සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! නොවැ.
“මොනව හරි විපතක් වුණාම සමහරු හිතනවා ඒක දේවකැමැත්ත කියලා. ඔබ මොනවාද හිතන්නේ? [පිළිතුරට ඉඩහරින්න. යාකොබ් 1:13 කියවන්න.] මේ සඟරාවේ පෙන්වනවා දුක් වේදනාවලට බයිබලය ඉදිරිපත් කරන හේතුව සහ දෙවි ඒවා නිමා කරන්න යන විදිහ ගැන.”
මුරටැඹ දෙසැ. 1
“අන්තිම කාලයේදී මතු වන බොරු අනාගතවක්තෘවරුන් ගැන බයිබලයේ කතා කරලා තියෙනවා. ඒ ගැන ඔබ මොනවා හරි දන්නවාද? [පිළිතුරට ඉඩහරින්න. මතෙව් 24:11 කියවන්න.] මේ ගැන තියෙන විවිධ මත ගැන මේ සඟරාවේ පළ වෙලා තියෙනවා. බොරු ගුරුවරුන්ගෙන් මුළා නොවී සිටිය හැකි ආකාරය ගැනත් මේ ලිපියේ කතා කරනවා.”
පිබිදෙව්! දෙසැ.
“ඔබ හිතන විදිහට මෙතෙක් ජීවත් වුණු ශ්‍රේෂ්ඨතම තැනැත්තා කවුද? [පිළිතුරට ඉඩහරින්න.] හුඟදෙනෙක් හිතන්නේ යේසුස් ක්‍රිස්තුස් කියලයි. ඔහු දේවරාජ්‍යයේ රජු බව ඔබ දන්නවාද? බලන්න ඔහු ඉදිරියේදී කරන්න යන දේ. [මෙහි 8-9 පිටුවල පින්තූරු පෙන්වා, කලු අකුරින් ඇති එක් බයිබල් පදයක් කියවන්න.] මේ සඟරාව කියවලා බලන්න. එතකොට ඔබටම තේරෙයි, යේසුස් මේවා කරන්නේ කවදද, කොහොමද කියලා.”
මුරටැඹ දෙසැ. 15
“යේසුස්ගේ උපත සිහි කරන මේ කාලයේදී, දේවදූතයන් යේසුස්ගේ උපත ගැන දැනුම් දීපු හැටි හුඟාක් අයට මතකයි. [ලූක් 2:14 කියවන්න.] පොළොවට සාමය ඇත්තටම ඒවි කියා ඔබ හිතනවාද? [පිළිතුරට ඉඩහරින්න.] යේසුස් මේ පොළොවට සැබෑ සාමය ගෙන එන ආකාරය මේ සඟරාවේ පෙන්වා තිබෙනවා.”