සැප්තැම්බර් 24න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 98 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 6වන පරි. 17-24 ඡේ. සහ 54වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: දානියෙල් 1–3 (විනා. 10යි)
අංක 1: දානියෙල් 2:17-30 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දේවදූතයන් කටයුතු කරන්නේ සංවිධානාත්මකවද?—රාජ්ය සේවාව 5/06 3 පි. (විනා. 5යි)
අංක 3: දෙවිගේ බලයේ ක්රියාකාරිත්වයට විරුද්ධව වැඩ කිරීමෙන් වළකින්න පුළුවන් කොහොමද?—එෆී. 4:30 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 15: යොවුන් සිතේ ගැටලු—හොඳ මිතුරන් හොයාගන්නේ කොහොමද? සබය සමඟ සාකච්ඡාවක්. ඒ DVD එක තමන්ට උදව් වුණ විදිහ ගැන කියන්න යෞවනයන් කිහිපදෙනෙක්ව කලින්ම සූදානම් කරන්න. විනාඩියක විතර හැඳින්වීමකින් පසුව, ඒ යෞවනයන්ගේ අදහස් අහන්න. යෙහෝවා දෙවිව සතුටු කිරීමට යෞවනයන් දරන වෑයමට අවසානයේදී ඔවුන්ට ප්රශංසා කරන්න.—2 තිමෝති 2:22.
විනා. 15: “යෞවනයෙනි ඔයාලා බයිබලය කියවනවාද?” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. බයිබල් කියවීමට සැලසුම් කරලා තියෙන ආකාරය ගැනත් ඒකෙන් ප්රයෝජන ලබන ආකාරය ගැනත් අදහස් දැක්වීමට යෞවනයන් එක්කෙනෙක්ව හෝ දෙදෙනෙක්ව කලින්ම සූදානම් කරන්න. සම්පූර්ණ බයිබලයම කියවීමට ඉලක්කයක් තියාගන්න සියලුම යෞවනයන්ව දිරිගන්වන්න. සේවා පාසැල් පොතේ 10වන පිටුවේ 5වන ඡේදයෙන් අදහස් ඇතුළත් කරන්න.
ගීතිකා අංක 91 සහ යාච්ඤාව