බයිබල් පාඩම් පටන්ගන්න උදව් වෙන වීඩියෝ එකක්
‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන කෙටි වීඩියෝ එකක් jw.org/si වෙබ් අඩවියේ තියෙනවා. ඒක හදලා තියෙන්නේ කෙනෙක්ට බයිබල් පාඩමක් කරන්න උනන්දුවක් ඇති වෙන විදිහටයි. අපේ වෙබ් අඩවියේ මුල් පිටුවේ පහළින් තියෙන “බයිබලය ගැන ඉගෙනගන්න” කියන තැන ක්ලික් කෙරුවාම ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් පත්‍රිකාවල අන්තිම පිටුවේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලත් ඒක බලන්න පුළුවන්. මේ වීඩියෝ එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම කීපයක් බලමු.
• නැවත බැලීමකට ගියාම නිවැසියාගෙන් මෙහෙම අහන්න. “ඔයාට තියෙන ප්‍රශ්නවලට බයිබලෙන් උත්තර දැනගන්න, කරන්න ඕන දේ ගැන කියන කෙටි වීඩියෝ එකක් පෙන්නන්නද?” ඔහු කැමති නම් ඔබේ ස්මාට් ෆෝන් එකෙන්, ටැබ්ලට් එකෙන් හෝ නිවැසියාගේ කොම්පියුටරයෙන් ඒක පෙන්වන්න.
• අපි අවිධිමත් ලෙස හරි, ජනයා ගැවසෙන තැන්වල හරි සාක්ෂි දරද්දී අලුත් පත්‍රිකාවක් දුන්නොත් QR කෝඩ් එක පෙන්නලා ඔහුගේ ඉලෙක්ට්‍රොනික උපාංගයෙන් ඒක ස්කෑන් කරගන්න කියලා කියන්න. එහෙම කරද්දී අපේ වෙබ් අඩවියේ හුඟක් භාෂාවලින් තියෙන ඒ වීඩියෝ එකට කෙළින්ම යන්න පුළුවන්. ඔබේ ෆෝන් එකෙනුත් ඒ වෙලාවෙම වීඩියෝ එක පෙන්වන්න පුළුවන්.
• රැකියා ස්ථානයේ හා පාසැලේ යාළුවන්ට, නෑදෑයන්ට සහ දන්න හඳුනන අයට වීඩියෝ එක ගැන කියන්නත් පෙන්වන්නත් පුළුවන්. නැත්නම් ඒක බලන්න ඒකේ ලින්ක් එක ඊ-මේල් කරන්න.
මේ වීඩියෝ එක පාවිච්චි කරලා ‘සත්‍යය පිළිගන්න කැමති’ හුඟදෙනෙක් එක්ක බයිබල් පාඩම් පටන්ගන්න පුළුවන් වෙයි.—ක්‍රියා 13:48.