සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ දෙසැ. 1
“ලෝක විනාශය කියද්දී හුඟක් අය භය වෙනවා. නමුත් ඇත්තටම ලෝක විනාශයක් කියන්නේ මොකක්ද? [3වන පිටුවේ ඇති කොටුව පෙන්වන්න.] මේ ලිපිය කියවද්දී ඔයාට පෙනේවි මේ විනාශයෙන් පස්සේ යහපත් මිනිසුන්ට හොඳ බලාපොරොත්තුවකුත් තියෙනවා කියලා. [2 පේතෘස් 3:13 කියවන්න.] ඔයා කැමතිද මේ සඟරාව කියවලා බලන්න?”
පිබිදෙව්! දෙසැ. 8
“හැම කෙනෙකුටම ජීවත් වන්න නිවසක් තියෙන කාලයක් ගැන මම ආසයි ඔබට කියන්න. අද නම් හුඟදෙනෙකුට හිසට වහලක් නැහැ නේද? [පිළිතුරට ඉඩහරින්න. අනතුරුව යෙසායා 65:21, 22 කියවන්න.] මේ සඟරාවේ නිවාස ප්රශ්නය ගැන කතා කරනවා. ඒ වගේම මේ ගැන දෙවි දීලා තියෙන පොරොන්දුව ගැනත් කියලා තියෙනවා.”
මුරටැඹ දෙසැ. 15
“අද හුඟදෙනෙක් නත්තල ජයට පවත්වනවා. නමුත් නත්තල වෙළඳාමක් කරගෙන තියෙනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? [පිළිතුරට ඉඩහරින්න.] නත්තලේ සිරිත් විරිත් වෙනස් වෙලා තියෙන හැටි මේ සඟරාවේ කතා කරනවා. ඒ වගේම දෙවිව සහ ක්‍රිස්තුස්ව සතුටු කරන නියම විදිහ ගැනත් මෙහි කියනවා.” යොහන් 17:3 කියවන්න.
පිබිදෙව්! දෙසැ. 8
“මේ ලෝකයේ හැමෝටම අවශ්‍ය තරම් ආහාර නිපදවුවත් අද කෝටි 8ක් ජනයා බඩගින්නේ. කොච්චර කනගාටුදායක දෙයක්ද නේද? [පිළිතුරට ඉඩහරින්න.] ජනයාගේ කුසගිනි නිවීමේ අභියෝගය ගැන මෙහි කතා කරලා තියෙනවා. ඒ වගේම කිසිම කෙනෙක් බඩගින්නේ නොසිටින කාලයක් ගැන බයිබලේ තිබෙන පොරොන්දුව ගැනත් මෙහි කතා කරනවා.” ගීතාවලිය 72:16අ කියවන්න.