ප්‍රශ්න පෙට්ටිය
◼ අලුත් සභා පොත් පාඩම් කණ්ඩායමක් පිහිටුවීම යෝග්‍ය වන්නේ කිනම් අවස්ථාවලදීද?
රාජ්‍ය ශාලාව ඇතුළුව පොත් පාඩම් පවත්වන සෑම ස්ථානයකම පොත් පාඩමට පැමිණෙන සංඛ්‍යාව 15ක් පමණ හෝ ඊට ටිකක් අඩුවෙන් තබාගැනීම සඳහා අවශ්‍ය වන අවස්ථාවලදී අලුත් කණ්ඩායමක් පිහිටුවීම ගැන සලකා බැලිය යුතුය. මෙම නිර්දේශයට බලපාන හේතු මොනවාද?
සභා පොත් පාඩම් කණ්ඩායමක් කුඩා වන විට, පැමිණෙන සෑම කෙනෙකු කෙරෙහිම හොඳ අවධානයක් දෙන්න පාඩම මෙහෙයවන්නාට හැකියි. මේහැර, තමන්ගේ ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සඳහා සෑම කෙනෙකුටම හොඳ අවස්ථාවක්ද ලැබෙයි. (හෙබ්‍රෙ. 10:23; 13:15) සභා බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක කුඩා පොත් පාඩම් කණ්ඩායම් කිහිපයක් තිබෙනවා නම්, එයට පැමිණීමත්, ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම පැවැත්වීමත් වඩා පහසු වනු ඇත. පොදුවේ තමන්ගේ සභාවේ පොත් පාඩම්වලට පැමිණෙන සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව ස්ථාන කිහිපයක අලුත් කණ්ඩායම් පිහිටුවා තිබෙන සභා අද්දැක තිබේ.
දැනට තිබෙන කණ්ඩායම කුඩා වුවත්, තවත් කණ්ඩායමක් ඇති කිරීම සුදුසු විය හැකි විශේෂ හේතුන්ද තිබිය හැකියි. කණ්ඩායම් හුඟාක් දුරින් පිහිටා තිබීම හෝ දැන් පොත් පාඩම පවත්වන ස්ථානයේ බොහෝදෙනෙක් එක්රැස්වීම හෝ ප්‍රමාණවත් ආසන නොතිබීම වැනි හේතු එම විශේෂ හේතු ලෙස සැලකිය හැකියි. අවශ්‍යතාවක් මතු වන අවස්ථාවලදී වයසක අයගේ, රාත්‍රි කාලයේ රැකියාවට යන අයගේ හෝ ස්වාමිපුරුෂයා සාක්ෂිකරුවෙක් නොවන සහෝදරියන්ගේ ප්‍රයෝජනය සඳහා දහවල් කාලයේදී පොත් පාඩම පැවැත්වීම සඳහා කණ්ඩායමක් පිහිටුවීමට පුළුවනි.
සෑම පොත් පාඩම් කණ්ඩායමකම ආත්මිකව ශක්තිමත් හා ක්‍රියාශීලී ප්‍රචාරකයන් කිහිපදෙනෙකු මෙන්ම සුදුසුකම් ලත් මෙහෙයවන්නෙක් හා ඡේද කියවන්නෙක් සිටිය යුතුයි. සභාවේ පවතින මෙම අවශ්‍යතාව සපුරාලීම සඳහා සහෝදරයන් සුදුසුකම් අත් කරගැනීමට වෑයම් කළ යුතුයි.
සභාවේ තිබෙන පොත් පාඩම් කණ්ඩායම්වල සුදුසු සංඛ්‍යාවක් තබාගැනීමටත්, ඒවා හොඳින් ආත්මිකව පෝෂණය වන බවටත්, සෑම කණ්ඩායමක්ම ඔවුන්ට පහසු ස්ථානවල රැස්වන බවටත් සහතික වීමෙන් සභාවේ වර්ධනයක් ඇති කිරීමට වැඩිමහල්ලන්ට හැකියි. ප්‍රායෝගිකයයි පෙනී යන සෑම අවස්ථාවකදීම අලුත් කණ්ඩායම් පිහිටුවීමට පියවර ගත යුතුයි. මෙසේ කිරීමෙන් සභා පොත් පාඩම නමැති සුවිශේෂී ආත්මික පෝෂණ වැඩසටහනින් ප්‍රයෝජන ගැනීමට සියලුදෙනාටම පුළුවන්. පොත් පාඩමක් පවත්වන ස්ථානයක් හැටියට ඔබේ නිවස පාවිච්චි කරන්න ඉඩ දීමට ඔබට හැකිද? මෙසේ කර තිබෙන බොහෝදෙනෙක් ආශීර්වාද අද්දැක තිබෙනවා.