දුරකථනයෙන් සාර්ථකව සාක්ෂි දැරීම
1 යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට අපේ පරමාර්ථය වන්නේ ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වීම පමණක් නොව, නමුත් රාජ්‍ය පණිවිඩය සමඟින් හැකි සෑම කෙනෙකු වෙතම ළඟාවීමයි. (ක්‍රියා 10:42; 20:24) අපි මිනිසුන්ව හමුවීම සඳහා යොදාගන්න ප්‍රධානම ක්‍රමය ගෙයින් ගෙට සේවයයි. ඒ වුණත්, මෙම විධිමත් ක්‍රමය මගින් පමණක් අපට සෑම කෙනෙකුවම හමුවීමට නොහැකි බව අපි දන්නවා. එනිසා ‘අපේ සේවය සම්පූර්ණ කිරීම’ සඳහා අපි විවිධ ක්‍රම භාවිත කරනවා. (2 තිමෝ. 4:5) බැටළු ගුණැති අයව සෙවීම සඳහා ප්‍රායෝගික අවස්ථාවලදී දුරකථනයෙන් සාක්ෂි දැරීම මෙවැනි එක් ක්‍රමයක්.
2 සාර්ථක වීම සඳහා යෝජනා: යේසුස් ඔහුගේ ගෝලයන්ව දේශනා සේවය සඳහා පිටත් කරහැරියේ ‘දෙදෙනා බැගිනුයි.’ (ලූක් 10:1) ඔහු එසේ කළේ ඇයි? දෙදෙනෙක් සේවයේ හවුල් වන විට දෙදෙනාටම එකිනෙකාගෙන් ඉගෙනගැනීමට හා එකිනෙකාව දිරිගැන්වීමට හැකි බව යේසුස් දැන සිටියා. දුරකථනයෙන් සාක්ෂි දරන විටද එය සත්‍යයක් වෙනවා. තවත් කෙනෙකුව හවුල් කරවාගනිමින් මේ ක්‍රමයට සාක්ෂි දරන විට, අනිත් කෙනාගෙන් යම් දේවල් ඉගෙනගන්නත් ඔබ ලැබූ ප්‍රතිඵල ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. ඒ වගේම ඊළඟ ඇමතුම සඳහා දෙදෙනාටම යෝජනා ඉදිරිපත් කරන්නත් පුළුවන්. දුරකථනයෙන් කතා කරමින් සිටින විට පවා අවශ්‍ය තොරතුරු සැපයීමෙන් අනිත් කෙනාට උපකාර කරන්න ඔබට පුළුවන්.
3 පැහැදිලිව සිතීමට හා අවධානය හොඳින් යොමු කිරීමට හැකි තැනක වාඩි වී, සාක්ෂි දැරීමට අවශ්‍ය කරන දේවල් වන බයිබලය, ඕනෑ කරන්නේ විවරණිකාව, සඟරා හා වෙනත් දේවල් ඔබ ඉදිරිපිට තබාගන්න. සාක්ෂි දැරීම කළ හැකි ආකාර කිහිපයක් ලියාගෙන, ඒවා ඔබට පෙනෙන තැනක තබාගන්න. උණුසුම් හැඟීමෙන් යුතුව මිත්‍රශීලී ලෙස කතා කරන්න. උපායශීලී වන්න. ඔබ මොන වගේ කෙනෙක්ද කියා හඳුනාගැනීමට ඇමතුම ලබන්නාට තිබෙන එකම ක්‍රමය ඔබේ කටහඬයි. කලබල නොවී ඔබේ හදවතින්ම කතා කරන්න. ඇමතුම ලබන්නාට ඇසෙන ආකාරයට ප්‍රමාණවත් හඬකින් පැහැදිලිව කතා කරන්න. ගෙවැසියාටද කතා කිරීමට අවස්ථාව දෙන්න. ඔබේ සම්පූර්ණ නම පවසන්න. ඔබ පදිංචි වී සිටින ස්ථානයද සඳහන් කරන්න.
4 යෝජිත ඉදිරිපත් කිරීම්: ඔබට මෙහෙම කියන්න පුළුවන්. “මට ඔයාව පුද්ගලිකව මුණගැහෙන්න බැරි හින්දා දුරකථනයෙන් කතා කරන්න හිතුණා. මම ඔයාට කතා කරන්නේ ඔයත් උනන්දු වෙයි කියල හිතන ප්‍රශ්නයක් ගැන ඔයාගේ අදහස් දැනගන්නයි.” ප්රශ්නය ඉදිරිපත් කරන්න. සාකච්ඡාව අවසන් කරන අවස්ථාවට පැමිණෙන විට, අමතන තැනැත්තාව පෞද්ගලිකව හමුවීම සඳහා හෝ තැපෑලෙන් ප්රකාශනයක් ලබා දීම සඳහා කැමැත්ත ලබාගැනීමට ඔබට පැවසිය හැකි යමක් සිතේ තබාගන්න. ඔහුගේ හෝ ඇයගේ ලිපිනය දෙන්න ඔබ අමතන තැනැත්තා එතරම් කැමැත්තක් නැත්නම්, නැවත අමතන්නද කියා අසන්න.
5 දුරකථනය මගින් කෙළින්ම බයිබල් පාඩමක් ඉදිරිපත් කිරීමෙන් හොඳ ප්‍රතිඵල අත් කරගෙන තිබෙනවා. පාඩම කරන ආකාරය මිනිත්තු කිහිපයකින් පැහැදිලි කර දෙන්න පුළුවන්. එම තැනැත්තාගේ නිවසට පැමිණ බයිබලය පාඩම් කරන්න ඔබ කැමැත්තෙන් සිටින බව පවසන්න. ඔබ අමතන තැනැත්තා එයට කැමති නැත්නම්, තවත් දවසක දුරකථනයෙන් පාඩම දිගටම කරගෙන යන්න කැමතිද කියා අසන්න.
6 අසනීප වීම නිසා ඇඳට වී සිටින අයට හෝ අබල දුබල වී සිටින්නන්ට එඬේර බැහැදැකීම් කරන්න යන විට දුරකථනයෙන් සාක්ෂි දැරීම සඳහා ඔවුන්ව දිරිගන්වන්න වැඩිමහල්ලන්ට පුළුවන්. අසනීපයෙන් සිටින ප්‍රචාරකයා ඉදිරිපිට දුරකථනයෙන් සාක්ෂි දැරීම් කිහිපයක් කරන්න වැඩිමහල්ලෙකුට හැකියි. ඊට පසුව ප්රචාරකයාටත් පුළුවන් දුරකථනය පාවිච්චි කරමින් සාක්ෂි දරන්න.
7 අපේ බලප්‍රදේශයේ සිටින සෑම කෙනෙකුටම සාක්ෂි දැරීමට අප තුළ ආශාවක් තිබෙනවාද? එසේනම්, අපි හදිසිතාවේ හැඟීමෙන් යුතුව අපේ සේවය සම්පූර්ණ කිරීමට වෑයම් කරමු.—රෝම 10:13, 14.