සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ නොවැ. 1
“ලෝකයේ අසාධාරණකම් නිසා බොහෝදෙනා දුක් විඳිනවා. ඔබ සිතනවාද කාටහරි මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් කියලා? [අදහස් දැක්වීමට ඉඩහරින්න.] මීට තිබෙන බාධා මේ සඟරාවේ කතා කරලා තියෙනවා. ඒ වගේ වෙනස්කම් කරන්නේ කවුද කියාත් සාමය, ආරක්ෂාව ඇති ලෝකයක් ගෙන එන්නේ කොහොමද කියාත් මෙහි පෙන්වනවා.” ගීතාවලිය 72:12-14 කියවන්න.
පිබිදෙව්! නොවැ. 8
“දුප්පතුන් පොහොසතුන් අතර තිබෙන පරතරය එන්ට එන්ටම වැඩි වෙලා. මේ පරතරය නැති කරන්න පුළුවන් කියා ඔබ සිතනවාද? [අදහස් දැක්වීමට ඉඩහරින්න. ඉන්පසු මතෙව් 6:9, 10 කියවන්න.] දේවරාජ්යයෙන් දිලිඳුකම නැති කොට හැමෝටම එකම ජීවන තත්වයක් ඇති වන විදිහ ගැන මේ සඟරාවේ පෙන්වලා තියෙනවා.”
මුරටැඹ නොවැ. 15
“අද ජනයා මුහුණ දෙන ප්රශ්න ගැටලු එන්ට එන්ටම වැඩි වෙන්නේ ඇයි කියලා හුඟදෙනෙක් කල්පනා කරනවා. මේකට හේතුව ගැන මේ පදයේ මෙන්න මෙහෙම තියෙනවා. ඔබ මොනවාද මේ ගැන හිතන්නේ? [එළිදරව් 12:9 කියවන්න. ඉන්පසුව අදහස් දැක්වීමට ඉඩහරින්න.] යක්ෂයා මිනිසුන්ව මුළා කරන විදිහ ගැනත් අපට ඔහුගේ පරීක්ෂාවලින් බේරී සිටිය හැකි ආකාරය ගැනත් මේ සඟරාවේ කතා කරලා තියෙනවා.”
පිබිදෙව්! නොවැ. 8
“හුඟදෙනෙක් හැමදාම වගේ පුවත්පත් කියවනවා. පුවත්පත්වල තියෙන හැම දෙයක්ම විශ්වාස කරන්න පුළුවන් කියා ඔබ සිතනවාද? [අදහස් දැක්වීමට ඉඩහරින්න.] මේ පිබිදෙව්! සඟරාවේ පෙන්වලා තියෙනවා, අපට පුවත්පත්වලින් ලැබෙන ප්රයෝජන ගැන. නමුත් පරෙස්සම් වෙන්න ඕනෑ පැති ගැනත් පෙන්වලා තියෙනවා.” හිතෝපදේශ 14:15 කියවන්න.