ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp20 අංක 1 9-11 පි.
  • දෙවියන් සහ යේසුස් ගැන සත්‍යය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් සහ යේසුස් ගැන සත්‍යය
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන් කවුද?
  • දෙවියන් සහ යේසුස් එක් කෙනෙක්ද?
  • ‘මාර්ගය, සත්‍යය හා ජීවනය’
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
  • සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යොහන් 14:6 - “මාර්ගයද සැබෑවද ජීවනයද මමය”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • අප “ක්‍රිස්තුස්ව” අනුකරණය කළ යුත්තේ ඇයි?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp20 අංක 1 9-11 පි.

දෙවියන් සහ යේසුස් ගැන සත්‍යය

මිනිසුන් විවිධ දෙවිවරුන්ට නමස්කාර කළත් ඉන්නේ එකම සැබෑ දෙවි කෙනෙක් විතරයි. (යොහන් 17:3) හැම දෙයක්ම නිර්මාණය කළෙත් හැම කෙනෙක්ටම ජීවිතය දුන්නෙත් “අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්” වන ඔහුයි. අපේ නමස්කාරය ලබන්න වටින්නේ ඔහු විතරමයි.—දානියෙල් 7:18; එළිදරව් 4:11.

දෙවියන් කවුද?

විවෘත කර ඇති බයිබලයක්

මුල් පිටපත්වල දෙවියන්ගේ නම සඳහන් වාර ගණන 7,000කටත් වැඩියි

දෙවියන්ගේ නම යෙහෝවායි

ස්වාමීන්, දෙවියන්, පියාණන් කියන්නේ යෙහෝවා දෙවියන්ට තියෙන පදවි නම් කිහිපයක්

දෙවියන්ගේ නම මොකක්ද? “මාගේ නාමය යෙහෝවා” කියලා ඔහුම කියලා තියෙනවා. (යෙසායා 42:8) බයිබලයේ ඒ නම 7,000 වාරයකටත් වඩා සඳහන් වෙනවා. ඒත් හුඟක් බයිබල් පරිවර්තකයන් ඒ නම අයින් කරලා “ස්වාමීන්වහන්සේ” වගේ පදවි නම් ඇතුළත් කරලා ලොකු වරදක් කරලා තියෙනවා. දෙවියන් කැමති අපි හැමෝම ඔහුගේ යාළුවන් වෙනවාට. ඒ නිසයි “ඔහුගේ නාමය කියා ඔහුගෙන් අයැදින්න” කියලා දෙවියන් අපිට ආරාධනා කරන්නේ.—ගීතාවලිය 105:1.

යෙහෝවා දෙවියන්ට තියෙන පදවි නම්. බයිබලයේ යෙහෝවා දෙවියන්ව “සියලු බලැති තැනැත්තා,” “දෙවියන්,” “පියාණන්,” “ස්වාමීන්,” “සැදුම්කරු” සහ “විශ්වයේ පාලකයාණන්” වගේ පදවි නම්වලිනුත් හඳුන්වලා තියෙනවා. බයිබලයේ සඳහන් හුඟක් යාච්ඤාවලදී දෙවියන්ව යෙහෝවා කියන ඔහුගේ පෞද්ගලික නමිනුත් ගෞරවාන්විත පදවි නම්වලිනුත් ආමන්ත්‍රණය කරලා තියෙනවා.—දානියෙල් 9:4.

දෙවියන් මොන වගේ කෙනෙක්ද? දෙවියන්ව අපිට පේන්නේ නැහැ. මොකද ඔහුට තියෙන්නේ අපිට වඩා වෙනස් ශරීරයක්. (යොහන් 4:24) බයිබලයේ කියනවා “කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත” කියලා. (යොහන් 1:18) හැබැයි ඔහුට හැඟීම් තියෙනවා. ඔහුව “සතුටු කරන්න” හරි ඔහුව දුකට පත් කරන්න හරි අපිට පුළුවන් කියලා බයිබලයේ කියනවා.—හිතෝපදේශ 27:11; ගීතාවලිය 78:40, 41.

දෙවියන්ගේ පුදුමාකාර ගතිලක්ෂණ. දෙවියන් තරාතිරම් බලන්නේ නැහැ. හැමෝටම සලකන්නේ එකම විදිහට. (ක්‍රියා 10:34, 35) ඔහු ‘දයාන්විත, කරුණාවන්ත, කෝප වීමට ඉක්මන් නොවන, ඉමහත් ප්‍රේමයක් පෙන්වන, සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන’ කෙනෙක්. (නික්මයාම 34:6, 7) ඔහු සතු විශේෂ ගතිලක්ෂණ හතරක් ගැන අපි බලමු.

බලය. ඔහු “සියලු බලැති” දෙවියන්. ඒ නිසා ඔහු සතු අසීමිත බලය යොදාගෙන, ඔහු දෙන ඕනෑම පොරොන්දුවක් ඉටු කරන්න ඔහුට පුළුවන්.—උත්පත්ති 17:1.

ප්‍රඥාව. දෙවියන් තරම් ප්‍රඥාවන්ත කෙනෙක් තවත් නැහැ. ඒ නිසයි “ප්‍රඥාවෙන් ක්‍රියා කරන එකම තැනැත්තා” හැටියට බයිබලයේ ඔහුව හඳුන්වන්නේ.—රෝම 16:27.

