ඔබේ නිවස ලබා දෙන්න පුළුවන්ද?
1 මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් සභා රැස්වීම් පැවැත්වීම සඳහා තමන්ගේ නිවෙස් ලබා දුන්හ. (1 කොරි. 16:19; කොලො. 4:15; පිලෙ. 1, 2) අද දිනත් සමහර සභාවල පොත් පාඩම හා ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම පැවැත්වීමට ප්‍රමාණවත් ස්ථාන සොයාගැනීම දුෂ්කරය. මේ නිසා, සමහර පොත් පාඩම්වලට 30දෙනෙකු හෝ ඊට වැඩිදෙනෙක් පැමිණෙති. මෙය නිර්දේශ කර තිබෙන ගණන වන 15දෙනෙකු ඉක්මවා යයි.
2 කදිම වරප්‍රසාදයක්: ඔබේ නිවස සභා පොත් පාඩමක් පැවැත්වීම සඳහා ලබා දීම ගැන ඔබ සලකා බලා තිබෙනවාද? හොඳින් ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන ප්‍රමාණවත් ඉඩ කඩ සහිත පිරිසිදු කාමරයක් මේ සඳහා හොඳ තැනකි. සභා පොත් පාඩම සභාවේ රැස්වීමක් වන නිසාත්, එය යෙහෝවා ඔහුගේ සෙනඟට ඉගැන්වීම සඳහා පිළියෙළ කර තිබෙන විධිවිධානයේ එක් අංගයක් වන නිසාත්, ඔබේ නිවසේ පොත් පාඩමක් පැවැත්වීම කදිම වරප්රසාදයකි. මේ ආකාරයට තමන්ගේ නිවෙස් ලබා දීමෙන් තමන් ආත්මිකව ප්‍රයෝජන ලබා තිබෙන බව බොහෝදෙනෙක් වාර්තා කරති.
3 මේ සඳහා ඔබේ නිවස සුදුසුයි කියා ඔබ සිතනවා නම් කරුණාකර වැඩිමහල්ලන්ට ඒ බව දන්වන්න. සමහරවිට ඔවුන් තවත් තැන් සොයමින් සිටිනවා විය හැකියි. ඔබේ නිවසේ සභා පොත් පාඩමක් පැවැත්විය නොහැකි වුවත්, එහි ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් පැවැත්විය හැකිද? දැනට අවශ්‍යතාවක් නොතිබුණත් ඔබේ නිවස ලබා දීමට ඔබ දක්වන කැමැත්ත වැඩිමහල්ලන් අගය කරාවි. අනාගතයේදී ඔබ මේ වරප්‍රසාදය භුක්ති විඳීමට ඉඩ තිබේ.
4 යහපත් ආචාර ධර්ම පෙන්වීම: පෞද්ගලික නිවසක එක්රැස් වන විට පැමිණෙන සියලුදෙනාම, එහි අයිතිකරුගේ දේපොළ කෙරෙහි සැලකිල්ල දැක්විය යුතුයි. දෙමාපියන් තමන්ගේ දරුවන්ට එම නිවසේ කාමර යනාදි පෞද්ගලික ස්ථානවලට යෑමට ඉඩ නොදී ඔවුන්ව පාඩම සඳහා වෙන් කර තිබෙන ස්ථානයේ තබාගත යුතුයි. අසල්වැසියන්ව අනවශ්‍ය ලෙස අපහසුතාවට ලක් නොකිරීමට වගබලා ගනිමින් ඔවුන් කෙරෙහිද සැලකිල්ල දැක්වීම අවශ්‍යයි.—2 කොරි. 6:3, 10ආ; 1 පේතෘ. 2:12.
5 හෙබ්‍රෙව් 13:16හි [NW] අපව මෙසේ දිරිගන්වයි. “යහපත කිරීමද අනුන් සමඟ දේවල් බෙදාගැනීමද අමතක නොකරන්න. මන්ද එවැනි පූජා ගැන දෙවි සතුටු වන්නේය.” ඔබේ නිවස සභා රැස්වීමක් පැවැත්වීම සඳහා ලබා දීම, අනිත් අයත් සමඟ යහපත් දේවල් බෙදාගැනීමටත් ‘ඔබේ සම්පතින් යෙහෝවාව ගෞරවයට’ පත් කිරීමටත් හැකි කදිම මාර්ගයකි.—හිතෝ. 3:9.