යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ ශුභාරංචිය බෙදාහැරීමට සංවිධානය වී
ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කටයුතු සංවිධානය කළේ මීට අවුරුදු 100කට වැඩි කාලයකට ඉහතදීයි. රටවල් 230කට වැඩි ගණනක භාෂා සිය ගණනකින් මෙතෙක් සිදු කර ඇති දැවැන්තම දේශනා කිරීමේ කාර්යයෙහි අපි යෙදෙනවා. (මතෙ. 24:14) මෙලෙස ශුභාරංචිය දේශනා කිරීම අවශ්‍ය වන්නේ ඇයි? එය ලොව පුරාම සිදු කරන්නේ කෙසේද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට සංවිධානය වී (Jehovah’s Witnesses—Organized to Share the Good News) නමැති DVD තැටිය නැරඹීමෙන් එම ප්‍රශ්නවලට පිළිතුරුත් ලොව පුරා කෙරෙන දේශනා කිරීමේ කාර්යය ගැන තව බොහෝ තොරතුරුත් දැනගන්න පුළුවන්. ඔබ එය නරඹන විට පහත සඳහන් කාරණා ගැන සිතා බලන්න.
එය නැරඹූ පසු පහත සඳහන් දේවල් ගැන ඔබේ අගය වැඩි වුණේ කොහොමද? (1) ශුභාරංචිය දේශනා කිරීමට දෙවිගේ සංවිධානය දරන වෑයම. (2 තිමෝ. 4:2) (2) ලොව පුරා සිටින බෙතෙල් පවුල්වල සාමාජිකයන් කරන සේවය. (3) මිෂනාරිවරුන්ට හා වැඩිමහල්ලන්ට ලබා දෙන පුහුණුව. (2 තිමෝ. 2:2) (4) සෑම දවසක ආරම්භයේදීම දිනපදය සාකච්ඡා කිරීමේ හා සතියේ රැස්වීම්වලට සූදානම් වීමේ වැදගත්කම. (ක්‍රියා 17:11) (5) සියලුම රැස්වීම්වලට යෑමෙන් ලැබෙන ප්‍රයෝජන. (හෙබ්‍රෙ. 10:24, 25) (6) පාරාදීස පොළොවේදී ඔබ අද්දකින ආශීර්වාද. (යෙසා. 11:9) (7) අස්වැන්න නෙළීමේ කාර්යයේ හවුල් වීමට ලැබී තිබෙන වරප්‍රසාදය.—යොහ. 4:35.
උනන්දුව දක්වන අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා කරන කාර්යය ගැන අවබෝධයක් ලබා දීමට මෙය වටිනා උපකාරයක්. (8) මෙම DVD තැටිය අපේ බයිබල් ශිෂ්‍යයන්ට, නෑදෑයන්ට හා වෙනත් අයට පෙන්වීමට සුදුසු වන්නේ කුමන අවස්ථාවේදීද? (9) ඔවුන් එය අගය කළේ කොහොමද?
දෙවි ඉටු කරමින් සිටින කාර්යය ගැන කල්පනා කරද්දී අපටත් ගීතිකාකරුගේ මෙම වචනවලට එකඟ නොවී සිටින්න බැහැ. “යෙහෝවා මාගේ දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් අප වෙනුවෙන් කළෙහිය. ඔබ බොහෝ දේවල් අප වෙනුවෙන් සැලසුම් කළෙහිය. කිසිවෙකුව ඔබට සමාන කළ නොහැක.” (ගීතා. 40:5) ජනයා තුළ යෙහෝවා දෙවි හා ඔහුගේ සංවිධානය කෙරෙහි අගය වැඩි කිරීමට මෙම DVD තැටිය අපි හොඳින් යොදාගනිමු!