ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/03 1 පි.
  • සුදුස්සන්ව සොයාගැනීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සුදුස්සන්ව සොයාගැනීම
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • දුරකථනය සාක්ෂි දැරීමට සාර්ථක ක්‍රමයක්
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • දුරකථනයෙන් සාර්ථකව සාක්ෂි දැරීම
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • පෞද්ගලිකව සේවය කරන්න ප්‍රදේශයක්
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • ව්‍යාපාරික ස්ථානවල දේශනා කරන අන්දම
    2004 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2003 අපගේ රාජ්‍ය සේවාව
km 12/03 1 පි.

සුදුස්සන්ව සොයාගැනීම

1 දේශනා කිරීමේ කාර්යය කරගෙන යෑම සම්බන්ධයෙන් යේසුස් දුන් උපදෙස් අනුගමනය කිරීම අපට පහසු දෙයක් නොවිය හැකියි. ඔහු මෙසේ පැවසුවේය. “ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුල් වූ කල, එහි සුදුස්සන්ව සොයාගන්න.” (මතෙ. 10:11, NW) මේ කාලයේ මිනිසුන් නිවෙස්වල ගත කරන කාලය එන්න එන්නම අඩු වෙන නිසා සුදුස්සන්ව සෙවීම හොඳින් කරගෙන යෑමට අපට හැක්කේ කෙසේද?

2 ඔබේ බලප්‍රදේශයේ තත්වය පරීක්ෂා කර බලන්න: මුලින්ම ඔබේ බලප්‍රදේශයේ පවතින තත්වය පරීක්ෂා කර බලන්න. මිනිසුන් වැඩියෙන්ම නිවසේ සිටින්නේ කුමන වේලාවන්වලද? දහවල් කාලයේදී ඔවුන්ව සොයාගත හැක්කේ කොහේදීද? අප සමඟ කතා කිරීමට ඔවුන්ට වැඩි වේලාවක් තිබෙන්නේ සතියේ කුමන දවසේද? නැත්නම් කුමන වේලාවේදීද? ඔබේ බලප්‍රදේශයේ සිටින ජනයාගේ තත්වයන්ට අනුව ඔබේ දේවසේවය සකස් කරගැනීමෙන් හොඳ ප්‍රතිඵල අත් කරගන්න ඔබට හැකියි.—1 කොරි. 9:23, 26.

3 බොහෝ ප්‍රචාරකයන් සන්ධ්‍යා කාලයේ දේශනා සේවයේ හවුල් වීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබේ. සමහර ගෙවැසියෝ සන්ධ්‍යා කාලයේ විවේකීව සිටින අතර සවන් දීමටද කැමැත්තක් දක්වති. රාත්‍රි කාලයේදී දුරකථනයෙන් සාක්ෂි දැරීමෙන් හොඳ ප්‍රතිඵල අත් විය හැකියි. ජනයා වෙතට ශුභාරංචිය ගෙන යා හැකි තවත් මාර්ග වන්නේ ව්‍යාපාරික හා පොදු ස්ථානවල සාක්ෂි දැරීමයි.

4 විශේෂ ක්‍රියාකාරකම් සහිත මාසයකදී එක් සභාවක් සෙනසුරාදා හා ඉරිදා දහවල් කාලයේද බදාදා හා සිකුරාදා සන්ධ්‍යා කාලයේද සාක්ෂි දැරීමට කටයුතු පිළියෙළ කළේය. ඔවුහු දුරකථනයෙන් සාක්ෂි දැරීමටත් ව්‍යාපාරික ස්ථානවල සේවය කිරීමටත් කටයුතු සංවිධානය කළහ. මෙම සැලසුම් මගින් දේවසේවය සඳහා මොන තරම් උද්‍යෝගයක් එම සභාවේ සිටින අය තුළ ඇති කළාද කියනවා නම්, එය දිගටම ක්‍රියාත්මක කිරීමට ඔවුහු තීරණය කළහ.

5 කඩිසරව නැවත බැලීම් කරන්න: ඔබේ බලප්‍රදේශයේ ඔබ නැවත බැලීම්වලට යන විට ජනයාව නිවෙස්වලදී හමුවීම අමාරු නම්, සෑම නැවත බැලීමකම අවසානයේදී ගෙවැසියා සමඟ නිශ්චිත වේලාවක් නියම කරගැනීමට උත්සාහ කරන්න. මුල් හමුවීමේදී වුවත් මෙසේ කරන්න. නියම කරගත් වේලාවට නොවරදවාම යන්න. (මතෙ. 5:37) ගෙවැසියාගේ දුරකථන අංකය ඉල්ලා සිටීම සුදුසුයි කියා ඔබට හැඟේ නම්, එය ඉල්ලාගන්න. ඒ තැනැත්තා සමඟ නැවත කතා කිරීමට එය උපකාරවත් විය හැකියි.

6 සුදුස්සන්ව සෙවීමටත් අපට හමු වන උනන්දුව දක්වන අයගේ උනන්දුව තව තවත් වැඩි කිරීමටත් අප කඩිසර ලෙස දරන වෑයම්වලට යෙහෝවාගේ ආශීර්වාද ලැබෙනවා නිසැකයි.—හිතෝ. 21:5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න