යුක්තිය. දෙවියන් කරන කිසිම දෙයක ‘අඩුවක්වත් දෝෂයක්වත් නැහැ.’ ඔහු අතින් ‘කිසිම අසාධාරණයක් නම් වෙන්නේ නැහැ.’—ද්විතීය කතාව 32:4.

ප්‍රේමය. බයිබලයේ කියනවා “දෙවි ප්‍රේමයයි” කියලා. (1 යොහන් 4:8) දෙවියන් ප්‍රේමණීය කෙනෙක් විතරක් නෙවෙයි. ඔහු තමයි ප්‍රේමයේ උල්පත. ඔහු හැම දෙයක්ම කරන්නේ ආදරෙන් පෙලඹිලා. ඔහු කරන හැම දේකින්ම අපිට ප්‍රයෝජන ලැබෙනවා.

දෙවියන්ට මිනිසුන් එක්ක තියෙන බැඳීම. දෙවියන් තමයි අපේ ආදරණීය පියාණන්. (මතෙව් 6:9) ඔහු ගැන විශ්වාසය තියලා වැඩ කළොත් ඔහුගේ යාළුවෙක් වෙන්න අපිට පුළුවන්. (ගීතාවලිය 25:14) යාච්ඤාව මාර්ගයෙන් ඔහුට ළං වෙන්න කියලත් ඔහු අපි ගැන ‘සැලකිලිමත් නිසා කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න’ කියලත් දෙවියන්ම කියනවා.—1 පේතෘස් 5:7; යාකොබ් 4:8.

දෙවියන් සහ යේසුස් එක් කෙනෙක්ද?

යේසුස් යාච්ඤා කරමින්

යේසුස්, දෙවියන් නෙවෙයි. දෙවියන් තනිව නිර්මාණය කරපු එකම කෙනා යේසුස්. ඒ නිසයි බයිබලයේ ඔහුව දෙවියන්ගේ පුතා විදිහට හඳුන්වන්නේ. (යොහන් 1:14) යෙහෝවා දෙවියන් තම කුලුඳුල් නිර්මාණය වුණු යේසුස්ව “ප්‍රධාන සේවකයා” විදිහට යොදාගෙන අනික් හැම කෙනෙක්වමත් හැම දෙයක්මත් නිර්මාණය කළා.—හිතෝපදේශ 8:30, 31; කොලොස්සි 1:15, 16.

තමන් දෙවියන් කියලා යේසුස් කවදාවත් කිව්වේ නැහැ. ඔහු කිව්වේ මෙහෙමයි. “මම ඇවිත් සිටින්නේ [දෙවියන්ගේ] නියෝජිතයෙක් ලෙසයි. මාව එව්වේ ඔහුයි.” (යොහන් 7:29) අනුගාමිකයෙක් එක්ක කතා කරද්දී යේසුස්, යෙහෝවා දෙවියන්ව “මගේ පියාණන් හා ඔබේ පියාණන්” කියලා හැඳින්නුවා. (යොහන් 20:17) යේසුස් මිය ගියාට පස්සේ දෙවියන් ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට ඔහුට ආයෙත් ජීවිතය දීලා ඔහුට මහත් අධිකාරියක් භාර දුන්නා.—මතෙව් 28:18; ක්‍රියා 2:32, 33.

යේසුස්ට පුළුවන් දෙවියන්ට ළං වෙන්න ඔයාට උදව් කරන්න

යේසුස් මේ පොළොවට ආවේ පියාණන් ගැන අපිට උගන්වන්න. යෙහෝවා දෙවියන් යේසුස් ගැන මෙහෙම කිව්වා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට සවන් දෙන්න.” (මාක් 9:7) හැම කෙනෙක්ටම වඩා දෙවියන් ගැන දන්න යේසුස් මෙහෙම කිව්වා. “පියාණන්ව හොඳින් හඳුනාගෙන සිටින්නෙත් පුත්‍රයා පමණයි. ඒ වගේම යමෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ පුද්ගලයාට පියාණන් ගැන එළිදරව් කරයි.”—ලූක් 10:22.

පුංචි දැරියක් දෙන පලතුරක් පිළිගන්න යේසුස් දිහා බලන් ඉන්න මිනිසෙක්

දෙවියන්ගේ ගතිලක්ෂණ යේසුස් තුළින් හොඳින්ම දැකගන්න පුළුවන් වුණා. පියාගේ ගතිලක්ෂණ කිට්ටුවෙන්ම අනුගමනය කරපු නිසයි “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා” කියලා යේසුස් කිව්වේ. (යොහන් 14:9) යේසුස් කියපු කරපු හැම දෙයක්ම පියාණන් වගේ ආදරෙන් පෙලඹිලා කරපු නිසා මිනිසුන්ට දෙවියන් ගැන ලොකු ආදරයක් ඇති වුණා. යේසුස් මෙහෙම කිව්වා. “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.” (යොහන් 14:6) ඔහු මෙහෙමත් කිව්වා. ‘සැබෑ නමස්කාරකයන් දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර කරන කාලයක් පැමිණෙනවා. පියාණන් තමන්ට නමස්කාර කිරීම සඳහා සොයමින් සිටින්නේ එවැනි අයවයි.’ (යොහන් 4:23) ඒ කියන්නේ දෙවියන් ඔහු ගැන සත්‍යය දැනගන්න කැමති ඔයා වගේ අයට උදව් කරන්න ආසාවෙන් බලාගෙනයි ඉන්නේ.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න