සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ නොවැ. 15
“ ‘යේසුස් අපි වෙනුවෙන් මිය ගියා’ කියලා අපි අහලා තියෙනවා. [යොහන් 3:16 උපුටා දක්වන්න.] එක මිනිසෙකුගේ මරණයට අපි සියලුදෙනාවම ගළවගන්න පුළුවන් කොහොමද කියලා ඔයා කල්පනා කරලා තියෙනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] බයිබලය මේ ප්රශ්නයට සරල උත්තරයක් දෙනවා. ‘යේසුස් ගළවයි—ඒ කෙසේද?’ කියන මේ ලිපියේ ඒ උත්තරය හොඳින් පැහැදිලි කරනවා.”
පිබිදෙව්! දෙසැ. 8
“පරිසරය ආරක්ෂා කරගන්න මිනිස්සු තමන්ට පුළුවන් හැම දෙයක්ම කරමින් ඉන්නවා කියලා ඔයා හිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] ජීවීන් හා පරිසරය අතර තිබෙන සමතුලිතතාවයට සුළු වශයෙන් හෝ හානියක් වුණොත් එය බිඳ වැටෙන්න පුළුවන්. මේ සමතුලිතතාවය තව කොච්චර කාලයක් පවතියිද කියා හුඟදෙනෙක් සිතනවා. දෙවි මේ පිළිබඳව මහත් සැලකිල්ලක් දැක්වීම ගැන අපි ඔහුට ස්තුතිවන්ත විය යුතු නැද්ද? [නෙහෙමියා 9:6 කියවන්න.] ජීවීන්ගේ අනාගතය මොන වගේද කියලා මේ පිබිදෙව්! සඟරාවේ විස්තර කරනවා.”
මුරටැඹ දෙසැ. 1
“හැම අවුරුද්දකම මේ දවස්වල හුඟදෙනෙක් එකිනෙකාට තෑගි දෙනවා. ඒ වගේම අවුරුද්දේ මේ කාලයට විශේෂ වුණ තවත් දේවල් කරනවා. මේ දේවල් දකිද්දී අපිට මතක් වෙනවා රන් අණ. [මතෙව් 7:12 කියවන්න.] මේ අණ අවුරුද්දේ සෑම දවසකම පිළිපදින්න පුළුවන් කියලා ඔයා හිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] ‘රන් අණ අදටත් ප්රායෝගිකද?’ කියන මේ සඟරාවේ කල්පනා කරලා බලන්න වටිනා තොරතුරු තියෙනවා.”
පිබිදෙව්! දෙසැ. 8
“‘මම ලෙඩින්’ කියලා කිසිම කෙනෙක් කියන්න යන්නේ නැති කාලයක් උදා වෙනවා කියලා බයිබලයේ පොරොන්දුවක් දීලා තියෙනවා. [යෙසායා 33:24 කියවන්න.] මේ පොරොන්දුව සැලකිල්ලට ගනිමින්, තරුණ මහලු දශලක්ෂ ගණනක් දෙනා වේදනා විඳින රෝගයක් ගැන ‘ආතරයිටිස් රෝගීන්ට බලාපොරොත්තුවක්’ කියන මෙම පිබිදෙව්! සඟරාවේ සාකච්ඡා කරනවා. මම හිතනවා මේ ලිපි කියවීමෙන් ඔයාට හුඟාක් ප්රයෝජනවත් තොරතුරු දැනගන්න ලැබෙයි කියලා.”