ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/01 8 පි.
  • විවේකයට හිමි තැන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විවේකයට හිමි තැන
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • විනෝදය සඳහා කරන දේවල් දෙවිගේ ප්‍රමිතිවලට එකඟද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විවේක කාලය
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • කාලය නාස්ති කරන්න එපා!
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • ලෝකයේ ආත්මය ඔබට විස පොවනවාද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2001 අපගේ රාජ්‍ය සේවාව
km 8/01 8 පි.

විවේකයට හිමි තැන

1 වෙහෙසකර හා දුෂ්කර මේ කාලයේ අපි හැම කෙනෙකුටම කලින් කලට විවේකයක් අවශ්‍යයි. යම් පමණකට විවේකයෙන් කල් ගෙවීම හා විනෝද වීම සුදුසුයි. ඒත්, විවේකය, විනෝදය හා සමාජ ඇසුර සඳහා වැඩි කාලයක් යෙදෙව්වොත් ආත්මික කටයුතු සඳහා යොදවන කාලය ටිකෙන් ටික අඩු වී යන්න පුළුවන්. එනිසා විවේකයට අප දිය යුත්තේ ඊට හිමි නිසි තැන පමණයි. (මතෙ. 5:3) මෙය කරන්න පුළුවන් කොහොමද? එපීස 5:15-17 දක්වා සඳහන් උපදේශය පිළිපැදීමෙන් මෙය කළ හැකියි.

2 සීමාවන් තබාගන්න: ඥානවන්තයන් මෙන් ජීවත් වීම සඳහා ක්‍රිස්තියානීන් ‘පරෙස්සමින් හැසිරෙන්ට බලාගත’ යුතුයි කියා පාවුල් සඳහන් කළා. විවේකය සඳහා අවශ්‍ය අවස්ථාවලදී පමණක් කාලය වෙන් කිරීමේදී සීමාවන් තබාගැනීම හා ආත්ම දමනය අවශ්‍යයි. එනිසා අපි නිදහසේ සිටින කාලය පාවිච්චි කරන ආකාරය ගැන බැරෑරුම් ලෙස සලකා බැලීම සුදුසුයි. විවේකය සඳහා අපි යොදවන කාලයෙන් අපට යම් ප්‍රයෝජනයක් ලැබිය යුතුයි. ඒ වෙනුවට ඒ කාලය නාස්ති වුණා කියා හෝ අපි තවත් වෙහෙසට පත් වුණා කියා හැඟුණොත් ඒ සඳහා යොදන කාලයෙන් ඵලක් නැහැ. විනෝදය සඳහා යම් ක්‍රියාවක නියැලීමෙන් පසු, නිෂ්ඵල බවක්, අතෘප්තියක් හා වරදසහගත බවේ හැඟීමක් අපට දැනෙනවා නම්, එයින් ඇඟවෙන්නේ අපි කාලය පාවිච්චි කරන ආකාරය ගැන යම් සකස් කිරීම් කළ යුතු බවයි.

3 සමබර වන්න: “අසමබර නොවී [NW]” ජීවිතයේ වඩා වැදගත් දේවල් සඳහා “සුදුසු කාලය මිල දී ගන්න [NW]” කියා පාවුල් උපදෙස් දුන්නා. විවේකයට තමන්ගේ ජීවිතයේ වැදගත් තැනක් දීම කැප වූ ක්‍රිස්තියානීන්ට කළ නොහැකි දෙයක්. ශාරීරිකව අපව ක්‍රියාශීලීව තබන්න විවේකයට යම් දුරකට හැකි වුණත්, අපව ආත්මිකව ශක්තිමත් කරන ප්‍රධාන උල්පත දෙවිගේ ක්‍රියාකාරි බලයයි. (යෙසා. 40:29-31) අපිට ඔහුගේ ආත්මය ලැබෙන්නේ බයිබලය අධ්‍යයනය කිරීම, සභා රැස්වීම්වලට යෑම හා ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම වැනි ආත්මික ක්‍රියාකාරකම්වල නියැලීමෙනුයි. විනෝදාස්වාදයන්වල නියැලීමෙන් ඒ ශක්තිය ලබාගන්න බැහැ.

4 ප්‍රමුඛතා තබාගන්න: ‘යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි තේරුම්ගන්න’ කියා දිරිගන්වමින් පාවුල් ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නා. යේසුස් ඉගැන්වූ ලෙස අපේ ජීවිතයේ ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ දෙවිගේ රාජ්‍යය හා සම්බන්ධ කාරණාවලටයි. (මතෙ. 6:33) යෙහෝවාට වුණ කැපවීමට එකඟව ජීවත් වෙන්න අපට ඉඩ සලසන දේවලට අපි අනිවාර්යයෙන්ම මුල්තැන දිය යුතුයි. ඒ දේවල් කළාට පසුව විවේකයට හිමි නිසි තැන දෙන්න පුළුවන්. අපි මෙසේ කරනවා නම්, එයින් යහපත් ප්‍රතිඵල අපි අද්දකින්නෙමු. ඒ වගේම ඒ විවේකයෙන් නියම තෘප්තියක්ද අපිට ලබන්න පුළුවන්.—දේශ. 5:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න