියල්ල ගැනද” යේසුස්ට දැන්නුවා. (මාක් 6:30) සමහර අවස්ථාවලදී අපේ සේවය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් දෙන්න ඕන පැති ගැන දැනගන්න වාර්තාවන් උදව් වෙනවා. සමහර ක්‍රියාකාරකම්වල වර්ධනයක් තිබුණත් තවත් පැති සම්බන්ධයෙන් වර්ධනයක් නැහැ කියලා පෙනෙන්න පුළුවන්. උදාහරණයකට ප්‍රචාරකයන් ගණනේ වර්ධනය අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී යම් දිරිගැන්වීමක් එහෙමත් නැත්නම් ඊට විසඳුමක් ලබා දෙන්න ඕනේ. වැඩිමහල්ලන් ඒ වාර්තා සෝදිසි කරලා බලද්දී සභාවේ එක් එක් කෙනාට පෞද්ගලිකව හරි සභාවක් විදිහට හරි වර්ධනය වෙන්න තියෙන බාධාවන් හඳුනාගෙන අවශ්‍ය උපකාරය ලබා දෙන්න පියවර ගන්නවා.
35 සේවය කරන්න වැඩි අවශ්‍යතාවක් තියෙන්නේ මොන ප්‍රදේශවලද කියලා හඳුනාගන්නත් වාර්තාවල තියෙන තොරතුරු ප්‍රයෝජනවත් වෙනවා. වර්ධනයක් තියෙන්නේ මොන ප්‍රදේශවලද සහ ඒ තරම් වර්ධනයක් නැත්තේ මොන ප්‍රදේශවලද කියලත් මිනිසුන්ට සත්‍යය ගැන ඉගෙනගන්න උදව් වෙන්නේ මොන ප්‍රකාශනද කියලත් තේරුම්ගන්න ඒ තොරතුරු උදව් වෙනවා. කොයි තරම් ප්‍රකාශන සංඛ්‍යාවක් බෙදාහැරලා තියෙනවාද, ඒ අනුව අනාගතයට ප්‍රකාශන කොයි තරම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවාද කියලා තේරුම්ගන්නත් වාර්තාවල තියෙන තොරතුරු උදව් වෙනවා.
36 සේවය සම්බන්ධයෙන් ලැබෙන වාර්තාවලින් අපි හැමෝම දිරිගැන්වෙනවා. ශුභාරංචිය කියන්න ලෝකෙ පුරාම ඉන්න අපේ සහෝදරයන් කරන දේවල් ගැන අහන්න ලැබෙද්දී අපිට ඒ ගැන සතුටක් දැනෙන්නේ නැද්ද! යෙහෝවා දෙවියන්ගේ සංවිධානය මොන තරම් දියුණුවක් ලබලා තියෙනවාද කියලා තේරුම්ගන්නත් ඒ තොරතුරු අපිට උදව් වෙනවා. අද්දැකීම් ගැන අහන්න ලැබෙද්දී තවත් වැඩියෙන් සේවයේ හවුල් වෙන්න අපි තුළත් පෙලඹීමක් ඇති වෙනවා. (ක්‍රියා 15:3) ඒ හැම තොරතුරක් ගැනම හිතද්දී අපේ වාර්තාව හැම මාසයකම දෙන එක මොන තරම් වැදගත්ද කියලා පැහැදිලියි. අපි ඒ දේ කරද්දී අපි ඇත්තටම අපේ සහෝදරයන් ගැන සැලකිලිමත් කියලත් පෙන්වන්න පුළුවන්. වාර්තාව දෙන එක පුංචි දෙයක් වුණත් අපි යෙහෝවා දෙවියන්ගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා කියලා පෙන්වන්න ඒකෙන් අපිට අවස්ථාව ලැබෙනවා.—ලූක් 16:10; හෙබ්‍රෙ. 13:17.
පෞද්ගලික ඉලක්කයන් තබාගැනීම
37 අපි එක් එක් කෙනාගේ තත්වයන් වෙනස් නිසා අපේ සේවා වාර්තාව අනිත් අයගේ වාර්තාවන් එක්ක සසඳන්න ඕනෙ නැහැ. (ගලා. 5:26; 6:4) ඒ වෙනුවට සේවයේදී කරන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන් ඉලක්කයන් තියාගන්න අපිට පුළුවන්. අපි සේවයේදී මොන තරම් වර්ධනයක් ලබලා තියෙනවාද කියලා දැනගන්න ඒක උදව්වක් වෙනවා. ඒකෙන් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. ඒ ඉලක්කයන් කරා ළඟා වුණාම ඒකෙන් අපිට ලොකු සතුටක් ලබන්නත් පුළුවන්.
38 “මහත් පීඩාවෙන්” ගලවාගන්නා අයව එක්රැස් කරන වැඩය වේගයෙන් සිදු වෙන්න සලස්වන්නේ යෙහෝවා දෙවියනුයි. යෙසායා මේ අනාවැකිය කියලා තියෙනවා. “කුඩා තැනැත්තා දහසක් බවටත් සුළු තැනැත්තා බලවත් ජාතියක් බවටත් පත් වෙයි. යෙහෝවා දෙවි වන මම නියම කාලයට එය වේගයෙන් සිදු වෙන්න සලස්වමි.” (එළි. 7:9, 14; යෙසා. 60:22) අපි දැන් ජීවත් වෙන්නේ ඒ අනාවැකිය ඉටු වෙන කාලයේදියි. මේ අවසාන කාලයේදී දෙවියන්ගේ සේවකයෙක් විදිහට ශුභාරංචිය දේශනා කරන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව මොන තරම් වරප්‍රසාදයක්ද!—මතෙ. 24:14.