සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! ඔක්.
“ඔයාගේ පවුලෙත් කවුරු හරි මිය ගිහිල්ලා ඇති. ඔයා හිතන විදිහට කෙනෙක් මැරුණයින් පස්සෙත් අපට පුළුවන්ද ඔවුන් වෙනුවෙන් යමක් කරන්න? [පිළිතුරට ඉඩ හරින්න.] ඒ පිළිබඳ ඇත්ත මොකක්ද කියලා මේ ලිපියේ තියෙනවා. ඒ වගේම බයිබලයේ මේ පොරොන්දුවත් අපට කොච්චර සැනසීමක්ද කියලා බලන්න.” දැන් යොහන් 5:28, 29 කියවන්න. ඉන්පසු 10 පිටුවෙන් පටන්ගන්නා ලිපිය පෙන්වන්න.
මුරටැඹ නොවැ. 1
“අද දරුවන් ඇති දැඩි කරන විදිහ ගැන විවිධ මත තියෙනවා. මේ සම්බන්ධයෙන් දෙමාපියන් උපදෙස් ගන්න ඕනෑ කොහෙන් කියලද ඔයාට හිතෙන්නේ? [පිළිතුරට ඉඩ හැරියායින් පසුව දැන් ගීතාවලිය 32:8 කියවන්න.] දරුවන් ඇති දැඩි කිරීම ගැන බයිබලයේ දීලා තිබෙන හුඟාක් හොඳ අදහස් ගැන මේ සඟරාවේ කතා කරනවා.”
පිබිදෙව්! නොවැ.
“ඇත්තටම ප්‍රේමනීය, යුක්තිසහගත, බලවත් දෙවිකෙනෙක් ඉන්නවා නම්, ඇයි මෙච්චර දුක් වේදනා තියෙන්නේ කියලා ඔබ කවදාවත් හිතුවද?” [පිළිතුරට ඉඩ හරින්න.] නමුත් දුක් වේදනාවලට මූලික හේතුව ගැන බයිබලයේ මේ පදයේ කියන දේ බලන්න. [1 යොහන් 5:19 කියවන්න.] දෙවි දුක් වේදනා නැති කරන්නට යන ආකාරය ගැන බයිබලයේ සඳහන් දේ මේ සඟරාවේ විස්තර කරලා තියෙනවා.”
මුරටැඹ නොවැ. 15
“‘මේ ලෝකයේ මෙච්චර නරක දේවල් සිද්ධ වෙද්දී, මම විතරක් ඇයි හරි දේ කරන්නේ’ කියලා ඔයාට මට හිතෙන්න පුළුවන්. එහෙම නේද?” [පිළිතුරට ඉඩ හරින්න.] මේ බලන්න ඒ ගැන බයිබලයේ කියන දේ. [හිතෝපදේශ 2:21, 22 කියවන්න.] හරි දේ කිරීමෙන් ලැබෙන යහපත ගැන මේ සඟරාවේ පෙන්වලා තියෙනවා.”