ප්‍රශ්න පෙට්ටිය
◼ ලිපි මගින් සාක්ෂි දැරීමේදී කල්පනාකාරි විය යුත්තේ මන්ද?
ලිපි මගින් සාක්ෂි දැරීම ශුභාරංචිය බෙදාගැනීමේ ඵලදායී ක්‍රමයක් බව ඔප්පු වී තිබෙන්නේ බොහෝ කලක සිටයි. කෙසේවෙතත්, මෑතකදී ලෝකයේ සිදු වූ සිද්ධීන් නිසා මිනිසුන් තමන්ට ලැබෙන නුපුරුදු ලිපි විවෘත කර බැලීමේදී හුඟාක් පරෙස්සම් වෙනවා. යවන්නාගේ ලිපිනය සඳහන් වී නොමැති හෝ නාඳුනන කෙනෙකුගෙන් ලැබෙන ලිපි බොහෝවිට සලකන්නේ සැකකටයුතු ලිපි ලෙසයි. විශේෂයෙන්ම අත් අකුරින් ලියා තිබෙන බර ලියුම් ගැන ඇති වෙන සැකය වැඩියි. ගෙවැසියන් ඒවා විවෘත නොකර විසි කර දමන්න පුළුවන්. මෙවැනි දෙයක් සිදුවීම අපට වළක්වාගන්න පුළුවන් කොහොමද?
හැකි නම් ලිපිය මෙන්ම ලියුම් කවරයද ටයිප් කරන්න. ලිපිනයේ ගෙවැසියාගේ නම සඳහන් කළ යුතුයි. නම වෙනුවට “ගෙවැසියා” කියා ලිපිනයේ සඳහන් නොකරන්න. මේ හැර යවන්නාගේ ලිපිනයද සැමවිටම ලියන්න. ඔබේ පෞද්ගලික ලිපිනය සඳහන් කිරීම නැණවත් දෙයක් නොවේ කියා ඔබට සිතෙනවා නම්, ඔබේ නම ලියා රාජ්‍ය ශාලාවේ ලිපිනය සඳහන් කරන්න. නමක් සඳහන් නොකර ලිපි යවන්න එපා. කවදාවත් ශාඛා කාර්යාලයේ ලිපිනය සඳහන් කරන්න එපා.—1996 නොවැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටිය බලන්න.
මේ ගැන තව යෝජනා හා ආදර්ශ ලිපියක් දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු නමැති පොතේ 71-3 දක්වා පිටුවල තිබෙනවා. අන් අයට ශුභාරංචිය දැනගැනීමට සැලැස්වීම සඳහා ලිපි බලපෑමෙන් යුක්තව යොදාගැනීමට මෙම පොතේ සඳහන් මඟ පෙන්වීම් උපකාරවත් වේවි.