හැමෝටම හොඳට හිතන්න පොලඹවන DVD එකක්
“ඒ DVD එක බැලුවට පස්සේ හැම දෙයක් ගැනම හොඳට හිතන්න ඕනෙ කියලා මට හිතුණා.”
“ඒකට නං මට ගොඩක් ආස හිතුණා!”
“මට හොඳටම ඇඬුණා!”
1 යොවුන් සිතේ ගැටලු—හොඳ මිතුරන් හොයාගන්නේ කොහොමද? කියන DVD තැටිය බැලුවාට පස්සේ ඔයාටත් හැඟුණේ එහෙමද? අවුරුදු කීපයකට කලින් යෞවන සහෝදරයෙක් එයා තෝරගෙන හිටිය යාළුවෝ නිසා කරදර ගොඩකට පැටළුණා. එයාලා නිසා සත්‍යය ගැන එයාට තිබුණ උනන්දුව ටිකෙන් ටික නැති වෙලා ගියා විතරක් නෙමෙයි යෙහෝවා දෙවිත් එක්ක එයාට තිබුණ බැඳීමත් නැති වුණා. ඒ කාලෙදිම වගේ තමයි එයාට මේ DVD තැටිය ලැබුණේ. ඒ යෞවනයා මෙහෙම ලිව්වා. “මම ඒ DVD තැටිය නැවත නැවත බැලුවා. ඒ හැම සැරේම මගේ ඇස්වලට කඳුළු ආවා. මට ඕන වෙලාවටම ඒක දීපු එක ගැන මම යෙහෝවා දෙවිට ගොඩක් ස්තුති කළා. යෞවන අය මේ කාලේ මුහුණ දෙන ප්‍රශ්න ගැන ඔයාලා හොඳට දන්නවා කියලා ඒ DVD එක බැලුවට පස්සේ මට තේරුණා.” ඊට පස්සේ එයා එයාගේ ජීවිතය වෙනස් කරලා හොඳ යාළුවෝ තෝරගත්තා. දෙමාපියෙනි, යෞවනයෙනි, ඊළඟට පවුලේ නමස්කාරය කරන දවසට ඒ DVD එක නැවත වරක් බලන්න. හැම කොටසකම අවසානයේදී DVD එක පොඩ්ඩකට නවත්තලා මේ ලිපියේ ඊළඟ ඡේදවල ඇති ප්‍රශ්න විවෘතව සහ අවංකව සාකච්ඡා කරන්න.
2 හැඳින්වීම: හොඳ යාළුවෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ටද?—හිතෝ. 18:24.
3 මිතුරන් ඇති කරගැනීමට බාධා: මිතුරන්ගෙන් කොං වෙලා කියලා හිතෙනවා නම් මොකක්ද කරන්න පුළුවන්? (ෆිලි. 2:4) පෞද්ගලිකත්වය වෙනස් කරගන්න ඕනෙ ඇයි? ඒක කරන්න ඔයාට උදව් කරන්න පුළුවන් කාටද? මිතුරන් වැඩි කරගන්න අපි මොනවාද කරන්න ඕනෙ? හොඳ මිතුරන්ව හොයාගන්න පුළුවන් කොහෙන්ද?—2 කොරි. 6:13.
4 දෙවිගේ මිතුරෙක් වීම: යෙහෝවා දෙවිව හොඳ මිතුරෙක් කරගන්න පුළුවන් කොහොමද? එහෙම කරන එක වටින්නේ ඇයි? (ගීතා. 34:8) දෙවිත් එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත් කරන්න පුළුවන් කොයි වගේ අයටද?
5 නරක මිතුරන්: නරක මිතුරන් කියන්නේ කොයි වගේ අයටද? (1 කොරි. 15:33) ඔයාව දෙවිගෙන් ඈත් කරන්න නරක මිතුරන්ට පුළුවන් කොහොමද? දීනා ගැන බයිබලයේ තියෙන දෙයින් ඔයාට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?—උත්. 34:1, 2, 7, 19.
6 නාට්‍යය: තනිකම ටාරාට බලපෑවේ කොහොමද? යෙහෝවා දෙවිට නමස්කාර නොකරන ළමයි එක්ක ආශ්‍රය කරන එකේ වරදක් නැහැ කියලා ටාරා හේතු පෙන්නුවේ කොහොමද? ටාරා බේරුණේ මොන වගේ අනතුරුවලින්ද? ටාරාගේ දෙමාපියන්ට එයාගේ තත්වය තේරුම්ගන්න බැරි වුණේ ඇයි? යෙහෝවා දෙවිත් එක්ක තිබුණ බැඳීම නැවත ශක්තිමත් කරගන්න ටාරාට පුළුවන් වුණේ දෙමාපියන් කොයි විදිහට කටයුතු කරපු නිසාද? පුරෝගාමි සහෝදරියක් ටාරාට හොඳ යාළුවෙක් වුණේ කොහොමද? අපි හිතෝපදේශ 13:20 සහ යෙරෙමියා 17:9 කියලා තියන දේ හිතට ගන්න ඕනේ ඇයි? ටාරා ඉගෙනගත්ත වටිනා පාඩම මොකක්ද?
7 අවසානය: මේ DVD එකෙන් ඔයාලා ඉගෙනගත්තේ මොනවාද? අනිත් අයට උදව් කරන්න මේ DVD එක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?—ගීතා. 71:17.