සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! නොවැ.
“පැරණි මත ඉවත් වී ඒ වෙනුවට විද්‍යාත්මක මත ඉදිරිපත් වන මේ කාලයේ බොහෝ අය හිතන්නේ බයිබලයත් යල් පැන ගිය පොතක් කියලයි. ඒ ගැන ඔබ හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ විද්‍යාව සම්බන්ධයෙන් කතා කරන හැමවිටම එහි සඳහන් දෙය නිවැරදියි කියලා ඔබ දන්නවද? [යෝබ් 26:7 කියවන්න.] බයිබලය විශ්වාස කළ හැකි පොතක් බව පිළිගන්න පුළුවන් සාක්ෂි මේ විශේෂ පිබිදෙව් කලාපයේ පෙන්වලා තියෙනවා.”
මුරටැඹ දෙසැ. 1
“මේ ප්රශ්නය ගැන ඔබට මොකක්ද හිතෙන්නේ? [කවරයේ ඇති ප්රශ්නය පෙන්වා ප්‍රතිචාරයට ඉඩහරින්න.] සියලුම මිනිසුන් එක්සත්ව සිටීමයි දෙවිගේ අරමුණ. [ගීතාවලිය 46:8, 9 කියවන්න.] එක්සත්ව සිටීමට උපකාර කරන බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් කිහිපයක් මේ සඟරාවේ පෙන්වලා තියෙනවා.”
පිබිදෙව්! දෙසැ.
“සමහර අය හිතනවා කෙනෙක් මැරුණට පස්සේ වෙනත් තැනක ඉපදෙනවා කියලා. තවත් අය හිතන්නේ ඒක ජීවිතයේ අවසානය කියලයි. මරණය කියන්නේ අප බිය විය යුතු දෙයක් කියලා ඔබ හිතනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යෝබ්ට මරණය ගැන හැඟුණ විදිහ ගැන ටිකක් බලන්න. [යෝබ් 14:14, 15 කියවන්න.] අපි මැරුණම ඇත්තටම මොකද වෙන්නේ කියලා බයිබලයේ විස්තර කරලා තියෙන ආකාරය මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
මුරටැඹ දෙසැ. 15
“හුඟදෙනෙක් සමහර උත්සව කාලවලදී අන් අයට අනුකම්පාව පෙන්වන්න පෙලඹෙනවා. ඒත් මිනිස්සු අවුරුද්දේ හැම දවසකම අනුකම්පාව පෙන්නුවොත් මේ ලෝකය මීට වඩා හොඳ තැනක් වෙයි කියලා ඔබ හිතන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහැර 1 පේතෘස් 3:8 කියවන්න.] අනුකම්පාව පෙන්වන්න ඕනෙ ඇයි කියලත් ඒක පෙන්වන්න පුළුවන් ආකාරය ගැනත් මේ සඟරාවේ විස්තර කරලා තියෙනවා.”