සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ දෙසැ. 1
“අද ඉන්න සමහර අය දෙවි කෙරෙහි තියෙන ඇදහිල්ල අත් හරිමින් සිටිනවා. මේකට එක හේතුවක් තමයි, ඔවුන්ට පිළිතුරු සොයාගන්න අමාරු වෙලා තියෙන මේ වගේ ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු සොයාගන්න බැරී වීම. [6වන පිටුවේ තිබෙන කොටුවෙන් ගත් උදාහරණයක් දෙන්න.] මේ මුරටැඹ කලාපයේ සාකච්ඡා කරනවා, දෙවි කෙරෙහි නියම ඇදහිල්ලක් ගොඩනඟාගන්න අවශ්‍ය කරන වැදගත් කාරණයක් ගැන.” පිලිප්පි 1:11 කියවන්න.
පිබිදෙව්! දෙසැ. 8
“කවදා හෝ දවසක මිනිසුන් මේ පාඨයේ විස්තර කර තිබෙනවා වගේ ප්‍රීතිමත් තත්වයක ජීවත් වෙයි කියලා ඔබ හිතනවාද? [යෙසායා 14:7 කියවන්න. ඉන්පසු ප්‍රතිචාරයට ඉඩහරින්න.] දෙවිගේ පොරොන්දු ඉටු වෙන තෙක් අප බලා සිටින අතරතුරේදී අපට ප්‍රයෝජන ගත හැකි ප්‍රායෝගික තොරතුරු මේ සඟරාවේ සඳහන් වෙනවා.” මෙහි තිබෙන “වැරදි ආශාවන්ගෙන් සිත ආරක්ෂා කරගන්නේ කෙසේද?” නමැති ලිපිය ගෙනහැර දක්වන්න.
මුරටැඹ දෙසැ. 15
“මේ දවස්වල හුඟදෙනෙක් යේසුස්ගේ උපත ගැන සිතනවා. යේසුස් හැදී වැඩුණේ මොනවගේ පවුලකද කියලා ඔබ කවදා හෝ කල්පනා කරලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු ලූක් 2:51, 52 කියවන්න.] යේසුස් හැදී වැඩුණු ආකාරය ගැන බයිබලයේ සඳහන් වාර්තාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් ප්‍රායෝගික පාඩම් ගැන මුරටැඹ සඟරාවේ මේ කලාපයේ සාකච්ඡා කරනවා.”
පිබිදෙව්! දෙසැ. 8
“දරුවන්ට හා වැඩිහිටියන්ට පවා “උණ” ගැනීම සාමාන්‍ය දෙයක්. අපේ පවුලේ කෙනෙක් අසනීප වුණොත් අපි ඒ ගැන කොතෙක් දුරට සැලකිලිමත් විය යුතුද? දිය හැකි ප්‍රතිකාර මොනවාද? [ගීතාවලිය 139:14 කියවන්න.] මද වශයෙන් තිබෙන උණ, ආසාදනවලට එරෙහිව සටන් කරන්නත් නැවතත් හොඳ ශරීර සෞඛ්‍යයක් කරා පැමිණෙන්නත් උපකාරවත් වෙන්න පුළුවන්. ඇත්තෙන්ම ‘අපිව පුදුම ලෙස සාදා තියෙනවා.’”
අගෝස්තු මස ප්‍රචාරකයන් 3,814ක නව වාර්තාවක්!