සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මාර්.1
“අද මේ ලෝකයේ සිදු වෙන දේවල් දිහා බලද්දී, අප හුඟදෙනෙක් හිතනවා අනාගතයේදී මොනවා වෙයිද කියලා. කොහොමවුණත්, අනාගතය දෙස විශ්වාසයකින් යුතුව බලන්න අපිට පුළුවන්. මේකට හේතුව යේසුස් ක්‍රිස්තුස් ප්‍රසිද්ධ යාච්ඤාවකදී පැහැදිලි කෙරුවා. [මතෙව් 6:9 කියවන්න.] අතීතයේ මිනිස්සු කරපු වැරදි අද ඉන්න මිනිස්සුත් කරනවා. ඒ වුණත් ඒ කාලයේ දෙවිට සේවය කරපු අයට සන්තෝෂවත් අනාගතයක් ගැන බලාපොරොත්තුවක් තිබුණා. අපිටත් ඒ බලාපොරොත්තුව ඇතුව සිටින්න පුළුවන් කොහොමද කියලා මේ සඟරාවේ පෙන්වා දෙනවා.”
පිබිදෙව්! මාර්.8
“හොඳ අධ්‍යාපනයක තිබෙන වැදගත්කම බයිබලයේ අවධාරණය කරලා තියෙනවා. [හිතෝපදේශ 2:10, 11 කියවන්න.] අපේ දරුවන්ට උගන්වන්න දක්ෂ ගුරුවරුන් කොතරම් අවශ්‍යද කියලා අපි හුඟදෙනෙක් දන්නවා. මේ පිබිදෙව්! සඟරාව ගුරුවරුන්ගේ බැරෑරුම් වගකීම් ගැන විශේෂයෙන් සාකච්ඡා කරනවා. ඔවුන් කරන කැප කිරීම් අපිට අගය කරන්න පුළුවන් ආකාරය ගැනත් ඔවුන් මුහුණ දෙන අභියෝගවලදී ඔවුන්ට උපකාර කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද කියලත් මේ සඟරාව පෙන්වා දෙනවා.”
මුරටැඹ මාර්.15
“ධර්මිෂ්ඨ පාලනයක් මගින් මේ ලෝකය වඩාත් හොඳ සාමකාමී තැනක් බවට පත් කරන්න පුළුවන් කිව්වොත් ඔයාට ඒකට එකඟ වෙන්න පුළුවන්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ ගැන බයිබලයේ සඳහන් පොරොන්දුව ගැන බලන්න. [ගීතාවලිය 37:11 කියවන්න.] ඉදිරියේදී අපට පරිපූර්ණ පාලකයෙකු යටතේ ඒ වගේ සාමයක් මේ පොළොවේ භුක්ති විඳින්න පුළුවන්. මේ පාලකයා ගැන විස්තර මේ ලිපිවල සඳහන් වෙනවා.”
පිබිදෙව්! මාර්.8
“රැකියා ස්ථාන බොහොමයක සිදු වන අනතුරු වැඩි බව ඔයා අහලා ඇති. රැකියා ස්ථාන වඩාත් ආරක්ෂිත ස්ථාන බවට පත් කරන්න පුළුවන් ආකාරය ගැන හොඳ යෝජනා මේ සඟරාවේ තියෙනවා. අපි රැකියා කරන ස්ථානය ගැන සමබර ආකල්පයක් ඇතුව සිටීම අපේ ශුභසිද්ධියට බලපාන ආකාරය ගැන මේ සඟරාවේ පෙන්වා දෙනවා. මම හිතනවා මේ සඟරාව කියවන්න ඔයා අසා ඇති කියලා.”