සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ නොවැ. 1
“අද තියෙන ප්‍රශ්න විසඳන්න නායකයන්ට හැකියාවක් තියෙනවා කියලා හුඟදෙනෙකුට විශ්වාසයක් නැහැ. මෙම පදවල පුරෝකථනය කර තිබෙන දේ ඉටු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා ඔබ හිතනවාද? [ගීතාවලිය 72:7, 12, 16, කියවන්න. ප්‍රතිචාරයට ඉඩහරින්න] පුරෝකථනය කරලා තියෙන මේ නායකයා කවුද කියාත් ඔහු කරන්න සැලසුම් කර තිබෙන්නේ මොනවාද කියාත් මෙම සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! නොවැ. 8
“අද දරුවෝ මුහුණ දෙන පීඩනවලට ඔරොත්තු දෙන්න ඔවුන්ට මඟ පෙන්වීම් අවශ්‍යයි. ඔබ ඊට එකඟ වෙන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. පසුව එෆීස 6:4, කියවන්න.] මේ සඟරාවේ හික්මවීමට මොනවාද ඇතුළත් වන්නේ කියා පෙන්වා දෙනවා. ඒවගේම දරුවන්ව කෝප නොකර මඟ පෙන්වීම හා නිවැරදි කිරීම දිය හැකි ආකාරයත් පෙන්නුම් කරනවා”.
මුරටැඹ නොවැ. 15
“මිනිස්සුන් හුඟදෙනෙක් සෞඛ්‍ය සම්පන්නව සිටින්න හා දිගු කාලයක් ජීවත් වෙන්න කැමතියි. එවැනි දෙයක් සැබෑවක් වෙනවා නම් ඔබ කැමතිද සදාකල් ජීවත් වෙන්න? [ප්‍රතිචාරයට ඉඩහරින්න. පසුව යොහන් 17:3, කියවන්න.] මේ සඟරාවේ සදාකාල ජීවිතයක් පිළිබඳ බයිබල් පොරොන්දුව ගැන සඳහන් කරලා තියෙනවා. මේ පොරොන්දුව ඉටු වන විට ජීවිතය මොන වගේ වේවිද කියාත් පෙන්වා තිබෙනවා.”
පිබිදෙව්! නොවැ. 08
“පුංචි කාලයේ සිටම දරුවන්ව පුහුණු කිරීමේ වැදගත්කම අද හුඟදෙනෙක් තේරුම්ගෙන තියෙනවා. අද දින මේ සඳහා අවශ්‍යතාවක් තියෙනවා කියා ඔබ සිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. පසුව හිතෝපදේශ 22:6, කියවන්න.] මෙම පිබිදෙව්! සඟරාව තම දරුවන්ට සාර්ථක වැඩිහිටියන් ලෙස හැදි වැඩීම සඳහා දෙමාපියන්ට කළ හැකි විශේෂ දේවල් ගැන සඳහන් කරනවා.”