සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ නොවැ. 1
“යම් අය කෙරෙහි අප තැබූ විශ්වාසය සමහර අවස්ථාවලදී ඔවුන් විසින් කඩ කර තිබෙන බවක් අපි හැම කෙනෙක්ම වගේ අද්දැක තියෙනවා නේද? ‘විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද’ කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහැරීමෙන් පසු හිතෝපදේශ 3:5 කියවන්න.] අපේ සම්පූර්ණ විශ්වාසය දෙවි කෙරෙහි තබන්න පුළුවන් ඇයි කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා. විශ්වාස කරන්න වටින්නේ මොන වගේ අයවද කියලා අපට තීරණය කරන්න පුළුවන් විදිහ ගැනත් මේ සඟරාවේ විස්තර කරනවා.”
පිබිදෙව්! නොවැ. 8
“අපේ ජීවිතයේ හැම දෙයකටම වගේ ඛනිජ තෙල්වලින් සාදා තියෙන දේවල් බලපානවා. මේ දේවල් නැත්නම් අපේ ජීවිතය කොහොම තියෙයිද කියලා ඔයා කල්පනා කරලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] නවීන සමාජයේ වැදගත් තැනක් හිමි වන තත්වයකට ඛනිජ තෙල් පත් වෙලා තියෙන ආකාරය ගැන මේ සඟරාවේ සාකච්ඡා කරනවා. යම් දවසකදී ඛනිජ තෙල් සිඳී යයි කියලා අපට බිය වෙන්න අවශ්‍ය නැත්තේ ඇයි කියලාත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
මුරටැඹ නොවැ. 15
“කවදාහරි දවසක මේ පොළොව පාරාදීසයක් වෙයි කියලා පුරාණයේ සිටි හුඟදෙනෙක් විශ්වාස කළා. හැබැයි දැන් සමහර අය තුළ සැක පහළ වෙලා තියෙනවා, පොළොව කවදාහරි ඉතුරු වෙයිද කියලා. අනාගතයේදී පොළොවට මොකක් වෙයි කියලාද ඔයා හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ ගැන බයිබලයේ කියන දෙය බලන්න. [ගීතාවලිය 37:11 කියවන්න.] පොළොව ගැන බයිබලයේ පුරෝකථනය කරන දෙය මේ සඟරාවේ සාකච්ඡාව කරනවා.”
පිබිදෙව්! නොවැ. 8
“වෛද්‍ය ප්‍රතිකාරවලට පවා ඔරොත්තු දෙන විෂබීජ ගැන අපට දවසින් දවස අහන්න ලැබෙනවා. ඔබත් මේ ගැන අසා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේකට හේතු ගැන මේ සඟරාවේ සාකච්ඡා කර තියෙනවා. ඒ වගේම අපට ආරක්ෂා විය හැකි ආකාරය ගැන යම් යෝජනාද මේ සඟරාවේ දී තිබෙනවා. කිසිම කෙනෙක් අසනීපවලින් පෙළෙන්නේ නැති ලෝකයක් ගැන බයිබලයේ සඳහන් පොරොන්දුව ගැනත් මේ සඟරාවේ සාකච්ඡා කරනවා.” යෙසායා 33:24 කියවන්න.