උද්යෝගිමත් ප්‍රතිචාරයක්!
1 යෞවන අය අසති—මට සැබෑ මිතුරන් ඇති කරගත හැක්කේ කෙසේද? නමැති වීඩියෝ පටය නැරඹූ සෑම ක්‍රිස්තියානි පවුලක්ම ඔවුන්ගේ ස්තුතිය පළ කළේ මහත් උද්යෝගයකිනුයි. මේ වීඩියෝ පටයෙන් නැරඹූ දේවල්වලට සමාන දේවල් තමන්ද අද්දකින බව තමන්ගේ පුතුන් තේරුම්ගත්තා කියා අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පියෙක් පැවසුවා. මලාවි රටේ සිටින තරුණ සහෝදර සහෝදරියන්ද ඒ වීඩියෝ පටය ගැන එවැනි ප්‍රතිචාරයක් දැක්වූ බව ඒ රටින් පැමිණෙන වාර්තාවක සඳහන් වෙනවා. මීට හේතුව වීඩියෝ පටයෙන් දුටු ආකාරයේ පීඩනවලට ඔවුන් පාසැලේදී මුහුණ දීමයි. ජර්මනියේ සිටින පියෙක් මෙසේ පැවසුවා. “මේ වීඩියෝ පටය මගේ යාච්ඤාවට ලැබුණු උත්තරයක් හැටියටයි මම සලකන්නේ.” යෞවනයෙක් පැවසුවේ මෙසේයි. “යෙහෝවා මා ගැනත් සලකන බව මට මතක් කර දුන්නාට ස්තුතියි.” නවසීලන්තයේ වැඩිමහල්ලෙක් මෙසේ සඳහන් කළා. “ජීවනයේ මාර්ගයට ආපසු එන්න මේ වීඩියෝ පටය අපේ සභාවේ තරුණියකට උපකාරවත් වුණා.” විවාහක තැනැත්තියක් එය නරඹා මෙසේ පැවසුවා. “සත්‍යයේ සිටින තරුණ තරුණියන් සියලුදෙනාම මේ වීඩියෝ පටය නරඹා සත්‍යය තමන්ගේම කරගන්නවා දකින්න මම හරිම ආසයි.” හුඟදෙනෙකුට වීඩියෝ යන්ත්‍ර නැහැ. ඒ වගේම ඒ වීඩියෝ පටය ගැන පරිවර්තනයක්ද අවශ්‍යයි. ඒ වුණත් ඉගැන්වීම සඳහා යොදාගත හැකි කදිම මෙවලමක් වන මෙම වීඩියෝ පටය නරඹන සෑම කෙනෙකුටම ඉන් මහත් ප්‍රයෝජන ලබන්න පුළුවන්. පවුලේ සාමාජිකයෙනි, මෙය නැවත වතාවක් නරඹන්න කැමති නැද්ද? නැරඹීමෙන් පසු, එකට එකතු වී මතු දැක්වෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න.
2 හැඳින්වීම: සැබෑ මිතුරෙක් කියන්නේ කාටද?—හිතෝ. 18:24.
3 මිත්‍රත්වයට බාධා: අන් අය ඔබේ ඇසුර ප්‍රිය කරන්නේ නැහැයි කියා හැඟෙන විට, එම හැඟීම සමඟ කටයුතු කළ හැක්කේ කෙසේද? (පිලි. 2:4) ඔබේ පෞද්ගලිකත්වය වර්ධනය කරගැනීමට ඔබ කැමැත්තෙන් සිටිය යුත්තේ මන්ද? මෙය කරන්න ඔබට උපකාර කළ හැක්කේ කාටද? තව මිතුරන් ඇති කරගන්න ප්‍රස්තාව විවෘත කරන්නේ කුමකින්ද? මිතුරන්ව සොයාගත හැක්කේ කොහෙන්ද?—2 කොරි. 6:13.
4 දෙවි සමඟ මිත්‍රත්වය: ඔබට යෙහෝවා සමඟ සබඳතාවක් ඇති කරගත හැක්කේ කෙසේද? මේ සඳහා වෑයම් කිරීම වටින්නේ මන්ද? (ගීතා. 34:8) දෙවි සමඟ ඔබේ මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගැනීමට ඔබට උපකාර කළ හැකි හොඳම අය කවුද?
5 ව්‍යාජ මිතුරන්: නරක ආශ්‍රිතයන් කියන්නේ කාටද? (1 කොරි. 15:33) ව්‍යාජ මිතුරන් අපව ආත්මික විනාශයකට ඇද දැමිය හැක්කේ කෙසේද? දීනා ගැන සඳහන් බයිබල් වාර්තාවෙන් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද?—උත්. 34:1, 2, 7, 19.
6 නවීන දින නාට්‍යයක්: තනිකම ටාරාට බලපෑවේ කෙසේද? ලෝකයේ මිතුරන් සමඟ ඇසුරු කිරීමෙන් හානියක් වෙන්නේ නැති බවට ඇය හේතු දැක්වූයේ කෙසේද? එවැනි මිතුරන් නිසා ඇයට මුහුණ පෑමට සිදු වූ අනතුරු මොනවාද? ඇය සිටි අනතුරුදායක තත්වය තේරුම්ගන්න ඇගේ දෙමාපියන් අසමත් වූයේ ඇයි? ඒ වුණත් ඔවුන් නැවත ඇයව ආත්මිකව නඟා සිටුවන්න පටන්ගත්තේ කුමන ආකල්පයක් ඇතුවද? පුරෝගාමී සහෝදරියක් ටාරාට සැබෑ මිතුරියක් වූයේ කෙසේද? ක්‍රිස්තියානීන් හිතෝපදේශ 13:20 සහ යෙරෙමියා 17:9 සඳහන් උපදෙස් පිළිපැදිය යුත්තේ මන්ද? ටාරා ඉගෙනගත් වැදගත් පාඩම කුමක්ද?
7 අවසානය: මේ වීඩියෝ පටයෙන් ඔබ ඉගෙනගත් පාඩම් මොනවාද? අනිත් අයට උපකාර කරන්න මේ වීඩියෝ පටය ඔබට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?—ගීතා. 71:17.