සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ දෙසැ. 1
“මේ කාලයේ හැම කෙනෙක්ම වගේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙනවා. මේක පල්ලිවලත් දකින්න තියෙනවා. පල්ලි විසින් තමන්ගේ සාමාජිකයන්ගෙන් සල්ලි ඉල්ලමින් කරන බලපෑම් දැන් වැඩියි. ඔබ මේ ගැන කනස්සල්ලට පත්ව සිටිනවාද? [ප්‍රතිචාරයට ඉඩහැර, 1 තෙසලෝනික 2:9 කියවන්න.] මේ කාරණය ගැන බයිබලයේ කියලා තියෙන දෙය මේ මුරටැඹ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! දෙසැ. 8
“ත්‍රස්තවාදී ප්‍රහාර ගැන තියෙන භය හින්දා හුඟාක්දෙනෙක් කල්පනා කරනවා ගුවනින් ගමන් කිරීම ඇත්තටම සුරක්ෂිතද කියලා. ඔබත් මේ ගැන සැලකිලිමත් වෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හදිසි විපත්වලට කවුරු වුණත් ගොදුරු විය හැකි බව බයිබලයෙත් සඳහන් වෙනවා. [දේශනාකාරයා 9:11 කියවන්න.] කොහොමවුණත්, ඔබට ආරක්ෂාව සලසගන්න පුළුවන් ආකාරය ගැනත් අපහසුතාවකින් තොරව ඔබේ ගුවන් ගමන නිම කළ හැකි ආකාරය ගැනත් මේ පිබිදෙව්! සඟරාවේ පැහැදිලි කරනවා.”
මුරටැඹ දෙසැ. 15
“හැම අවුරුද්දකම මේ කාලයේදී හුඟදෙනෙක් යේසුස්ගේ උපත ගැන සිතනවා. යේසුස්ගේ උපත ගැන බයිබලයේ සඳහන් වාර්තාවෙන් අපට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන් කියලා ඔබ දැනගෙන සිටියාද? [ප්‍රතිචාරයට ඉඩහැර, 5වන පිටුව පෙන්වා, 2 තිමෝති 3:16 කියවන්න.] මේ පාඩම්වලින් සමහරක් ගැන මේ මුරටැඹ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! දෙසැ. 8
“යම් දවසක අසනීප නැති කරලා දාන්න විද්‍යාවට පුළුවන් වෙයි කියලා ඔබ සිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] විද්‍යාව දියුණුවක් ලබලා තියෙන සමහර ක්ෂේත්‍ර ගැන මේ පිබිදෙව්! සඟරාවේ අවධානයට ලක් කරලා තියෙනවා. අසනීප හා මරණය නැති කරන්න බලය තියෙන්නේ මැවුම්කරුට පමණක් වීමට හේතු ගැනත් මෙහි පැහැදිලි කරනවා. ගීතාවලිය 146:3-5 කියවා, සඟරාව ඉදිරිපත් කරන්න.