යෙහෝවාගේ ප්‍රේමය අගය කිරීමෙන් ලැබෙන ආශීර්වාද—2වන කොටස
1 මේ විෂය ගැන පසුගිය මාසයේ අප කතා කරද්දී, යෙහෝවාගේ ප්‍රේමය අපි අගය කරන බව දේවසේවය තුළදී පෙන්විය හැකි ක්‍රම හතරක් ගැන අප කැපී පෙනෙන්නට සැලැස්වීය. (1 යොහ. 4:9-11) මෙහිලා අපි තවත් ක්‍රම පහක් එකතු කරන්නෙමු. වෙනත් අයට ආත්මිකව උපකාර කිරීම සඳහා පූර්ණ වෑයමක් දරන විට අපි ආශීර්වාද භුක්ති විඳිමු.
2 අවිධිමත් සාක්ෂි දැරීම: ධර්මිෂ්ඨකම කෙරෙහි කුසගින්නක් හා පිපාසයක් ඇති ජනයාව සොයා ඔවුන්හට උපකාරවත් වන පොත් පත් බෙදාහැරීමේ ප්‍රබල ක්රමයකි මෙය. ‘කාලය කෙසේ හෝ මිල දී ගෙන,’ අපට හමු වන ඕනෑම කෙනෙකුට සාක්ෂි දැරීම හොඳය. (එපී. 5:16, NW) මේ අන්දමින් සාක්ෂි දැරීම සඳහා අපට යම් වීර්යයක් දැරීමට සිදුවීමට පුළුවන. නමුත් අප දෙවිගේ ප්‍රේමය අගය කරමින් මිනිසුන්ගේ අවශ්‍යතා තේරුම්ගන්නවා නම්, සෑම ප්රස්තාවකදීම සාක්ෂි දරන්නෙමු.—2 තිමෝ. 1:7, 8.
3 එක් මිෂනාරියෙක් ටැක්සි රථයකින් ගමන් කරන විට තමා සමඟ ගමන් කළ මඟියෙකු සමඟ සංවාදයක් ආරම්භ කිරීමෙන් මහත් ඵල විපාක ලැබීය. එම මිනිසා උනන්දුවක් දැක්වූවේය. නැවත බැලීම් කිරීමෙන් අනතුරුව බයිබල් පාඩමක් පටන් ගැනිණි. ඔහු සත්‍යයට පැමිණි අතර, සභා වැඩිමහල්ලෙකු බවට පත් වන තත්වයට වර්ධනය විණි!
4 ලිපි ලිවීම: සමහරවිට යම් කායික දුබලතා නිසා හෝ කටුක කාලගුණයක් නිසා අපට ගෙයින් ගෙන යෑමට නොහැකි විය හැකියි. එසේ නම්, අප අඳුනන පුද්ගලයන්ට, මරණය හේතුවෙන් තම ප්‍රේමනීයයන් අහිමි වී සිටින අයට හෝ ක්ෂේත්‍ර සේවයේ යෑමේදී නිවෙස්වල නොසිටි අයට ලිපි මගින් කෙටි සාක්ෂියක් දැරීමට අපට හැකියි. මෙහිදී අපට කළ හැකි දෙයක් නම්, බයිබලය මත පදනම් සිත් ඇදගන්නා පණිවුඩයක් සහ පාඨකයාට ප්‍රශ්නයක් ඇත්නම් ප්‍රතිචාරයක් දක්වන මෙන් ආරාධනා කරන අපගේ කාලීන පත්‍රිකාවක් එම ලිපිය තුළ බහාලීමයි. මෙහිදී ඔබගේ පෞද්ගලික ලිපිනය හෝ රාජ්‍ය ශාලාවේ ලිපිනය සඳහන් කරන්න. කරුණාකර ශාඛා කාර්යාලයේ ලිපිනය සඳහන් කරන්නට එපා.
5 දුරකථනයෙන් සාක්ෂි දැරීම: මෙය අපට ගෙයින් ගෙට ගොස් හමුවීමට බැරි අය වෙතළඟාවීම සඳහා යොදාගත හැකි කදිම ක්රමයකි. අප එය ඉතා කල්පනාවෙන්, කරුණාවෙන්, උපායශීලීව සහ දක්ෂ අන්දමින් කරනවා නම්, ඉතා හොඳ ප්‍රතිචාරයක් ලබනවා ඇති. වර්ෂ 2001 පෙබරවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 5වන පිටුවෙහි, හොඳම ප්‍රතිඵල නෙළාගන්නා අන්දම ගැන ප්‍රායෝගික යෝජනා සපයයි.
6 එක් සහෝදරියක් දුරකථනයකින් එක්තරා ස්ත්‍රියකට සාක්ෂි දරමින් සිටින විට, තමා සහ තමාගේ පවුලේ අයගේ අනාගතය කුමක් වේවිද කියා ගැඹුරින් සිතා බලා තිබෙනවාදැයි ඇය එම ස්ත්‍රියගෙන් ඇසුවාය. තමා එසේ සිතා බලා ඇති බව ස්ත්‍රිය කීවාය. කිසිදු බලාපොරොත්තුවක් නැතිව කලකිරී සිටින ඇය නිවස ඇතුලටම වී සිටින බව පැවසුවාය. සහෝදරිය දැක්වූ අවංක සැලකිල්ල නිසා මෙම ස්ත්‍රිය, වෙළඳපොළක් අසලදී සහෝදරියව හමුවීමට එකඟ වූවාය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම ස්ත්‍රිය සැණෙකින් බයිබල් පාඩමක් පටන්ගත්තාය!
7 අමුත්තන්ව පිළිගැනීම: අප අපේ අසල්වාසීන්ට ප්‍රේම කරනවා නම්, රැස්වීම් ස්ථානවලට පැමිණෙන ඕනෑම අමුත්තෙකු ගැන සැලකිලිමත් වෙමින් ඔහුව සාදරයෙන් පිළිගැනීමට අපි උත්සුක වන්නෙමු. (රෝම 15:7) තමන් සිටින්නේ තමාගේ ආත්මික සුභසාධනය ගැන අවංකව උනන්දු වන අය අතර බව ඔහුට දැනෙන්න සලස්වන්න. අපි ඔහු ගැන අවංකව සැලකිලිමත් වෙනවා නම් හා අප ඔහු සමඟ පෞද්ගලික බයිබල් පාඩමක් කරන්නට කැමතියි කියා පවසනවා නම් අපගේ උපකාරය ලැබීමට ඔහු පෙලඹිය හැකියි.
8 අපගේ යහපත් හැසිරීම: අපගේ යහපත් හැසිරීම මගින්, අපි සත්‍යය අලංකාර කරමු. (තීත. 2:9, 10) ලෝකයේ සිටින අය, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අප ගැන හොඳ කියනවා නම්, එය අපගේ දෙවිට ගෞරවය ගෙන දෙනවා ඇත. (1 පේතෘ. 2:12) මෙයද ජීවන මාර්ගයට පැමිණීමට වෙනත් අයට හොඳ හේතුවක් වේවි.
9 අප සඳහා වූ යෙහෝවාගේ ඉමහත් ප්‍රේමය කෙරෙහි අගය පෙන්වීමට මෙම ක්‍රම පහ ගැන සලකා බලා ඒවා ක්‍රියාවට නැංවීමට උත්සාහ දරමු. (1 යොහ. 4:16) එසේ කරන විට ඔබ බොහෝ ආශීර්වාද ලබනවා නිසැකයි.