ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 5 16 පි.
  • “මෙහෙම උගන්වනවට අපි හරි ආසයි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මෙහෙම උගන්වනවට අපි හරි ආසයි”
  • 2016 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සාක්ෂියක් දෙන වීඩියෝ පට සතු බලය
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • බයිබල් පාඩම් පටන්ගන්න උදව් වෙන වීඩියෝ එකක්
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • සේවයේ දක්ෂ වීමට - වීඩියෝවලින් උගන්වන්න
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • එයාලා අනිත් අයව පහත් කරලා සලකන හැඟීම් පරාජය කළා
    2020 පිබිදෙව්!
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 5 16 පි.
දකුණු කොරියාවේ උපදේශිකාවක් පන්තියේ දරුවන්ට jw.org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ පෙන්වනවා

“මෙහෙම උගන්වනවට අපි හරි ආසයි”

පාසැල් උපදේශිකාවක් විදිහට වැඩ කරන දකුණු කොරියාවේ සූජුන්, එයාගේ පන්තියේ දරුවන්ට jw.org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ පෙන්නුවා. ඒ ගැන ඇය කිව්වේ මෙහෙමයි. “‘හොඳ යාළුවෙක් කියන්නේ කාටද?’ කියන වීඩියෝ එකට දරුවෝ හරි ආසයි. ඒක බැලුවාට පස්සේ එයාලා මෙහෙම කිව්වා. ‘හොඳ යාළුවෙක් කියන්නේ කාටද කියලා හරියටම දැනගත්තේ අදයි. මෙහෙම උගන්වනවට අපි හරි ආසයි.’ සමහර ළමයි කිව්වේ එයාලට උපදෙස් ඕන වෙන හැම වෙලාවකම මේ වෙබ් අඩවිය බලනවා කියලයි. මේ වීඩියෝ එක පාවිච්චි කරලා ළමයින්ට උගන්වන්න කියලා අනිත් උපදේශකයන්ටත් මම කිව්වා. මේ වගේ වීඩියෝ තියෙන එක හරි වටිනවා කියලා එයාලත් මට කිව්වා.”

දකුණු කොරියාවේ ඉන්න දරුවන් හුඟක් ආසාවෙන් බලපු තවත් වීඩියෝ එකක් තමයි ‘චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක. දරුවන් අතර ආරවුල් සිද්ධ වෙන එක වළක්වන්න කටයුතු කරන ආයතනයක උපදේශිකාවක් ඒ විඩියෝ එක දරුවන්ට පෙන්නුවා. ඇය කිව්වේ මෙහෙමයි. “කාටුන් චිත්‍ර පාවිච්චි කරලා මේ වීඩියෝ එක හදලා තියෙන නිසා පොඩි ළමයි ආසාවෙන් ඒක බැලුවා. හිරිහැර එද්දී කරන්න ඕනෙ මොනවාද කියලා විතරක් නෙවෙයි, හිරිහැර වළක්වගන්නේ කොහොමද කියලත් මේකෙ පෙන්නනවා.” ඒ ආයතනය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අවසරය ඇතුව ඒ වීඩියෝ එක වෙන පාසැල්වල දරුවන්ටත් පෙන්වන්න පියවර ගත්තා. ඒ විතරක් නෙවෙයි පොලිස් නිලධාරීනුත් jw.org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ අනිත් අයට පෙන්වනවා.

jw.org වෙබ් අඩවියෙන් ඕඩියෝ, වීඩියෝ ෆයිල්ස් වගේම බයිබලය සහ වෙනත් ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරගන්න හරිම ලේසියි. ඒ ඔක්කොම නොමිලේ! ඒ වෙබ් අඩවියට ගිහින් බලන්න ඔයත් කැමති නැද්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න