ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 5 පි.
  • ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන්න
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ශාඛා කාර්යාලයක් තියෙන්නේ ඇයි?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • වැඩිපුර සේවයක් කරන්න පුළුවන් ක්‍රම
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගොස් සේවය කරන්න ඔබට හැකිද?
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • “මම පදිංචිය වෙනස් කළ යුතුද?”
    2000 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 5 පි.
‘සේවය කරන්න තියෙන විශාල ප්‍රස්තාව විශ්වාසයෙන් භාරගන්න - ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන්න’ වීඩියෝ එකේ තිබුණ අවස්ථා පෙන්වන පින්තූර. පින්තූරවල අදහස: 1. ගේබ්‍රියෙල් තොරුතුරු හොයලා බලනවා. 2. ශාඛා කාර්යාලයට දන්වන එක ගැන එයා වැඩිමහල්ලෙක් එක්ක කතා කරනවා. 3. විශේෂ දේශනා ව්‍යාපෘතියකට හවුල් වෙලා සැමුවෙල් කියන එයාගේ යාළුවා එක්ක සේවය කරනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු | අලුත් සේවා වසරට ඉලක්කයක්!

ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන්න

හුරු පුරුදු පැත්ත දාලා අලුත් තැනකට ගිහින් සේවය කරන්න නම් කෙනෙක්ට යෙහෝවා දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. (හෙබ්‍රෙ 11:8-10) ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට යන්න ඔයා හිතනවා නම් වැඩිමහල්ලන් එක්ක ඒ ගැන කතා කරන්න. යන ප්‍රදේශය තෝරගන්නත් ඒ තීරණයට අදාළ හැම පැත්තක්ම හිතලා බලන්නත් ඔයාට මොනවද කරන්න පුළුවන්? අපේ ප්‍රකාශනවල තියෙන තොරතුරු හොයලා බලන්න. වෙනත් සභාවකට ඒ වගේ සේවයක් කරන්න ගිය අයත් එක්ක කතා කරන්න. (හිතෝ 15:22) යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. (යාකො 1:5) යන්න හිතන් ඉන්න තැන ගැන තීරණය ගන්න කලින් පුළුවන් නම් ඒ ප්‍රදේශයට ගිහින් ටික දවසක් නැවතිලා තව තොරතුරු හොයලා බලන්න.

‘සේවය කරන්න තියෙන විශාල ප්‍රස්තාව විශ්වාසයෙන් භාරගන්න - ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සේවය වැඩි කරන්න ගේබ්‍රියෙල්ට එයා හිතන විදිහේ මොන වගේ වෙනසක් කරන්න වුණාද? ඒක කරන්න එයාට උදව් වුණේ මොනවාද?

ළඟපාත තියෙන ප්‍රචාරකයන් අඩු සභාවන් මොනවාද කියලා චාරිකා සේවකගෙන් අහලා දැනගන්න. ඈත තියෙන ඒ වගේ සභාවල් මොනවාද කියලා දැනගන්න ඔයාගේ සභාවේ සේවා කමිටුව හරහා ශාඛා කාර්යාලයට ලියන්න. ඔයා වෙනත් රටක තියෙන ඒ වගේ ප්‍රදේශයකට යන්න කැමති නම් ඒ රටේ ශාඛා කාර්යාලයට ලියලා දැනගන්න. ඔයා යන්න විශේෂයෙන් කැමති තැනක් තියෙනවා නම් ඒකත් ලිපියේ සඳහන් කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න