“මම පදිංචිය වෙනස් කළ යුතුද?”
1 යෙහෝවාගේ කැප වූ සේවකයන් බොහෝදෙනෙක් “ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න” කියා යේසුස් දුන් ආඥාව ඉටු කිරීම සඳහා අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කිරීමට ගොස් තිබෙනවා. (මතෙ. 28:19) මෙසේ කිරීමෙන් ඔවුන් අනුකරණය කරමින් සිටින්නේ “මකිදෝනියට ඇවිත් අපට උපකාරකරන්න” කියා කළ ඇරයුම පිළිගත් පාවුල්ගේ ආදර්ශයයි. (ක්‍රියා 16:9) මෙය ප්‍රායෝගිකව කළ හැක්කේ කෙසේද?
2 සෑම කාරණයක්ම හොඳින් සලකා බලන්න: කලාතුරකින් සේවයේ යෙදෙන බලප්‍රදේශ ඔබේ සභාවේම තිබෙනවාද? එසේ තිබෙනවා නම්, පළමුව එම ප්‍රදේශවල සේවය කිරීම වඩාත් සුදුසු දෙය විය හැකියි. යම් ප්‍රදේශයක සේවය සඳහා යෑමට තීරණය කරන්න කලින්, ඔබ ඒ සඳහා සුදුසු තත්වයක සිටින බව වැඩිමහල්ලන්ට හැඟෙනවාද කියා ඔවුන්ගෙන් විමසන්න. ඔබේ සේවය තවත් පුළුල් කළ හැකි ප්‍රදේශ ළඟපාත සභාවක තිබෙනවාද කියා චාරිකා අවේක්ෂකගෙන් අසන්න ඔබට පුළුවන්. ඔබේ පදිංචිය වෙනස් කිරීම හා සම්බන්ධ කාරණා හොඳින් සලකා බැලීමෙන් පසු, ඔබ ජීවත් වන රටේම වෙනත් ප්‍රදේශයක හෝ වෙනත් රටක සේවය කරන්න ඔබ කැමති විය හැකියි. එසේනම්, ඔබ සේවය කරන්න කැමති ප්‍රදේශය හා ඔබේ ආත්මික තත්වය ගැන සඳහන් කරමින් ඔබ සභාවේ වැඩිමහල් මණ්ඩලය සමඟ එක්ව ශාඛා කාර්යාලයට ලිපියක් ලියන්න. ඔබ සේවය කිරීමට කැමති ප්‍රදේශය ඔබේ ස්ථිර පදිංචිය සඳහා තෝරාගත හැකිද කියා තීරණය කිරීමට කලින් ඒ ප්‍රදේශයට ගොස් බැලීම නැණවත් දෙයක් විය හැකියි.
3 වෙනත් රටක පදිංචියට යෑමේදී කල්පනාකාරි වන්න: සැප පහසු ජීවිතයක් ගත කිරීමේ හෝ තමන් මුහුණ දෙන ගැටලු ප්‍රශ්නවලින් මිදීමේ අරමුණින් වෙනත් රටවල පදිංචියට යන අපේ සහෝදරයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් තිබෙනවා. මෙහිදී සමහර අය වංචාකාරි පුද්ගලයන්ගේ උගුල්වලට හසු වී තිබෙනවා. අලුත් රටේ පදිංචි වීම සඳහා උපකාර කිරීමට පොරොන්දු වන මොවුන්, මුදල් අරගෙන සහෝදරයන්ව අත්හැර දමා යනවා. සමහර අවස්ථාවලදී මෙවැනි වංචාකාරි පුද්ගලයන් විදේශ රටවලින් පැමිණෙන පුද්ගලයන්ව දුරාචාර ක්‍රියාවන් සඳහා යොදවාගැනීමට තමන් යටතේ තබාගන්න පවා උත්සාහ කර තිබෙනවා. අන්තිමේදී මේ විදේශිකයන් නන්නාඳුනන රටක අසරණ වෙනවා. මෙසේ තමන්ගේ මව් රටේ සිටියදී මුහුණ දුන් අසීරු තත්වයන්ටත් වඩා දරුණු තත්වයන්ට ඔවුන් මුහුණ දෙනවා. එවන් අවස්ථාවලදී, තමන්ට නවාතැන් පහසුකම් ලබා දෙන්න කියා හෝ වෙනත් ආකාරයකින් උපකාර කරන්න කියා හෝ ඒ රටේ සිටින සහෝදරයන්ගෙන් ඉල්ලා සිටීමට සිදු විය හැකියි. ඒ සහෝදරයන්ටත් ගැටලු ප්‍රශ්න හා නොයෙකුත් දුෂ්කරතා තිබෙන නිසා එය ඔවුන්ට බරක් විය හැකියි. අනිත් අතට, කාරණා හොඳින් සලකා බලන්නේ නැතුව පවුලේ අයගෙන් වෙන් වී වෙනත් රටකට පදිංචියට යෑම නිසා ඔවුන්ගේ පවුලේ අයගේ ආත්මික තත්වය දුර්වල වී තිබෙනවා.—1 තිමෝ. 6:8-11.
4 පෞද්ගලික වාසි ප්‍රයෝජන ගැන සලකා ඔබේ පදිංචිය වෙනස් කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම්, කොතැනක ජීවත් වුණත් ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වූ ගැටලු ප්‍රශ්න තිබෙන බව මතක තබාගන්න. නුහුරු නුපුරුදු ප්‍රදේශයකදී මුහුණ දීමට සිදු වන ගැටලුවලට වඩා ඔබට හුරු පුරුදු භාෂාව කතා කරන හා සංස්කෘතියක් තිබෙන ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු ජයගැනීම වඩාත් පහසුයි.