අද්දැකීම් ඇති ප්‍රචාරකයන්ගෙන් ඉගෙනගන්න
අද්දැකීම් ඇති ප්‍රචාරකයන් සභාවට ගොඩක් වටිනවා. ඒ වගේ අය අවුරුදු ගාණක් තිස්සේ දෙවිට විශ්වාසවන්තව සේවය කරපු අයයි. ඒ වගේම තවත් සමහර අය අවුරුදු කීපයක් ඇතුළත සේවයේ ගොඩක් දක්ෂ වෙලා තියෙනවා. සාර්ථක විදිහට දේශනා කරන්නත් ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරන්නත් අවසාන කාලයේදී යේසුස් මඟ පෙන්වන විදිහ මේ ප්‍රචාරකයන් දැකලා තියෙනවා. (මතෙ. 28:19, 20) සේවයේදී විවිධ ප්‍රශ්න ගැටලු එද්දී දෙවිගේ “සාමාන්‍යය ඉක්මවූ බලය” ඒ අය අද්දැකලා තියෙනවා. (2 කොරි. 4:7) අද්දැකීම් බහුල ඒ ප්‍රචාරකයන්ගෙන් හුඟක් දේවල් අපිට ඉගෙනගන්න පුළුවන්. ලබපු අද්දැකීම් කියන්න ඒ අයත් ගොඩක් ආසයි. (ගීතා. 71:18) ඒ නිසා ඔවුන්ගෙන් ඉගෙනගන්න අපි උත්සාහ කරමු. ඒක කරන්න පුළුවන් කොහොමද?
දේවසේවයේදී. අද්දැකීම් අඩු ප්‍රචාරකයන්ට සේවයේ දක්ෂ වෙන්න පුහුණව ඕනේ. අද්දැකීම් ඇති ප්‍රචාරකයන් සේවය කරන විදිහ බලලා අලුත් අයට පුළුවන් ඉගෙනගන්න. (2015 පෙබරවාරි 15 ‘මුරටැඹ’ සඟරාවේ “දිගටම උද්යෝගයෙන් සේවය කරමු” යන ලිපියේ “අද්දැකීම් අඩු අයට උදව් කරන්න” කියන උපමාතෘකාව යටතේ ඇති 3වෙනි ඡේදය බලන්න.) අද්දැකීම් ඇති ප්‍රචාරකයන් එක්ක සේවය කරලා ඔබ ලබලා තියෙන ප්‍රයෝජන මොනවාද?
අද්දැකීම් වැඩි ප්‍රචාරකයෙක් එක්ක සේවය යන්න ඔබට පුළුවන්. ප්‍රචාරකයා වැඩිය යන්න එන්න බැරි වයසක කෙනෙක් නම් හරි ආබාධිත තත්වයක ඉන්නවා නම් හරි විටින් විට බයිබල් ශිෂ්‍යයෙක්ව එයාගේ ගෙදරට එක්කගෙන ගිහින් පාඩම කරන්න. පාඩමෙන් පස්සේ දියුණු කරගන්න ඕන පැති තියෙනවද කියලා එයාගෙන් අහන්න පුළුවන්.
එකට කාලය ගත කරන්න: ඒ අයව හොඳින් දැන හඳුනා ගන්න ඒක හොඳ ක්‍රමයක්. ඔබේ පවුලේ නමස්කාරයට ඒ වගේ කෙනෙක්ව එකතු කරගෙන අද්දැකීම් අහන්න පුළුවන්. යන්න එන්න අමාරු නම් ඔහුගේ ගෙදරදී පවුලේ නමස්කාරය කරන්න පුළුවන්ද? සත්‍යයට ආපු විදිහ, ලබපු ආශීර්වාද, පහුගිය කාලය පුරා සභාව දියුණු වෙලා තියෙන විදිහ, යෙහෝවා දෙවිට සේවය කිරීමෙන් ලබපු සතුට වගේ දේවල් ඔහුගෙන් අහන්න.
ඒත් ඔවුන්ගෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා. සේවය සම්බන්ධයෙන් අපි හැමෝටම විවිධ හැකියාවන් තියෙනවා. ඔවුන්ටත් එහෙමයි. (රෝම 12:6-8) ඒ වගේම සමහර මහලු අයට අපි එක්ක වැඩි කාලයක් ගත කරන්න අමාරුයි. ඒත් ඔවුන් අවුරුදු ගාණක් දෙවිට විශ්වාසවන්තව සේවය කරලා තියෙන නිසා ඔවුන්ගෙන් ඉගෙනගන්න අපිට හුඟක් දේවල් තියෙනවා.