කාණ්ඩ 9
විවේක කාලය
ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවල, විවේක කාලය දුර්ලභ දෙයකි. එහෙත් බටහිර රටවල, බොහෝ යෞවනයන්ට කුමක් කරන්න දැයි නොදන්නා තරමට ම වැඩි කාලයක් තමන් සතු ව ඇත. ඔබේ විවේක කාලය ආශීර්වාදයක් ද නැතහොත් ශාපයක් ද යන්න රඳා පවතින්නේ ඔබ එය පාවිච්චි කරන ආකාරය මත ය. මෙම කාණ්ඩයේ, එය ඵලදායී ලෙස පාවිච්චි කිරීමට හැකි මාර්ග සමහරක් ගැන අප සලකා බලනු ඇත.